වෙන්ට හිට්ලර් ටිරාන් අලස් කල්ලිය හර්ෂද සිල්වාට මර්ණීය තර්ජන කරලා

 


කටුනායක ගුවන් තොටුපොළෙහි ඇතිවූ වීසා ප්‍රශ්ණය පිළිබඳව විමර්ශනය කරන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වාට මරණීය තර්ජන එල්ල වී ඇති බව අනාවරණය වේ

අද දින (6)පැවති පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක්  හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා අනාවරණය කරන ලද්දේ කටුනායක වීසා ලබා දීම පිළිබඳව සිදු කෙරෙන විමර්ශන වලදී තම ජීවිතය ගැන පවා බියක් ඇති වී බවය.කටුනායක වීසා ගැටළුව සම්බන්ධයෙන් විමසීමට නීතිය හා සාමය බාර අමාත්‍යංශ ලේකම් වරයා කැඳවූ නමුත් ඔහු ඒ සඳහා නොපමිණි බවද ඉන් මුදල් කාරක සභාවේ සභාපතිවරයා ලෙස තමාගේ,වරප්‍රසාද කඩ වී ඇති බවද හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිඳු කළ ප්‍රකාශයෙන් තහවුරු වන්නේ නීතිය හා සාමය අමාත්‍යංශයේ ඇමති ටිරාන් අලස් හා එහි ලේකම් වියානා ගුණතිලක මෙරට ව්‍යවස්ථාපිත නීතිය තඹ දොයිතුවකට මායම් නොකරන වගය.ටිරාන් අලස් ඇමතිවරයා මහජන රැස්වීම් වලදී ප්‍රසිද්ධියේම තමන් හා පොලිස්පතිවරයා ක්‍රියා කරන්නේ මෙරට පවතින නීතියට යටත්ව නොවන බවට ඇඟවෙන ආකාරයට ප්‍රකාශ ගණනාවක් කර තිබේ.

කටුනායක වීසා ගණුදෙනුව ටිරාන් අලස් ඇමතිවරයා ගේ වංචනික ව්‍යාපාරික ගණුදෙනුවක් බවට තොරතුරු මේ වන විට අනාවරණය වෙමින් පවතී.මෙම වංචනික ගණුදෙනුව මෙරට සිදුවූ බැදුම්කාර වංචාවට වඩා බරපතල වංචාවක් බව රාවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මෙරට පවතින නීතිය බුල්ඩෝසර් කර ගෙන යමින් කටයුතු කරන ටිරාන් අලස් ඇමතිවරයා නටන "වෙන්ට හිට්ලර්" නාඩගම පිටුපස ඉතා බරපතල මුල්‍යමය වංචා හා දූෂිත  ගණුදෙනු සිදුවෙම්න් තිබෙන බවට 
පාර්ලිමේන්තුවේ ⁣බොහෝ මැති ඇමතිවරු පවා දැනුවත්ය.සමගි ජන බලවේගයේ අධ්‍යාත්මික උපදේශකයා ලෙස කටයුතු කරන ලක්ෂ්මන් ෆොන්සේකා නැමති ව්‍යාපාරිකයා පවා ටිරාන් අලස් ඇමතිවරයාගේ කාර්යාලයේ නිරන්තරයෙන් ගැවසෙන බවටද තොරතුරු හෙළිවී තිබේ.    

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්