අම්බලන්ගොඩ ධම්මික නිරෝෂණ ඝාතනයේ ඇත්ත කතන්දරය මෙන්න

 


පසුගියදා සිදු වූ වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ගේ ඝාතන කම්පන ධාරා තුනී වන්නටත් පෙර තවත් ආන්දොා්ලනාත්මක සිදු වීමක් වූයේ අම්බලන්ගොඩ ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තා ඝාතනයයි.මේ ධම්මික නිරෝෂණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකි.පසු කාලයකදී මොහු කොස්ගොඩ සුජී පාර්ශවයට සම්බන්ධව විවිධ ආකාරයේ පාතාල ක්‍රියාකාරකම් වල නිරතව සිට ඇති බව අනාවරණය වේ.


අම්බලන්ගොඩ රන්දොඹේ පොලී විකුම් නැමැත්තාට ධර්මාශෝකය අසලදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ පාතාල ක්‍රියාකාරීන් දෙදෙනාට නවාතැන් පහසුකම් සලසා පොලී විකුම් ගේ ගමන් බිමන් පිළිබඳව සියළු තොරතුරු සපයා ඇත්තේ ධම්මික නිරෝෂන් බව පැවසේ.එම ඝාතන ප්‍රයත්නයේදී තුවාල ලැබූ  පොලී විකුම් සුව වීමෙන් පසුව  ඩුබායි රාජ්‍යයට ගොස් ඇති බව රහස් ඔත්තු සේවා පවසයි.පොලී විකුම්ගේ සොහොයුරන් දෙදෙනා වන පැතුම් හා සිතුම් අම්බලන්ගොඩ පදිංචිව සිටී.ධම්මික ⁣නිරෝෂන්ගේ ඝාතනය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ සැකය මේ වන විට එල්ල වී ඇත්තේ මේ සොහොයුරන් දෙදෙනා වෙතය.

ධම්මික නිරෝෂන් ගේ හිමිකාරිත්වය යටතේ,අම්බලන්ගොඩ මුුුහුදු තීරයේ පිහිටා තිබූ සංචාරක නිකේතනයක් පසුගියදා අලෙවි කර ඇත්තේ කෝටි හයකට මුදලකට බව අනාවරණය වේ.
එම සංචාරක නිකේතනය අලෙවි කරන ලද්දේ පොලී විකුම් ඝාතනයට ගත් ප්‍රයත්නයට පසුවය.පොලී විකුම් ඝාතනය කිරීමට ගත් උත්සාහය වැරදී යාමත් සමගම ධම්මික නිරෝෂණ ඩුබායි රාජ්‍යයට පලා ගියේය.ඒ තනිවම නොවේ.ඔහු සමග අම්බලන්ගොඩ මනෝජ්,කොට සැන්ටා හා පොන්සි දසුන් සමගය.මොවුන් සියලුම දෙනා ඩුබායි රාජ්‍යයේ  එකම නවාතැන් පොළක රැදී සිටිය බවට ⁣බුද්ධි තොරතුරු ලැබී තිබුණි.⁣පසුව මනෝජ් නැමැත්තා ඉන් ඉවත්ව සිය සොයුරියගේ නිවසට ගොස් තිබේ.එම බුද්ධි තොරතුරු මෙරට බුද්ධි අංශ වෙත ලබා දී තිබුනේ පොලී විකුම් ඝාතනය කිරීමට උත්සාහ කරන ලදැයි චෝදනා ලද දසන් මානවඩු නැමැත්තා වීම විශේෂයකි.එහිදී දසන් මානවඩු ලවා පොන්සි දසුන් මෙරට බුද්ධි අංශයේ මේජර් වරයකු පවා ඝාතනය කිරීමට පොළඹවා ගැනීමට උත්සාහ කර ඇති නමුත් ඒ බව දසන් මානවඩු විසින් බුද්ධි අංශ වෙත වාර්තා කර තිබේ.පසුව දසන් මානවඩු හැර අනෙකුත් අයවළුවන් මෙරටට පැමිණ තිබේ.එසේ පැමිණිමෙන් පසුව මොවුන් කණ්ඩායම කොස්ගොඩ සුජීවගේ නම භාවිතා කරමින් විවිධ අපරාධ වල නිරත වී සිට ඇත.ධම්මික නිරෝෂන් අම්බලන්ගොඩ ව්‍යාපාරිකයන් ගෙන් කොස්ගොඩ සුජීවගේ නම භාවිතා කරමින් විවිධ අවස්ථාවල කප්පම් ලබා ගෙන ඇති අතර ඒ සඳහා ඩුබායි රාජ්‍යයේ සිටින දසන් මානවඩු ගේ සහයෝගයද ලැබී තිබේ.කප්පම් ලබා ගත යුතු ව්‍යාපාරිකයන් පෙන්වා එය ලබා ගත යුතු ආකාරය පිළිබඳව උපදෙස් දෙන්නේ ධම්මික නිරෝෂන සමග ඉතා සමීපතමව සිටි පොන්සි දසුන්ය. මෙම කප්පම් ගැනීම් වලට කොස්ගොඩ සුජීව කිසිසේත්ම සම්බන්ධ නැත.එහෙත් පොන්සි දසුන්  ධම්මක නිරෝෂන හා දසන් මානවඩු ව්‍යාපාරිකයන් බිය වද්දන්නේ කොස්ගොඩ සුජීවගේ නම යොදා ගනිමිනි.

පොන්සි දසුන්ගේ සහෝදරයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කපුවෙකි.මේ කපුවා කාලයෙන් කාලයට දේශපාලන ක්ෂේත්‍රයේ හා ආරක්ෂක අංශ වල විවිධ තරාතිරමේ අයවළුන් හට ගුරුකම් කරමින් ඔවුන් හා සම්බන්ධ වී සිටී.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ද මේ කපුවා සමග සම්බන්ධතාවක් පවතින බවට තහවුරු කෙරෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වල සංසරණය විය.පසුගියදා අත් අඩංගුවට ගෙන බලපිටිය බණ්ඩාරවත්තේදී තරුණයකු ඝාතනය කිරීමේ සිද්ධියේ චුදිතයා වන විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹගේ නැමැත්තා පොන්සි දසුන් හා කොස්ගොඩ සුජීවගේ සමීපතමයන් සමග විවිධ අවස්ථාවල මත්පැන් සාද පවත්වා තිබෙන බවට බුද්ධි තොරතුරු පවා ලැබී තිබේ.අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සේවය කර මේ වන විට හැටන් පොලිස් බල ප්‍රදේශයේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරී ළමාහේවා විසින් අළුත්ගම කළුවමෝදරදී හොරොයින් නඩුවක සාක්ෂි කරුවකු ඝාතනය කරවා ගෙන ඇත්තේ මේ කණ්ඩායමේ උදව් උපකාර ඇතුවය.මොහුගේ නිල රථයෙන් මෙි කණ්ඩායම හබරාදූව ප්‍රදේශයට හොරොයින් තොගයක් පවා ගෙන ගිය බවට තොරතුරු තිබේ .  

අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු  ඝාතන සිද්ධිය⁣ට චෝදනා ලබා සිටී දසන් මානවඩු ඩුබායි රාජ්‍යය වෙත පලා යන ලද්දේ ව්‍යාජ ගමන් බලපත්‍රයකිනි.

දසන් මානවඩු  අම්බලන්ගොඩ සිදුවූ අපරාධ ගණනාවකට සම්බන්ධ සැකකරුවකු වන අතර ඔහු එම අපරාධ සිඳු කරන ලද්දේ මාදූවේ අරලිය යසරත්න නමි ව්‍යාපාරිකයකු විසින් මෙහෙයවන ලද සංවිධානාත්මක අපරාධ කල්ලිකට සම්බන්ධ සාමාජිකයකු වශයෙනි.එම අරලිය යසරත්න නැමැත්තා ⁣ජගමුනි සුජීව නොහොත් කොස්ගොඩ සුජීව විසින් ඝාතනය කිරීමත් සමගම දසන් මානවඩු නන්නාත්තර විය. හෙරොයින් ජාවාරමේ නිරතව සිටි මානවඩු පසුව පොන්සි දසුන් හා කොට සැන්ටා ගේ මැදිහත්වීමෙන් කොස්ගොඩ සුජීවගේ කණ්ඩායමට සම්බන්ධ විය.මේ කණ්ඩායමේ පහසුකම් සපයන්නා වූයේ පසුගියදා ඝාතනය කරන ලද ධම්මික නිරෝෂණ වේ.පොන්සි දසුන්, දසන් මානවඩු හා ධම්මික නිරෝෂන කණ්ඩායම පසු කාලයකදී අම්බලන්ගොඩ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් කොස්ගොඩ සුජීවටද කොකා පෙන්වූ අයවළුන්ය.

කොස්ගොඩ සුජීවගේ මෙරට බොහෝ ගනුදෙනු කරන ලද්දේ කොට සැන්ටාය.කොට සැන්ටාට ආරක්ෂක අංශයේ විවිධ පුද්ගලයන් සම්බන්ධ කර දී ඇත්තේ පොන්සි දසුන් වේ.ඒ අතර 
කොස්ගොඩ සුජීවගේ මුදල් යොදවා වරිතමානයේ විවිධ  ව්‍යාපාර කටයුතුවල නිරත බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිමාන්න සිටින බව රහස් ඔත්තු සේවා වලට අනාවරණය වී තිබේ.

ධම්මික නිරෝෂණ ගේ ඝාතනය විමර්ශනයේදී පොලීසිය පොලී විකුම් පාර්ශවය පිළිබඳව සැක ඇති බව ප්‍රකාශ කරමින් සිටින අතර මොහු හා  කොස්ගොඩ සුජීව අතර පැවැති සම්බන්ධය වසන් කරමින් සිටී.මාධ්‍ය පවා ධම්මික නිරෝෂණ කොස්ගොඩ සුජීවගේ සමීපතමයකු බව අනාවරණය කිරීමෙන් වැලකී සිටී.ඒ කොස්ගොඩ සුජීවට ඇති බයටය.

එහෙත් ප්‍රශ්ණය ඇත්තේ එතැනය.දකුණේ අම්බලන්ගොඩ බලපිටිය රත්ගම ආදී ප්‍රදේශවල පසුගියදා ක්‍රියාත්මක වුන යුක්තියේ මෙහෙයුම සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී ප්‍රකාශ නිකුත් කරන ලද නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස්,පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිසි විටක මේ ප්‍රදේශවල සිදුවන අපරාධවලට කොස්ගොඩ සුජීව ඇති සම්බන්ධතාව කිසි විටක ⁣හෙළි කර නැත.පොලීසිය පාර්ශවය කොස්ගොඩ සුජීව සම්බන්ධයෙන් ගෙන යන්නේ නොදන්⁣නා බබා පාට් එකකි.කෙටියෙන් සඳහන් කරනවා නම් එවැනි පාතාල අපරාධකාරයකු ගැන පොලීසිය හාංකාවිසියක් නොදනී.යුක්තියේ මෙහෙයුම මගින් පොලීසිය නිතර අත් අඩංගුවට ගත්තේද කොස්ගොඩ සුජීවට එරෙහි පාතාල ක්‍රියාකාරිකයන්ය.මුදල් විශුද්ධිකරණය යටතේ අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත්තේද කොස්ගොඩ සුජීව හා විරුද්ධ වාදීන්ගේ දේපොළය.කොස්ගොඩ සුජීව හා ඔහුගේ පවුලේ අයවළුන්  සතුව අම්බලන්ගොඩ බලපිටිය කොස්ගොඩ ⁣පවතින දේපොළ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ  රහස් පොලීසිය ඇහැක් ඇර බලා නැත.කොස්ගොඩ සුජීව⁣ගේ අඹ යාළුවා පොලිස්පති දේශබන්දු බව ⁣පොලීසියේ ලොකු පොඩි හැම එකාම දනී.ඒ බව නොදන්නේ නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් පමණය.කෙසේවෙතත් පාතාල ලෝකයේ දකුණේ අපරාධකරුවන් කොස්ගොඩ සුජීව හඳුන්වන්නේ කෙළෙහි ගුණයක් නැති අයකු ලෙසය.මේ වන විට කොස්ගොඩ සුජීවට එරෙහිව අපරාධ කරුවන් විශාල පිරිසක් එක්ව සිටින්නේ ඒ කෙළෙහි ගුණයක් නැති කම නිසාය.

ධම්මික නිරෝෂනගේ ඝාතනයට සෘජුවම පොලී විකුම්ගේ පාර්ශවය සැක කරමින් පොලිස් විමර්ශනය සිඳු කිරීම සැබෑ සත්‍යය යටපත් කිරීමට දරන උත්සාහයකි.එසේම අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගෙන් එම ඝාතනයට සාධාරණයක් අපේක්ෂා කිරීමද විහිළුවකි.මෙම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාගේ විනෝදය ඇත්තේ සල්ලාලකමටය.ඔහු නිතර නිතර අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ පිහි⁣ටි සංචාරක නිකේතනයකට කාන්තාවන් රැගෙන යන බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා නැගේ.එම සංචාරක නිකේතනය දසන් මානවඩු විසින් ඝාතනය කරන ලදැයි සඳහන් කරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ ඥාති පුත්‍රයාට අයිතිය.

පොලීසිය හා විශේෂ කාර්ය බලකායේ ලොක්කන්  අම්බලන්ගොඩ බලපිටිය කොස්ගොඩ ප්‍රදේශවල අලෙවි වන්නේ සිල්ලරටය.ඒ අම්බලන්ගොඩ ධීවර වරයෙන් ගොඩ බාන බලයකු කෙලවල්ලකු හෝ බෝට්ටු කරවල කිලෝ පහ හයක ගානටය.  
මේ ප්‍රදේශවල හෙරොයින් ජාවාරමද කිසිදු අතුරු අන්තරාවක් නැතුව සිදු වේ.
කුඩු පානය කරන හාල් පාරු කෑලි උසාවියට දක්කද්දී හොරොයින් ජාවාරමේ මුදලාලිලා පොලීසියේ හා විශේෂ කාර්ය බලකායේ ලොක්කන් සමග එකට මදු විත පුරති.ඒ නිසා ධම්මික නිරෝෂණ ඝාතනය තවත් මිනිස් ඝාතනයක් ලෙස අධිකරණයට කරුණු වාර්තා වනු මිසක වෙන ලබ්බක් නම් සිදු වනු නැත්තේය. 




Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්