විශේෂ කාර්ය බලකායේ මිනීමරුවෙක් අත් අඩංගුවට ගැනීමට බලපිටිය මහේස්ත්‍රාත් නියෝග කරයි
- Get link
- X
- Other Apps
- අහුංගල්ල රූ හෝටලය අසලදී 2022 ඔක්තෝම්බර් මස 12 වන දින පුද්ගලයකු ඝාතනය කරන ලදැයි පැවසෙන සිදුවීමකට විශේෂ කාර්ය බලකාය මගින් අත් අඩංගුවට ගන්නා ලද කටුවන ගම්චාරිගේ මහේෂ් ප්‍රභාත් නම් 31 හැවිරිදි තැනැත්තකුගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට බලපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී .ජානක විසින් පසුගියදා තීන්දු කරන ලදී.එම මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නැමැත්තා අත් අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයට මෙහිදී විනිසුරුවරයා වැඩිදුරටත් නියෝගකරන ලදී.මෙලෙස ඝාතනය කරන ලද මහෙෂ් ප්‍රභාත් බලපිටිය බණ්ඩාරවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ ආයුද පෙන්වීමට ගෙන ගිය බවත් එහිදී ඔහු සඟවා තිබූ ගිණි අවියක් ගෙන විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී ආත්මාරක්ෂාව සඳහා තමන්ද වෙඩි තැබූ බව විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා තිබුණි.කෙසේ වෙතත් එසේ ඝාතනය වූ සැකකරුගේ ශරීරයේ තිබූ වෙඩි ප්‍රහාර වලින් සිදුවූ තුවාල සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිළධාරියා දුන් සාක්ෂි හා වෛද්‍ය වාර්තා අනුව මෙම වෙඩි තැබීම ආත්මාරක්ෂාව සඳහා සිදු කරන ලද වෙඩි තැබීමක් නොව හිතාමතාම සැළසුම් සහගතව සිදු කරන මනුෂ්‍ය ඝාතනයක් බවට විනිසුරුවරයා විනිශ්චය කර තිබේ.මහේෂ් ප්‍රභාත් ගේ ඝාතනය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු විශේෂ කාර්ය බලකාය විසින් මාධ්‍ය වෙත ලබා දී ඇති බවත් අහුංගල්ල රූ හෝටලය ආසන්නයේ සිඳු කරන ලද මනුෂ්‍ය ඝාතනයේ සැබෑ සැකකරු පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද බවත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දෙන ලදී.විශේෂ කාර්ය බලකායේ අත් අඩංගුවේදී මරා දමන ලද මහේෂ් ප්‍රභාත් ගේ ඝාතනය සම්බන්ධයෙන් බලපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇති පොලිස් පරක්ෂක කොළඹගේ නැමැත්තා කොස්ගොඩ සුජී නම් පාතාල ක්‍රියාකාරියාගේ සමීපමයන් සමග සමීප ඇසුරක් පවත්වාගෙන යමින් ඔවුන් හා මත් පැන් සාද පැවැත්වූ බවට ලංකා දවස වාර්තා බොහෝ අවස්ථාවලදී වාර්තා කර තිබේ.මෙම පොලිස් පරීක්ෂකවරයා කොස්ගොඩ සුජීට එරෙහිව පාතාල ක්‍රියාකාරිකයන් කොන්ත්‍රාත් ක්‍රමයට මරා දැමීම සිඳු කළ බවටද ලංකා දවසට තොරතුරු ලැබී තිබුණි.නියෝජ්‍ය අමාත්‍ය චානක ගේ මාමණ්ඩිය ගාල්ල ප්‍රදේශයේදී ඝාතනය කිරීමද කොස්ගොඩ සුජීවගෙ උපදෙස් පරිදිි පොලිස් පරීක්ෂක කොළඹගේ ඇතුළු විශේෂ කාර්ය බලකායේ කණ්ඩායමක් විසින් සිදු කරන ලද්දක් බවද ලංකා දවසට තොරතුරු ලැබී තිබෙි.මහේෂ් ප්‍රභාත් නම් සැකකරු බලපිටියේදී ඝාතනය කරන ලද බවට විශේෂ කාර්ය බලකාය විසින් ප්‍රකාශ කෙරුවෙද ඔහු ඝාතනය කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ ඉතා සාහසික අයුරින් පහරදීමෙන් බවද පසුව එම මෘත දේහය බලපිටිය බණ්ඩාරවත්තප්රදේශයට ගෙන විත් දමා වෙඩි තබා ඇති බවද අනාවරණය විය.එසේම මහේෂ් ප්‍රභාත් ගේ ඝාතනය අත් වැරදීමකින් සිදු වූ බවට විශේෂ කාර්ය බලකායේ ඡ්‍යෙෂ්ඨයකු ඔහු ගේ බිරිඳට පැවසූ බවටද සාක්ෂි තිබේ.මහේෂ් ප්‍රභාත් වෙනත් ස්ථානයකදී ඝාතනය කර බලපිටිය ප්‍රදේශයට රැගෙන විත් ගෙන දැමූ දිනවල බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නිරතව සිටි මහේස්ත්‍රාත්වරයා ස්ථාන මාරුවී මේ වන විට නව මහේස්ත්‍රාත්වරයකු පත් වී සිටීම මෙම සාහසික මනුෂ්‍ය ඝාතනයට සාධාරණය ඉටු වීමට හේතු වූ බවද ලංකාදවසට නිරීක්ෂණය වේ.විශේෂ කාර්ය බලකාය හා පොලීසිය බොහෝ අවස්ථා වලදී අඩංගුවට ගන්නා සැක කරුවන් මරා දමන අධිකරණ බල ප්‍රදේශවල ඒ අවස්ථාවේ සේවයේ සිටින විනිසුරුවරුන් ගේ එකඟ තාව හා දැනුවත් වීම මත වීම එයට හේතුවයි.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment