කේලමා අම්බලන්ගොඩ පොලීසියේ මූපොප බවට සැකයක්
- Get link
- X
- Other Apps
- අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඉඩම්තොට ප්‍රදේශයේදී අද සවස (14) වෙඩි ප්‍රහාරයකට ලක්ව තරුණයකු මිය ගිය බව වාර්තා වේ.පොඩි සුද්දා නමින් හැඳින්වෙන මෙම තරුණයා පොලීසියට ඔත්තු සපයන්නකු බව අනාවරණය වේ.
- දැනට ලැබී ඇති තොරතුරු අනුව මේ තරුණයාට වෙඩි තබා ඇත්තේ කරණ්දෙනිය සුද්දාගේ පාර්ශවයෙන් බව පැවසේ.කරණ්දෙනිය සුද්දා නැමැත්තා යුද හමුුුදා සේවයේ යෙදී සිටියදී හිත හොඳ දොස්තර වශයෙන් කරණ්දෙනිය ප්‍රදේශයේ ප්‍රසිද්ධියට පත්ව සිටි වෛද්‍යවරයකු ඝාතනය කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැරීමෙන් පසුව බරපතල අපරාධ ගණනාවකට සම්බන්ධ වූ ලැයිස්තුගත අපරාධකරුවෙකි කරණ්දෙනිය සුද්දා නැමති හිත හොඳ දොස්තර ඝාතනය කරන ලද්දේ යුද හමුදාවේ සේවය කළ රාජු නම් වූ සිය සහෝදරයා සමගය.මේ වන විට එම දෙදෙනාම ඩුබායි රාජ්‍යයේ සැගව සිටී.සමන් කොල්ලා නම් අපරාධකරුද සිටින්නේ කරණ්දෙනිය සුද්දා සමග බවට තොරතුරු ලැබී තිබේ.කරණ්දෙනිය ප්‍රදේශයේ වෙසෙන ජනතාව අතර ඉතා ජනප්‍රියව සිටි මෙම වෛද්‍යවරයා 1971 කැරැල්ලේදී ඇල්පිටිය පාලනය කළ ජවිපෙ නායකයකු වූ ජයසිංහ ගේ පුත්‍රයාය.ජයසිංහ පසුව ගුරු වෘත්තීයට පිවිස විදුහල්පතිවරයකු ලෙස විශ්‍රාම ගියේය.මේ වන විට අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා හා කරණ්දෙනිය සුද්දා අතර පවතින්නේ ගජ මිතුරු සම්බන්ධතාවකි.මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා වශයෙන් සේවය කිරීමට ප්‍රථම කරන්දෙණිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ අතර මීට පෙර පැවති රජයේ ප්‍රබලයකු වූ වජිර අබේවර්ධන ගේ මැදිහත් වීමෙන් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස පත් කෙරිණි.පසුගියදා බොහෝ පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරුවීම් කෙරුවද අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ගේ ස්ථාන මාරුවීම වජිර අබේවර්ධන ගේ ඉල්ලීම පරිදි නීතිය හා අමාත්‍යංශයේ ප්‍රබලයකු ගේ මැදිහත් වීමෙන් අවලංගු කරන ලද බවද වාර්තා වේ.ප්‍රදේශයේ බොහෝ පාතාල ක්‍රියාකාරිකයන් සමග ගනුදෙනු කරන මෙම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයාට එම පාතාල ක්රියාකාරිකයන්විසින් මාසිකව වැටුප් පවා ගෙවන බවට ප්‍රදේශවාසීන් අතර කතා බහක් පවතී.අද දින වෙඩි ප්‍රහාරයට ලක් වූ තරුණයා කරණ්දෙනිය සුද්දාට පාවා දෙන්නට ඇත්තේද මෙම මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා බවට සැකයක් මතු වී තිබේ.
- Get link
- X
- Other Apps
Comments
Post a Comment