ජාජබ ආණ්ඩුවට අනතුරු හඟවන දඩිං බිඩිං ඩෝං ඩෝං
අද දවස (19)උදාවූයේ දිවයිනේ ප්‍රදේශ දෙකක වෙඩි තැබීම් දෙකක් හා මනුෂ්‍ය ඝාතන පහක් වාර්තා කරමිනි.එහිදී එක් ඝාතනයක් සිඳු වූයේ කොළඹ අළුත්කඩේ අධිකරණ විනිශ්චය ශාලාව තුළදීය.
බුස්ස බන්ධනාගාරයේ සිට නඩුවකට ගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකුවන ගනේමුල්ල සංජීවට වෙඩි තබා තිබුණේ විත්තිකූඩුවේ සිටියදීය.ඔහුට වෙඩි තැබූ ඝාතකයා නීතිඥයකු ලෙස සැරසී අධිකරණයේ සිටි බව පැවසේ.ත්‍රී එයිට් වර්ගයේ ස්වයංක්‍රීය නොවන ගිණි අවියක් භාවිතා කරමින් මේ වෙඩි තැබීම සිඳු කරන ලද අතර එම අවිය අධිකරණය තුළට රැගෙන විත් තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටු කපා එහි ඇතුළත බහාලමිනි.ඝාතකයා මෙහිදී ස්වයංක්‍රීය වර්ගයට අයත් නොවන ගිණි අවියක් භාවිතා කරන ලද්දේ බන්ධනාගාර වීමෙන් පසුව ඇප ලබා ගැනීමට ඇති පහසුව ගැන කල්පනා කිරීමෙන් බව සිතා ගන්නට පුළුවන.මෙරට අධිකරණය විනිශ්චය ශාලාව තුළ සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් පළමුවරට වාර්තා වී ඇත්තේ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙනි.ඒ 1990 වසරේ මුල් භාගයේදීය.වීරගුල පොලිස් ස්ථානාධිපතිවරයා හා ඔහුගේ මාමණ්ඩිය උසාවිය තුළ වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ඔස්මන් ගුණසේකර නැමැත්තෙකි.පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මේ වෙඩි තැබීම සිදු කළ බව පැවසේ.එසේ වෙඩි තැබීමෙන් මිය ගිය වීරගුල පොලිස් ස්ථානාධිපති වරයා ඒ වන විට භීෂණ සමයේ අත් අඩංගුවට ගත් තරුණ තරුණයන් පිරිසක් සමූහ ඝාතනය කිරීමේ වරදට චෝදනා ලැබ සිටි අයෙකි.වවුල්කැලේ මිනිස් ඝාතනය ලෙස හඳුන්වන ලද එම සමූහ මිනිස් ඝාතනය මෙරට මහත් ආන්දෝලනයට ලක් වූ සිද්ධියක්ද විය.එම පොලිස් ස්ථානාධිපතිවරයා සමග මරා දමන ලද ඔහුගේ මාමණ්ඩිය වූ සුරම්‍ය මුදලාලි අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක වරයා විය.එම ඝාතනය සිදු කරන ලද සැකකරු වූ ඔස්මන් ගුණසේකර ඉන් අනතුරුව ජපානයට පලා ගිය අතර පසුව පොලීසිය විසින් එහිදී ඔහු අත් අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලදී.පසු කාලයකදී එම නඩුවෙන් නිදහස් වූ ඔස්මන් ගුණසේකර ගම්පහ ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකු බවට පත් විය.අද දින අළුත්කඩේ උසාවිය තුළ ඝාතනය කරන ලද ගනේමුල්ල සංජීව හා ඔස්මන් අතර පැවතියේ නයි මුගටි කෝන්තරයකි.ගනේමුල්ල සංජීව අවස්ථා ගණනාවකදී ගම්පහ ඔස්මන් ඝාතනය කිරීමට උත්සාහ ගත් නමුත් ඒ සෑම අවස්ථාවක්මමග හැරිණි.ඔස්මන් ගුණසේකර ඝාතනය කිරීමට ගනේමුල්ල සංජීව කුරුමාණම් ඇල්ලුවේ හොරොයින් ජාවාරම මුල් කරගෙනය.ගම්පහ නගරය තුළ හොරොයින් ජාවාරම හා කප්පම් ගැනීම් වැනි පාතාල ක්‍රියාකාරකම් වලට එරෙහිව ඔස්මන් පෙනී සිටීම ගනේමුල්ල සංජීවගේ කෝපයට හේතු වී තිබුණි. එසේම සංජීවගේ ප්‍රධාන සතුරෙකු වූ කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා ඔස්මන් ගේ සමීපතමයකු විය.මොවුන් අතර පැවැති නයි මුගටි වෛරය නිසා පාතාල ක්‍රියාකාරිකයන් ගණනාවකට සිය ජීවිත වලින් වන්දි ගෙවීමට පවා සිදු වීම අමතක කළ නොහැකි කාරණයකි.ගම්පහ ඔස්මන් සතුව පැවැති පාතාලයේ කිරුළ තමන් යටතට ගැනීම සංජීවගේ සිහිනය වී තිබුණේය.ඒ සිහිනය අළුත්කඩේ විත්තිකූඩුව තුළ බොඳ වී ගියේ සංජීවගේ ජීවිතයද අහිමි කරමිනි.ඊළඟ මනුෂ්‍ය ඝාතනය සිදුවූයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිද්දෙනියේදීය.එහිදී වෙඩි තබා ඝාතනය කරන ලද්දේ එම ප්‍රදේශය තුළ පාතාල අපරාධකරුවකු ලෙස ප්‍රසිද්ධව සිටි අරුණ විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජා නැමැත්තාය.එම වෙඩි තැබීමෙන් අරුණ විදානගමගේ සමග සිටි ඔහුගේ කුඩා පුතු හා දියණියද මිය ගිය බව මේ වන විට වාර්තා වී තිබේ.අරුණ විදානගමගේ මැදමුලන රාජපක්ෂවරුන් සමීපයේ සිටි සාහසික අපරාධකරුවෙකි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාමා ගේ පුත්‍රයකු වූ කපිල දිසානායක සමීපයේ සිටි අරුණ විදානගමගේ රාජපක්ෂ පවුල හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සිදු කරන බොහෝ අපරාධ වලට සම්බන්ධ වූ බව පැවසේ.කපිල දිසානායක රාජපක්ෂවරුන්වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලනයේ නිරත වූ අයෙකි.අරුණ විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජා නැමැත්තා පිළිබඳව මෙරට බොහෝ දෙනෙකු කතා බහ කිරීමට ගත්තේ 2023 නොවැම්බර් මස 28 වන දින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග ට්‍රෲත් ඔෆ් චමුදිත නම් යූ ටියුබ චැනලයේ සිදු කරන ලද සාකච්ඡාවකින් අනතුරුවය.ඒ වන විට මෙම පාතාල ක්‍රියාකාරිකයා හා රාජපක්ෂවරුන් අතර ආරවුලක් හට ගෙන තිබුණි.මේ යූ ටියුබ සාකච්ඡාවේදී අරුණ විදානගමගේ විසින් රාජපක්ෂ වරුන් යනු කෙළෙහි ගුණය නැති ජාතියක් පවුලක් බවත් මොවුන් තමන් මරා දැමීමට සැළසුම් කරමින් සිට්න බවත් පැවසිනි.එම යූ ටියුබ සාකච්ඡාවට පසු අරුණ විදානගමගේ සමග චමුදිත සමරවික්‍රම දෙවන වරටත් 2024 පෙබරවාරි 11 වන දින තවත් යු ටියුබ සාකච්ඡාවක් පවත්වා තිබේ.මෙම යූ ටියුබ සාකච්ඡා දෙකේදීම අරුණ විදානගමගේ රාජපක්ෂ පවුලේ මෙලේච්ඡ සාහසිකත්වය පිළිබඳව දැඩි විවේචනයක නිරත වේ.මේ යූ ටියුබ සාකච්ඡා දෙකෙන් එකකදී ඔහු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්ද්‍ර පුෂ්ප ගැන සදහන් කරයි.තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වූ චන්ද්‍ර පුෂ්ප මේ වන විට සිටින්නේ සිර දඬුවම් විඳිමිනි.ඒ තංගල්ල පිහිටි නිවාඩු නිකේතනයකදී විදේශීය කාන්තාවක දූෂණය කළ වරදට වැරදි කරු වීම නිසාය.අරුණ විදානගමගේ චමුදිත සමරවික්‍රම සමග පැවැති සාකච්ඡාවේදී පවසන්නේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා එම වරද නොකළ බවය.එහෙත් චමුදිත සමරවික්‍රම ඕනෑ කමින්ම ඒ ප්‍රකාශය මග හැරි බව පෙනෙන්නට තිබේ.වගකිව යුතු මාධ්‍යවේදියෙකු නම් චමුදිත සමරවික්‍රමට තිබුණේ අරුණ විදානගමගේ කළ එම ප්‍රකාශය නැවත ප්‍රශ්ණ කිරීමය.එහෙත් ඔහු එය එසේ නොකරයි.තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්ද්‍ර පුෂ්ප එම විදේශීය කාන්තාව දූෂණය නොකළ බවට තොරතුරු අපටද ලැබී තිබේ.දැනට බන්ධනාගාරගතව සිටින එම සභාපතිවරයා අප සමග දුරකථනයෙන් අමතා එම සිදුවීම සම්බන්ධයෙන් අපට ලැබී ඇති තොරතුර සත්‍ය බවට තහවුරු කර තිබේ.ඒ තොරතුර වන්නේ මේ විදේශීය කාන්තාව දූෂණය කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බවය.නාමල් රාජපක්ෂගේ හෙට දවස වෙනුවෙන් කරත්තයේ නැග්ගේ තංගල්ල හිටපු ප්‍රාදේශීය සභා සභාපති චන්ද්‍ර පුෂ්පය.තමන් මේ නඩුවෙන් නිදහස් කර ගන්නා බවට රාජපක්ෂ වරුන් පොරොන්දු වූ නිසා එම අපරාධ චෝදනාව තමන් බාරගත් බවත් දැනට බන්ධනාගාරගතව සිට්න චන්ද්‍ර පුෂ්ප අප සමග පවසා තිබේ.ඔහු අප සමග තහවුරු කරන ලද මේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍ය බව තහවුරු කරගැනීමට පොලීසියට මේ ගැන නැවත පරීක්ෂණයක් ඇරඹීමට බාධාවක්ද නැත.එහිදී බන්ධනාගතව සිටින හිටපු සභාපතිව චන්ද්‍ර පුෂ්ප සත්‍යය හෙළි කිරීමට සූදානම්ව සිටී.තංගල්ල හිටපු සභාපති චන්ද්‍ර පුෂ්ප රාජපක්ෂ අමාරුවේ වැටී ඇත්තේ රාජපක්ෂවරුන් වෙනුවෙන් කරත්තයේ නැගීම නිසාය.රාජපක්ෂවරුනගේ හැටි එහෙමය.තමන් සමග දිවෙන් දිව ගගා සිටි සමීපතමයකු වුවද පාවාදීමට රාජපක්ෂවරුන් කිසිම පැකිලීමක් නැත.රාජපක්ෂවරුන්ගේ එම කැත ගතිය අනාවරණය කෙරෙන තවත් කතාවක් තිබේ.ඒ ගැන පවසා තිබෙන්නේ හිටපු අමාත්‍ය මර්වින් සිල්වාය.2017 දෙසැම්බර් මස 27 වන මධ්‍යහානයේ මෙරට සෑම මාධ්යක්මවිශේෂ ප්‍රවෘත්තියක් නිවේදනය කරන ලදී.ඉන් පැවසුන ප්‍රවෘත්තිය මෙසේය." අද පෙරවරුවේ ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට කඩා වැදුන මර්වින් සිල්වා ඇතුළු මැර පිරිසක් එහි ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී.එම්.ජී.චන්ද්‍රසේකරට පහර දී තිබේ."ඒ විශේෂ ප්‍රවෘත්තියෙන් පසුව රූපවාහිනිය එම සිදුවීම දිගින් දිගටම සජීවීව ප්‍රචාරය කෙරිණි.කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් කොප්පර හේවගේ මර්වින් සිල්වාට නීතිපති කාර්යාලයෙන් නඩු පවරන ලද්දේ 2020 අගෝස්තු මස 09 වන දිනය.ඒ සිද්ධිය සිදුවී වසර දොළහමාරකට පසුවය.එහිදීදණ්ඩ නීති සංග්‍රහයේ 140 ,486,හා 314 යන චෝදනා යටතේ මර්වින් සිල්වාට නඩු පැවරුණි.දනිස 140 නීති විරෝධී රැස්වීමක සාමාජිකයකු වීමද 486 සාපරාධී බිය ගැන්වීමද 314 තුවාල සිදු කිරීමද යන වැරදි කියවේ.රූපවාහිනී සංස්ථාව ස්ථාපිත කර ඇත්තේ 1982 අංක 60 පනත යටතේය.එම පනතේ සදහන් වන ආකාරයට රූපවාහිනී සංස්ථාව රාජ්‍ය ආයතනයකි.එය එසේ වන්නේ නම් මර්වින් සිල්වාට රාජ්‍ය නිළධාරියකුට බාධා කිරීම හා පොදු දේපලකට හානි කිරීම යටතේ නීතිපතිවරයා විසින් නඩු පැවරිය යුතුව තිබුණි.එහෙත් නීතිපතිවරයා මෙහිදී නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන බල පුළුවන්කාරකමට යටත්ව රාජකාරි කර ඇති බව තහවුරු වේ.කෙසේවෙතත් මේ සිද්ධිය සිඳුවී වසර 17 කට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇතත් මාධ්‍යවේදී ටී.එම්.ජී .චන්ද්‍රසේකරට සාධාරණය ඉටු වී නැති බව සඳහන් කළ යුතුමය.එම සිදුවීම සම්බන්ධයෙන් 2016 මැයි මස ඉරිදා දිනක ප්‍රකාශයට පත් කරන ලද ඉරිදා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු මර්වින් සිල්වා සමග කළ සාකච්ඡාවක් පල කර තිබුණි.එම සාකච්ඡාවේදී මර්වින් සිල්වා ගෙන් ලංකාදීප මාධ්‍යවේදියා මෙසේ ප්‍රශ්ණ කර ඇත.ඒ "කෙහෙල්ගහට කොටපු කොට්ටෝරුවට වෙච්ච වැඩේ වගේ දේශපාලන නායකයන්ගේ කොන්ත්‍රාත් කරපු මර්වින් සිල්වා ජාතික රූපවාහිනියෙන් අමතක නොවන පාඩමක් ඉගෙන ගත්තා නේද"යනුවෙන්ය.මර්වින් සිල්වා එයට දී ඇති පිළිතුර මෙහෙමය."ඕක පරණ සිද්ධියක්.ඔය මට දීපු කොන්ත්‍රාතුවක්.මම නායකයා එක්ක ඉන්න කොට නායකයා කියන ඕන වැඩක් කරනවා.මම රණ්ඩුවකට නොවෙයි රූපවාහිනියට ගියේ.මම රූපවාහිනියට යවලා මහින්ද රාජපක්ෂ රූපවාහිනියට කතා කරල කියල තියෙනවා ඔන්න මර්වින් සිල්වා එනවා .ගහන්න කියල ඕඩරේ දුන්න.ඒක තමයි රාජපක්ෂලගෙ ස්ටයිල් එක.මම අනවශ්‍ය පරිප්පුවක් කෑවෙ.මම එහෙමයි රාජපක්ෂලගෙ කොන්ත්‍රාත් කෙරුවෙ.අන්තිමේදී මටත් දුන්නා ෂොට් එක."මර්වින් සිල්වාගේ මෙම ප්‍රකාශයෙන් කියවෙන්නේද රාජපක්ෂ වරුන්ගේ තක්කඩි කමය.මේ පසුබිම යටතේ අද ඝාතනය කරන ලද අරුණ විදානගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජා ඝාතනය පිටුපස අදෘශ්‍යමාන දේශපාලන හස්තයක් පැවැති බවට ඇතිවෙන සැකය මග හැර යා නොහැකිය.ඒ අදෘශ්‍යමාන හස්තය වෙනින් කාගේවත් නොවේ.මිනීමරු රාජපක්ෂවරුන්ගේය.අරුණ විදාන ගමගේ නොහොත් මීගස්ආරේ කජ්ජා තමන් ඝාතනය කිරීමට රාජපක්ෂ වරුන් සැළසුම් කරමින් සිටින බවට යූ ටියුබයේ ටෲත් ඔෆ් චමුදිත වැඩ සටහනේදී පවසා ඇති බව අප අමතක කළ යුතු නැත.ඒ අතරේ අළුත්කඩේ අධිකරණ පරිශ්‍රය තුළ අද සිදුවූ මිනිස් ඝාතනය මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර ඇතිවූ ආරවුලක කෙළවරක් බව හෙළි වී තිබේ.එහෙත් ඒ සම්බන්ධයෙන් අපට වෙනත් කියවීමක්ද පවතී.පසුගියදා විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා වූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර හා තවත් නිළධාරීන් කණ්ඩායමක් එම බලකායෙන් මාරු කර හරින ලදී.එම පිරිසට එරෙහිව පැවති චෝදනා බරපතලය.මොවුන් ඇතමුන් පාතාල ක්‍රියාකාරිකයන් හා මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවතින බවට චෝදනා එල්ල වෙමින් තිබුණි.හිටපු නීතිය හා සාමය ඇමති ටිරාන් අලස් හිටපු පොලිස්පති දේශබන්දු හා විශේෂ කාර්ය බලකායේ එම කණ්ඩායම අනීතික කටයුතු වල නිරත වෙමින් ඒවා සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහයන් ගැන බොහෝ අවස්ථාවල අනාවරණය විය. සිය ඕනෑ එපා කම් ඉටු කර ගැනීම පිණිස මේ දූෂිත කණ්ඩායම හසුරවන ප්‍රබල දේශපාලඥයන් පිරිසක්ද ඒ අතරේ සිටි බව රහසක් නොවේ.රාජපක්ෂවරුන් ඉන් ප්‍රධානය.පොලීසියේ බොහෝ දූෂිතයන්ට රැකවරණය ලැබුනේ රාජපක්ෂ වරුන් වෙතිනි.විශේෂ කාර්ය බලකායේ විනය සීරෝ අගයක් දක්වා පහත වැටෙමින් තිබුණි.මෙරට පාතාල කල්ලි අතර පවතින මිනීමැරුම් වලදී එම පාතාල ක්‍රියාකාරිකයන්ගෙන් විශේෂ කාර්ය බලකායේ දුෂිතයන් මිනිස් ඝාතන සදහා කොන්ත්‍රාත් ගැනීම දක්වා වූ අශීලාචාර හා බය හිතෙන තරමේ මැදිහත් වීමක් සමාජය තුළ නිර්මාණය වෙමින් තිබුණි.හිටපු අමාත්‍ය ඩී.වී ජානක ගේ මාමණ්ඩිය ගාල්ලේදී ඝාතනය කරන ලද්දේ විශේෂ කාර්ය බලකායේ දෙදෙනෙකු බවට බුද්ධි තොරුතුරු වලින් පවා තහවුරු කර ඇතත් මෙතෙක් ඒ ඝාතකයන් අත් අඩංගුවට ගෙන නැත. සංවිධානාත්මක අපරාධකරුවකු වූ කොස්ගොඩ සුජීවගේ ගෝලයකු බලපිටිය අහුංගල්ලේදී විශේෂ කාර්ය බලකායේ සෙබලෙකු විසින් පරීක්ෂා කළ වරදට එම බලකායේ හිටපු අණදෙන නිළධාරියා දුරකථනයෙන් ඒ සෙබළාට නියෝග කර තිබුණේ පරීක්ෂා කරන ලද පාතාලයාට වැඳ සමාව ගන්නා ලෙසටය.පොලිස් පරීක්ෂක කොළඹගේ අහුංගල්ලේදී මනුෂ්‍ය ඝාතනයක් කරන ලද්දේ කොස්ගොඩ සුජීවගේ කොන්ත්‍රාතුවක් ඉටු කිරීම සඳහා බවද අනාවරණය වී තිබේ.ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙරට බලයට පත් වීමත් සමගම ආරක්ෂක හමුදාවල හා පොලීසියේ සිටි සාහසික දූෂිතයන්ද ඔවුන් හා ගණුදෙනු කරමින් සිටි පාතාල ජාවාරම්කරුවන්ද සිටියේ දැඩි භීතියට පත්වය.ඔවුන් සිතා සිටියේ ජාතික ජන බලවේගය ආණ්ඩුව ආරක්ෂක හමුදා වල හා පොලීසියේ දූෂිතයන් ඒ ඒ තනතුරු තානාන්තර වලින් ඉවත් කරනු ඇති බවය.එහෙත් ආණ්ඩුව පත් වී සතියක් දෙකක් ගෙවී යද්දී තමන් සුරක්ෂිත බව ඔවුන්ට වැටහී තිබුණි.මොවුන් නැවත අළු ගසා තමන්ගේ තනතුරුවල ආධිපත්‍ය පතුරන්නට ගත්තේ කිසිම හිරිකිතයක් නැතුවය.මෙහිදී ජාතික ජන බලවේගයේ නායකයන් සිතා සිටියේ මේ දූෂිතයන් තමන් යටතේ සිරිමත් ළමයින් සේ රාජකාරි කරනු ඇති බවටය.කෙසේ වෙතත් ජනතාවගේ වාසනාවකට මෙන් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරීවරයා ඇතුළු සාහසික කණ්ඩායම ස්ථාන මාරු කර යැවීමට නීතිය හා සාමය අමාත්‍යංශයේ අමාත්‍ය ආනන්ද විජේපාල කටයුතු කරන ලද්දේ ජාවාරම්කාර ආරක්ෂක දෙබිඩ්ඩන් ගේ බාධා කිරීම මැද බව අපට අනාවරණය වී තිබේ.එහෙත් මේ සාහසික කණ්ඩායම ස්ථාන මාරුවීම් සිදු කළද තමන්ගේ අනීතික මැදිහත් වීම් අත් හැර නැති බව දැන ගැන්මට තිබේ.ඔවුන් දැන් සිටින්නේ තමන් විසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතන ජාවාරම් හා අපරාධ පිළිබඳව අනාවරණය වේ යැයි බියෙනි.ඒ බිය නිසාම මේ සාහසික කල්ලිය ආණ්ඩුව අපහසුතාවට පත් වන ආකාරයට හා ජනතාව තැති ගන්වන ආකාරයේ කුමන්ත්‍රණකාරී සැලසුම් දියත් කිරීමට ඉඩ පවතී.ඒ සම්බන්ධයෙන් වූ ඉතා බරපතල තොරතුරක් අප හට ලැබී තිබේ.මෑතකදී විශේෂ කාර්ය බලකායෙන් ඉවත් කරන ලද පිරිස අතර එහි බුද්ධි අංශ ප්‍රධානියාද වේ.එම බුද්ධි අංශ ප්‍රධානියා මෑතකදී පවසා ඇත්තේ හෙට අනිද්දා වන විට කොළඹ කේන්ද්‍රීය කර ගනිමින් මතු විය හැකි අපරාධ රැල්ලෙන් "ආණ්ඩුවට බඩ යන්නට" පටන් ගනු ඇති බවය.මොහුගේ එම ප්‍රකාශය ලේසි පහසු ප්‍රකාශයක් නොවන බව තහවුරු වන්නේ අද දින අධිකරණය තුළ සිදු කළ මනුෂ්‍ය ඝාතනය නිසාය.එසේම විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියා ස්ථාන මාරු කර යවා ඇත්තේ නැගෙනහිරටය.මේ වන විට ඔහු එහි රාජකාරි කරමින් සිටි පොලිස් බුද්ධි අංශ නිළධාරීන් විසුරුවා හැර ඔහුගේ හිතවත් සමීපතමයන් කණ්ඩායමක් එම රාජකාරිය සදහා යොදවා ඇති බවට දැන ගැන්මට තිබේ.වැඩිදුරටත් ඔහු තමන්ගේ සමීපතමයන්ට උපදෙස් දී ඇත්තේ හිටපු අමාත්‍ය පිල්ලෙයාන් සමග සම්බන්ධතා පවත්වන ලෙසය.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා කෙරෙන පිල්ලෙයාන් සමග නැගෙනහිර පොලිස් ප්‍රධානියා ගනුදෙනු කිරීම අපට නම් ඉතා බරපතල හා සැක සහිත ගනුදෙනුවකි.මේ ගණුදෙනුවේ කෙළවර තවත් පාස්කු ප්‍රහාරයක් වන්නට බැරි නැත. අපට ලැබී ඇති මේ තොරතුරු හුදකලාව විමසීම අරුත් විරහිතය.මේ සෑම තොරතුරක්ම එකින් එකට බැඳී පවතින කුමන්ත්‍රණ වේ.එහි කෙළවර ඇත්තේ කුල්ල කුජීත වී ඇති දේශපාලන පාදඩයන් සමීපයේ බවද වටහා ගත යුතුය.එහිදී අපට මතක් කිරීමට ඇත්තේ මර්වින් සිල්වා රාජපක්ෂ වරුන් ගැන කළ සඳහනය.ඒ "ඒක තමා රාජපක්ෂවරුන්ගේ ස්ටයිල් එක" යන්නය.
Comments
Post a Comment