හිටපු පොලිස්පති දේශබන්දුට මාංචු වැටෙයි
.jpg)
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු වහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මාතර මහේස්ත්‍රාත්වරයා අද (28)දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරුවේය.2023 වර්ෂයේ දෙසැම්බර් මස 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලය ඉදිරියේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව නඩු අංක 6314 /23 යටතේ පවරා තිබූ නඩුවට අදාලව මනුෂ්‍ය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ ඇන්සලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගැනීමට නියෝග කෙරිණි. කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායමක් සිදු කරන ලද මෙම වෙඩි තැබීම කිසියම් පුද්ගලයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් ඉටු කිරීම පිණිස සිඳු කළ අපරාධ ක්‍රියාවක් බව පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබුණි. එදින එම හෝටලයට වෙඩි තැබීම සදහා ගිය කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් කණ්ඩායම කොළඹ සිට වැලිගම දක්වා ගමන් ගෙන තිබුණේ ව්‍යාජ අංක තහඩු යෙදූ වෑන් රථයකිනි. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි මේ කණ්ඩායම හෝටලයට වෙඩි තැබීමත් සමගම ඒ පිළිබඳව හෝටල් ...