සහෝදරවරුනි අපි ඔබට රැවටුනාදැයි සිතේ
ලංකා දවස පසුගිය කාලයේ කොන්දේසි විරහිතව පෙනී සිටියේ ජාතික ජන බලවේගය බලය පත් කිරීම සදහාය.අප එසේ පෙනී සිටියේ නීතියේ ආධිපත්‍යය මෙරට භූමිය තුළ නැවතත් තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙනි.අනුර කුමාර සහෝදරයා ජනපති ධුරයට පත් වීම අපගේ අපේක්ෂාවන් මුදුන් පත් වීමක් ලෙස දුටු අපි ප්‍රීතියෙන් උද්දාමයට පත් වීමු.ඉන් අනතුරුව ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබා ගැනීමද අපි තවත් සතුටට පත් කරවන ජයග්‍රහණයක් විය.
රාජපක්ෂ
වරුන්ගේ මිනීමරු සාහසික හා මෙලේච්ඡ පාලනයෙන් දැඩි කම්පනයට පත් වී සිටි
අපට ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඉඩෝරයට වට මහා ධාරානිපාතයක්ම විය.ඡ්‍යෙෂ්ඨ
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රගර් ක්‍රීඩක තාජුඩීන්
ඝාතනය,මාධ්‍යවේදී පෝද්දල ජයන්තට පහරදීම,එක්නැලිගොඩ අතුරුදන්
කිරීම,වැලිවේරිය උද්ඝෝෂකයන් ඝාතනය, වැලිකඩ සිරකරුවන් ඝාතනය පාස්කු ඉරිදා
ප්‍රහාරය වැනි තිරිසන් මෙලේච්ඡ අපරාධවලට වග කිවයුතු අපරාධකරුවන්ට එරෙහිව
වහා නීතිය ක්‍රියාත්මක කිරීමට ජනපති අනුර කුමාර දිසානායක ප්රමුඛ ජාජබ
ආණ්ඩුව මැදිහත් වනු ඇතැයි අපි සහෝදරත්වයෙන් විශ්වාස කෙරුවෙමු.රාජපක්ෂ
වරුන් සිදු කරන ලද මෙම අපරාධ හා මනුෂ්‍ය ඝාතන වලට සාධාරණයක් ඉටු කරන බවට
අනුර කුමාර දිසානායක ,ටිල්වින් සිල්වා,ලාල් කාන්ත නලින්ද ජයතිස්ස,සුනිල් හඳුනෙත්ති,
නාමල්
කරුණාරත්න වැනි සහෝදරවරුන් දේශපාලන වේදිකාවේ අපට ලබා දුන් වගකීම් සහතිකය
අපට මහත් ධෛර්යයක් සපයන ලදී.කෙටියෙන්ම සඳහන් කරනවා නම් ජාජබ ආණ්ඩුව මෙරට
අවුරුදු හැත්තෑවක දේශපාලනයේ සියළු වැරදීම් නිවැරිදි කරනු ඇති බවට
බලාපොරොත්තුවක් ඇති කෙරිණි.
අනුර
කුමාර සහෝදරයා ජනපති ධුරයට පත්ව ජාතික ජනබලවේගය තුනෙන් දෙකක පාර්ලිමේන්තු
බලයක් සහිතව ආණ්ඩුව පිහිටුවා ගත වී ඇත්තේ කෙටි කාලයකි.මේ කෙටි කාලය තුළ
ආණ්ඩුව තුළ සිදු කරන ලද මැදිහත්වීම් අප දැඩි කම්පනයට වේදනාවට හා දුකට හේතු
වන බරපතල සිද්ධීන් වී තිබේ.එහිදී
විශේෂයෙන්
ආරක්ෂක අමාත්‍යංශය නීතිය හා සාමය අමාත්‍යංශය ,නීතිපති කාර්යාලය ,රස
පරීක්ෂක දෙපාර්තමේන්තුව ,පොලීසිය විශේෂ කාර්ය බලකාය හා ජාතික බුද්ධි
සේවාවන් සඳහා ජනපති අනුර කුමාර සහෝදරයා ගේ පත් කිරීම් තුළ සිටින්නේද
රාජපක්ෂ වරුන් විසින් ඇති දැඩි කළ සාහසික දාමරිකයන්ම වීම අපගේ තිගැස්මට
හේතු වී තිබේ.ජාජබ ආණ්ඩුවේ පාලනයේ පළමු පරිච්ඡේදයේදීම ජනතාවගේ අපේක්ෂාවන්
අමු අමුවේ උල්ලඝංනය කරමින් සිටීම හා ජනපති අනුර සහෝදරයා ගේ සටන්කාමී බව
උදාසීන වීම අපට සිතා ගන්නට බැරි තරමට ප්‍රෙහෙලිකාවක් බවට පරිවර්තනය වෙමින්
පවතී.
මිල්ටෙරි
නන්දසේන ජනපති ධුරයට පත් වූ මුල් පැයේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ
සේවය කළ දක්ෂ පොලිස් නිළධාරීන් ගණනාවක් ස්ථාන මාරු කර යවා ඔහුගේ දේශපාලන
සුරතලුන් වන අන්ත දූෂිතයන් පිරිසක් ඒ සඳහා පත් කරන ලදී.ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය
පොලිස්පති වරුන් ගේ පත් කිරීම්ද එලෙසම විය.පොලිස් ස්ථාන සදහාද දේශපාලන
ගැත්තන් පත් කෙරිණි.
ජනපති
අනුර සහෝදරයා බලයට පත වීමෙන් පසුව මේ දූෂිත චක්‍රය වෙනස් කෙරෙනු ඇතැයි
නීති ගරුක පොලිස් නිළධාරීන් ඇතුළු බොහෝ දෙනා බලාපොරොත්තු වූහ.එහෙත් දැන්
සිඳුවී ඇත්තේ ඉඟුරු දී මිරිස් ගැනීමක් වැනි වැඩකි.
රාජපක්ෂ
වරුන්ගේ කුලී කරුවන් ලෙස පොලීසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ හා
විශේෂ කාර්ය බලකායේ මනුෂ්‍ය ඝාතනයන් හා සාහසික අපරාධ සිදු කළ තිරිසන්
නිළධාරීන් ජාජබ බලවේගය ආණ්ඩුව යටතේ සිය දාමරික ක්‍රියා කරමින් සිටී.තවමත්
පොලීසිය පාලනය කරන්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් හා හිටපු පොලිස්පති
දේශබන්දු තෙන්නකෝන් බවට මේ රටේ ජනතාව තුළ අදහසක් මතු වෙමින් පවතින්නේ මේ
පසුබිම තුළය.මෑතකදී පොලිස් ඡ්යෙෂ්ඨයන්ගේ මාරුවීම් ගණනාවක් සිදු විය.එය
එක්තරා ආකාරයක ඇස්බැන්දුමක් පමණක් බව පොලීසියේ ඇතුළ දන්නා බොහෝ අයෙකු
දනී.මේ ස්ථාන මාරුවීම් ලේඛනය සකස් කරන ලද්දේ පොලිස් අමාත්‍යංශයේ උපදේශකයකු
ලෙස කටයුතු කරන රාජපක්ෂ ඔඩොක්කු කුක්කෙකි.ඔහුට ඒ සදහා උපදෙස් දෙන ලද්දේ
ටිරාන් හා දේශබන්දු ජෝඩුවයි.නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් රවි
සෙනෙවිරත්න අද තනියම වෙල මැද්දේ නිළධාරියකු බවට පත් වී සිටින බව අපට වාර්තා
වී තිබේ.එම අමාත්‍යංශයේ පාලනය සිද්ධ වන්නේ අද්භූත බලවේගයකින් බව පැවසේ.
බරපතල
අපරාධ චෝදනා වලට ලක් වී සිටින විශේෂ කාර්ය බලකායේ ඡ්‍යෙෂ්ඨ පොලිස්පති වරුණ
ජයසුන්දර ස්ථාන මාරු කර යැවීමට නීතිය හා අමාත්‍යංශයේ ප්‍රධානීන්ට පවා
නොහැකි වී තිබේ.බොහෝ දෙනා පවසන්නේ මේ අපරාධකරුට ආරක්ෂාව සලසන්නේ ජනපති අනුර
කුමාර දිසානායක බවය.එහි සත්‍යයක් තිබේදැයි අප නොදන්නා මුත් අසත්‍යයක්
යැයි ඉවත දමන්නටද නොහැකිය.කෙසේ වෙතත් එම තොරතුර සත්‍යයක් නම් ජාජබ නායකයා
සිදු කර ඇත්තේ මෙරට ජනතාවගේ හෘද සාක්ෂිය කිසිම හිරිකිතයක් නැතුව පාවා
දීමය.විශේෂ කාර්ය බලකායේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොස්ගොඩ සුජීව හා
ගණුදෙනු කරන බවට චෝදනා කෙරේ.
රනිල්
වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලයේ කොස්ගොඩ බලපිටිය අම්බලන්ගොඩ විශේෂ කාර්ය බලකාය
මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ සූජීවට එරෙහි පාතාලයන් බව ඒ ප්‍රදේශවල
ජීවත්වන්නන්ට රහසක් නොවීය.එක් අවස්ථාවක අහුංගල්ල ප්‍රදේශයේදී කොස්ගොඩ
සුජීවගේ ගෝලයකු ගමන් කළ තුන් රෝද රථයක් පරීක්ෂා කරන ලද විශේෂ කාර්ය බලකායේ
සෙබළෙකුට වරුණ ජයසුන්දර නියෝග කරන ලද්දේ එම පාතලයාට දණ ගසා වැඳ සමාව ගන්නා
ලෙසටය.එම අවස්ථාව කොස්ගොඩ සුජීව වට්ස් ඇප් මගින් බලා සිටි බවටද අනාවරණය
විය.විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් කිහිප දෙනෙකු කොස්ගොඩ සුජීවගේ උපදෙස් මත
බලපිටිය ගාල්ල කොස්ගොඩ ආදී ප්‍රදේශවල මනුෂ්‍ය ඝාතන කිරීම් හා අත් අඩංගුවට
ගෙන බන්ධනාගාර ගත කිරීම් සිදු කරන ලද බවද ප්‍රචලිතය.මේ තොරතුරු අතේ ගෙතූ
අසත්‍යය නම් නොවේ.ස්වාදීන පරීක්ෂණයක් කෙරෙන්නේ නම් මේ සියල්ල අනාවරනය වන බව
නිසැකය.වරුණ ජයසුන්දර බරපතල අපරාධ සිදු කරන ලද බවට බොහෝ චෝදනා ඇතත් ඔහු
විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරී කමෙන් ඉවත් කිරීම නොකරන බවත් ඒ ඔහු
හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ගේ ඇවැස්ස මස්සිනා
වීම නිසා බවත් ඇතමකුගේ අදහසයි.තවත් සමහරු පවසන්නේ හිටපු ඇමති ටිරාන්
අලස්ගේ ආරක්ෂාව ඔහු වෙත ලැබෙන බවය.ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා
පෞද්ගලික හිතවත්කම් මත මේ අපරාධකරුට රැකවරණය හා ආරක්ෂාව ලබා දෙන්නේනම් එය
සහ ගහන තරමේ අපරාධයකි.අප පසුගිය දින කිහිපය තුළ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව
තමන් බලයට පත් කිරීමට ආත්ම පරිත්‍යාගයෙන් යුතුව කැප වූ ජනතාවට ද්‍රෝහී වු
අවස්ථාවන් ගැන අනාවරණය කෙරුවෙමු.මේ ලියවිලි ජාජබයේ නායකයන් වෙත යැවීම
පවා
සිදු කරන ලදී.එහෙත් ඒ සියළු දෙනා කසාය බිව් ගොළුවන් සේ නිහඬය.ඉන් අපට හැඟී
යන්නේ අප නිවැරිදි බව හා ජාජබ ආණ්ඩුවේ නායකයන් උද්දච්ච බවින් කටයුතු කරන
බවය.
ජාතික
ජන බලවේගය ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත් කරවීමේ කුමන්ත්රණකාරී යටි
කූට්ටු වැඩ පිළිවෙලක් පොලීසියේ ඉහළ ඇවරිය තුළ ක්‍රියාත්මක වෙමින් තිබෙන බව
තහවුරු වෙමින් පවතී.මේ වන විට ජාතික ජන බලවෙිගයට උදව් උපකාර කළ බොහෝ පොලිස්
නිළධාරීන් සිටින්නේ කිසිත් කර කියා ගත නොහැකි තත්වයකය.යටි බිම් ගතව සිදු
වෙමින් පවතින කුමන්ත්‍රණය ගැන ඔවුන් හොදාකාරව දනී.එහෙත් ඔවුන්ට ඇහුම්කන්
දෙන කිසිවෙකු නැත.
මෙරට
සිඳු කරන ලද සාහසික දේශපාලනික අපරාධ පිළිබඳව ජාතික ජන බලවෙිගය ආණ්ඩුවට
තොරතුරු ලබා දීමට අපේක්ෂාවෙන් සිටි පොලීසියේ නිළධාරීන්ද අද වන විට අඩියක්
පසු පසට ගෙන තිබේ.ඒ තවමත් පොලීසිය මෙහෙයවන්නේ රාජපක්ෂ වරුන්ගේ අපරාධ කරුවන්
නිසාය.
ජාතික
ජන බලවේගය මෙරට දේශපාලන බලය ලබා ගැනීම සදහා කප්පරක් බොරු කියමින් ජනතාව
උසි ගැන්වූ බවට චෝදනාවට ලක් වීමේ දැඩි අවදානමක් සමාජය තුළ නිර්මාණය වෙමින්
තිබෙි.ඒ පිළිබඳව හොඳම උදාහරණ මතු වෙමින් තිබෙන්නේ නීතිය හා සාමය
අමාත්‍යංශයෙනි.මේ පිපිරීම කවර හැඩයෙන් සිදු වේ දැයි අපට අනාවැකි කියන්නට
නොහැකිය.එහෙත් බරපතල අනතුරක් අත ළග බව නමි අපට ලියන්නට හැකිය.
Comments
Post a Comment