අල්ලාහු අක්බර් මරික්කාර් චාටර්

 

 


ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවක් කෙරෙන ශ්‍රව්‍ය දෘෂ්‍ය පටයක් මේ වන විට අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.

මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී රේගු බද්දෙන් නිදහස් වාහන බලපත්‍ර ලබා දෙන ලෙස ජනපතිවරයාගෙන් ඉල්ලා සිටී.⁣මෙම හමුව පැරණි සිදු වීමක් බව මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇතත් ⁣එය පිළිගත නොහැකිය.

මෙම ශ්‍රව්‍ය දෘෂ්‍ය පටය අන්තර්ජාලයට මුදා හරින ලද්දේ කවරෙක්ද යන්න අපගේ අවධානයට ලක් කෙරිණි.අප ඒ පිළිබඳව සොයා බැලීමේදී ජනාධිපති කාර්යාලයේ අපගේ තොරතුරුකරුවකු ප්‍රකාශ කරන ලද්දේ එය ජනපති කාර්යාලයේ වැඩක් බවය.සමගි ජන බලවේගයේ පළමු ඇවරියේ කථිකයකු වන මරික්කාර් මන්ත්‍රීවරයා කොළොන්නාව මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරයි.ඔහු විසින් ජනපති රනිල් වික්‍රමසිංහ ඉතා බරපතල ආකාරයෙන් විවේචනය කිරීම කොළඹ නගරය කේන්ද්‍රීය කරගත් ජනපතිවරයාට පක්ෂපාතී ඡන්ද කුලකය කම්පනයට පත් කරවීම නිසැකයෙන් සිදු වන්⁣නකි.එය වලක්වා ගැනීම පිනිස ජනපති රනිල් වික්‍රමසිංහ විසින් මරික්කාර් මන්ත්‍රීවරයා අමාරුවේ දමා ඇති බව පැහැදිලිය.රනිල් වික්‍රමසිංහගේ තක්කඩි ගේම් එහෙමය.
දැන් වැඩේ අවසන්ය.වාචාල කතා කියමින් දේශපාලන වේදිකාවල රැඟූ 
මරික්කාර් දැන් නන්නාත්තරය. 

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා