හමුදා අවි ජාවරමේ සැකකරු ඉන්දියාවේදී අත් අඩංගුවට පත්වේ
ජනපති අනුර සහෝදරයා 2025 ජනවාරි මාසයේ මැද හරියේදී සිරස සමග කළ සාකච්ඡාවකදී හමුදා කඳවුරකින් ආයුද හැත්තෑවක් මෙරට පාතාලය අතට ගොස් ඇති බව පැවසුවේය.එම ආයුද හැත්තෑවෙන් තිස් පහක් මේ වන විට හොයා ගෙන ඇති බවත් ඉතිරිය තවමත් පාතාලයේ ඇති බවට සැක කරන බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කෙරුවේය.
හමුදාවෙන් ලබා ගත් මෙම ආයුද දඹුල්ලේ සිට හෝමාගම දක්වා ගෙන එන ලද්දේ මාධ්‍යවේදියෙකු බව කියවෙන ලැයිස්ගත අපරාධකරුවෙකි.මේ ලැයිස්තුගත අපරාධකරු ගැන පොලීසිය මෑතකදී නිවේදනයක් පවා නිකුත් කරන ලදී.දැනට මරණයට පත්වී සිටින කොස්ගොඩ තාරක සමග සම්බන්ධ කම් පවත්වන ලද මේ අපරාධකරු සමග අවි ජාවාරමේ නිරත වූ තවත් අයෙකු මේ වන නීතිපති කාර්යාලයේ සේවයේ නිරත වන බවද අනාවරණය වී තිබේ.එම අවි ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙක් වූයේ නාරාහේන්පිට අමිල නම් පාතාලයාය.නාරාහේන්පිට අමිල විසින් එම ගිණි අවි තුනක් යෝෂිත රාජපක්ෂ වෙත දුන් බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළිදරව් වී තිබුණි.හමුුුදා කඳවුරකින් මෙතරම් ආයුද තොගයක් සොරකම් කිරීම පිටිපස ඇත්තේ අපූරු කතන්දරයකි.මෙම අවි සොරකම විශේෂ කාර්ය බලකායේ අණදෙන නිළධාරීවරයා වශයෙන් කටයුතු කළ ලයනල් ගුණතිලක ඉවත් වීමෙන් පසුව එහි නව අණදෙන නිළධාරියා වූ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරට තමන් දක්ෂයකු බවට රජයට ඇඟවීම සඳහා සිදු කළ තක්කඩි ව්‍යාපෘතියක් විය.මෙය මෙහෙවන ලද්දේ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් නැමැත්තාය.ඔහුගේ අත් උදව්කරු වූයේ නාරාහේන්පිට අමිලය.නාරාහේන්පිට අමිල මේ සිද්ධියෙන් පසු මෙරටින් පලා ගියේය.මේ වන විට නාරාහේන්පිට අමිල ඇතුළු තිදෙනෙකු ඉන්දියාවේදී අත් අඩංගුවට පත් වී තිබේ.මේ සැකකරුවන් ලංකාවට ගෙන ඒම පිළිබඳව සැළසුමක් තවමත් පොලීසියෙන් වාර්තා වී නැත.එහෙත් මෙම අපරාධකරු ලංකාවට ගෙන ඒම වැලැක්වීමට හෝ එසේත් නැතහොත් මෙරටට ගෙන ආව හොත් මරා දැමීමට විශේෂ කාර්ය බලකායේ හිටපු කණ්ඩායමක් මේ වන විටත් කුමන්ත්‍රණය කරමින් සිටින බව පැවසේ.කෙසේ වෙතත් ඉන්දියාවේ පොලිස් අත් අඩංගුවේ පවසන නාරාහේන්පිට අමිල ලංකාවට රැගෙන ආව හොත් අවි ජාවාරම හා සම්බන්ධ සියළු තොරතුරු අනාවරණය කරන බවට සිය හිතවතෙකුට පවසා ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment