මාලිමාවේ පොලිස් විශ්‍රාමික සමූහය⁣ට රැස් වූ පිරිස දැක ටිරාන් ⁣⁣හා දේශබන්දු ජෝඩුවට තරු පෙනිලා

 


 ජාතික ජන බලවේගය සංවිධානය කළ පොලිස් විශ්‍රාමික සමූහයේ මංඟල රැස්වීම අද දින (08) මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේ ඇරඹීමත් සමගම ඒ සඳහා වූ විශ්‍රාමික පොලිස් නිළධාරීන් ගේ සහභාගිත්වය පිළිබඳව ඇමති ටිරාන් අලස් හා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැඩි කලබලයට පත් වී ඇති බව එස්අයිඑස් බුද්ධි සේවා⁣ව වෙතින් අප හට දන්වා තිබේ.


පොලීසියේ විශ්‍රාමිකයන් මෙතරම් පිරිසක් ජා.ජ.බ.ය වෙත එක් නොවන බවට ටිරාන් හා දේශබන්දු ජෝඩුවගේ වාර්තා අනුව ආණ්ඩුව ගණන් හදා ගෙන සිටි බවත් නමුත් අද දින මේ සඳහා සහභාගි වූ  පිරිස ආණ්ඩුව වෙත ලබා දී තිබූ එම වාර්තා වල සඳහන් ගණනට වඩා සංඛ්‍යාත්මකව අති විශාල බවද අනාවරණය වේ.

පොලිස් විශ්‍රාමිකයන් බොහෝ දෙදෙනෙකු ගේ දරුවන් පොලිස් සේවා⁣වේ විවිධ තරාතිරම් වල සේවයේ නිරතව සිටින බැවින් ඔවුන් යොදවා ගනිමින් සිය දෙමාපිය විශ්‍රාමික පොලිස් නිළධාරීන් වෙත ඉදිරියේදී බලපෑම් කරවීමට වැඩ පිළිවෙලක් වහා සකස් කිරීමට  ටිරාන් අලස් පොලිස්පති දේශබන්දු හා ⁣නීතිය හා සාමය අමාත්‍යංශයේ වියානා ගුණතිලක යන අයවළුන් අද දින සාකච්ඡා කර ඇති බවද අප හට ලැබුණ එස්අයිඑස් තොරතුරු වල දැක්වේ.එහිදී ජා.ජ. බ.යේ පොලිස් විශ්‍රාමිකයේ ප්‍රබලයන්ගේ දරුවන් පොලිස් සේවාවේ නිරතව සිටී නම් ඔවුන් මානසික හිංසනයට හා ස්ථාන මාරුවීම් වැනි විවිධ ආකාරයේ දඬුවම් වලට ලක් කර යුතු බවද මෙම සාකච්ඡාවේදී තීරණය කර ඇති බවද එම තොරතුරු වල වැඩිදුරටත් සඳහන්ය.

සක්‍රීය පොලිස් සේවාවේ නිරතව සිටිමින් පොලිස් නිල නිවාස වල ජීවත්වන පොලිස් නිළධාරීන්ගේ හා නිළධාරිණියන්ගේ ⁣පියා හෝ මව පොලිස් විශ්‍රාමිකයකු ලෙස ජා.ජ.බ.යේ පොලිස් විශ්‍රාමික සමූහයට එක් වී ඇත් නම් එවැන්නන් නිල නිවාස වලින් වහා ඉවත් කළ යුතු බවටද ඒ සදහා වූ වගකීම නීතිය හා සාමය බාර අමාත්‍යංශ ලේකම් වියානා ගුණතිලක හට බාර දී ඇති බවද වාර්තා වේ.පොලිස්පතිවරයා විසින් මෙවැනි ක්‍රියාවකට මැදිහත් වුව හොත් බරපතල ප්‍රශ්ණ මතුවිය හැකියැයි යන සැකය මත එම වගකීම ⁣⁣අමාත්‍යංශ ලේකම්වරයාට පවරා ඇති බවද  වැඩිදුරටත් වාර්තා වේ.

ජා.ජ.බ.යේ පොලිස් විශ්‍රාමික සමූහයට සම්බන්ධව සිටින පොලිස් විශ්‍රාමිකයන් සක්‍රීය සේවයේ නිරතව සිටියදී සිදු කරන ලද වැරදි පිළිබඳවද සොයා බැලීමට පොලිස්පති දේශබන්දු විසින් ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් වෙත උපදෙස් දී ඇති බවද පැවසේ.මේ වන විට සමගි ජන බලවේගය⁣ට සම්බන්ධව සිටින විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යොදවා ගනිමින් ජා.ජ.බ.යේ පොලිස් විශ්‍රාමිකයේ ප්‍රධානීන්ට එරෙහිව මඩ ප්‍රචාරයක් දියත් කිරීමට සමගි ජන බලවේගයේ නායකයන් සමග ටිරාන් අලස් ඇමතිවරයා සාකච්ඡා කර ඇති බවද දැන ගැන්මට තිබේ.විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යනු පොලිස් සේවාවේ නිරතව සිටියදී පොලිස් පරීක්ෂකවරයකු වූ ඩග්ලස් නිමල් පාතාල ක්‍රියාකාරිකයන් ලවා මරා දැමීමේ සිද්ධියට සෘජුවම සම්බන්ධ වූ අයෙකි.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්