"...ඩීල් දාන්න හදන්න එපා.ඔබ බලයට පත් කර ගත්තේ පෙර පුරුදු දුර්දාන්තය පවත්වාගෙන යාමට නොවෙයි.ලබා දී ඇති බලය භාවිතා කර රට පිරිසිදු කිරීම කරන්න තවත් කල් ගත යුතු නෑ.මැතිවරණයට පෙර ජනපතිවරයා විසින් කටුවාපිටිය පල්ලියට පැමිණ ලබා දුන් පොරොන්දුව හැකි ඉක්මනින් ඉෂ්ඨ විය යුතු බවත් පාස්කු ප්‍රහාරයේ 6 වන සංවත්සරය අවසථාව වන විට මෙම විමර්ශනය සිදුවන ආකාරය සම්බන්ධව සාධාරණ හා යුක්ති ගරුක සංඥාවක් අපේක්ෂා කරනවා.එසේ නොමැති වුව හොත් යලිත් මහ මගට බසිනවා හැර වෙන විකල්පයක් නැහැ....
පසුගියදා කාදිනල් හිමියන් එසේ පැවසුවේ අගරදගුරු පදවි සන්නිවේදන කේන්ද්‍රය විසින් 2025 ජුබිලි වසර වෙනුවෙන් සංවිධානය කර තිබූ අගරදගුරු පදවි ජනසංනිවේදන සමුළුවේදීය.
සැබවින්ම පාස්කු ප්‍රහාරය පිටුපස අදෘශ්‍යමාන හස්තය ඉක්මනින් නිරාවරණය කර ගැනීම ආණ්ඩුවේ අනිවාර්ය වගකීමකි.ඒ අනිවාර්ය වගකීම ඉටු කිරීමට කල් බැලීම අන් කිසිවෙකුටත් වඩා රිදුමක් වන්නේ පාස්කු ඛේදවාචකයේ වින්දිතයන් පාර්ශවයටය.
රාජන් හූල් විසින් රචනා කරන ලද පාස්කු ඛේදවාචකය නම් ග්‍රන්ථයේ පසු වදන ලිය ඇති මහින්ද හත්තක සඳහන් කර ඇත්තේ "නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කූඨෝපායන් බවට පත් නොවූයේ නම් පාස්කු ප්‍රහාරයේ මහ මොළ කාරයා සේ සැළකෙන සහරාන් ප්‍රාදේශීය සුෆී භක්තිකයන්ට පහර දෙන ගණන් කාරයෙකුට වඩා වැඩි කෙනෙක් නොවනු ඇති" බවය.මේ සඳහනේ වැඩි බර ඇත්තේ "නීතිය ක්‍රියාත්මක කරවීම දේශපාලන කූඨෝපායක් බවට පත් නොවූයේ නම්" යැයි කියවෙන වචන කිහිපයේය.එහි දැක්වෙන දේශපාලන කූඨෝපායට ජාජබ ආණ්ඩුවද පැටලී ඇතැයි සිතන තරමට පාස්කු ප්‍රහාරයට ගොදුරු වූ වින්දිත පාර්ශවය දැන් පත්ව
සිටින බව පැහැදිලිය.කාදිනල් උන්වහන්සේ මැසිවිලි නගන්නේද ඒ නිසාය.
"ලංකා සර" අන්තර්ජාල පුවත්පතේ "නඩු වාර්තාවක් නොවේ මනුස්සකම ගැන කතාවක්" නම් ශීර්ෂයෙන් ඊයේ (19) පල වූ ලිපියක මෙරට සිදු වූ අපරාධයක වග තුග පල වී තිබුණි.එහි සඳහන්ව තිබූ ආකාරයට දශක ගණනාවක් මෙරට ජාතික පුවත්පත්වල මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ ශ්‍රියාණි විජේසිංහ ගේ සැමියා මීට මාස තුනකට පෙර මහ මගදී ඝාතනය කෙරිණි.මෙම ඝාතනය සම්බන්ධයෙන් නාවුක හමුදාවේ හිටපු නිළධාරියකු හා ඔහුගේ නීතිඥ බිරිඳ ගැන සැකයක් වින්දිත පාර්ශවයට පවතී.එහෙත් ඒ පිළිබඳව දෙහිවල පොලීසියට හෙළි කෙරුවද පොලීසිය එම සැකකාරයින්ගෙන් කට උත්තරයක් පවා මෙතෙක් අර ගෙන නැත.අනතුරුව මාධ්‍යවේදිනී ශ්‍රියාණි විජේසිංහ පොලිස් පති වරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.එහි පිටපත් නීතිය හා සාමය ඇමති ආනන්ද විජේපාලට හා නියෝජ්‍ය අමාත්‍ය
සුනිල් වටගලටද යැව්වාය.එහිදී ඇමති සුනිල් වටගල ඇයට පවසා ඇත්තේ "අමුතු පරීක්ෂණ අවශ්‍ය නැති බවත් ගෙදර මිනිසුන්ට මේ මරණය ලොකු සිද්ධියක් වුවද පොලීසියට මේ සිද්ධිය තවත් අපරාධයක් පමණක්" බවය.
ජාජබ ආණ්ඩුවේ න්‍යෂ්ඨිය ජනතා විමුක්ති පෙරමුණය.ඇමති සුනිල් වටගල ජේවීපී කාරයෙකි.නිකම්ම නිකම් හාල් පාරු ජේවීපී කාරයෙක්ද නොවේ.ඔර්ජිනල් ජේවීපී කාරයෙකි.සිය සැමියා ගේ ඝාතනය ගැන කම්පනයට පත්ව සිටින අසරණ ගැහැණියකට මේ ඔර්ජිනල් ජේවීපී කාරයගේ ඇමතීම මෙරට පසුගිය කාලයේ බලයේ සිටි අහංකාර දේශපාලඥයකුගේ ඇමතීමත් අතර කිසිදු වෙනසක් නම් නැත.පසුගියදා සිය රියදුරු මහතාට බූරුවා යැයි ඇමතුවේද මේ උන්නැහේය.ඒ රියදුරු මහතා නීතිය හා අමාත්‍යංශයෙන් මේ වන විට ස්ථාන මාරු වී ගොස් ඇති බව පසුගියදා මාධ්‍ය වාර්තා කර තිබුණි.ඔහු අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයේ විහිළුවට ලක් වීම එම ස්ථාන මාරු වී යාමට හේතුවයි.මනුෂ්‍යත්වය හා ආදරය ගැන කෙල කෝටියක් කතන්දර කවි ගායනා කරන ජනතා විමුක්ති පෙරමුනේ ඉදිරිපෙල නායකයකු ඇමතිවරයකු ලෙස රූපාන්තරනය වූ පසුව ඔහුගේ මනස වැඩ කරන්නේද වලව්කාර හාමු පැලැන්තියේ දේශපාලන හැසිරීම් හැඩයටම බව මේ එක් නිදර්ශනයකි.
මේ නිදර්ශනයන් ගැන අවධානය යොමු කරනවිට අපට සිතා ගත හැක්කේ නීතිය හා සාමය අමාත්‍යංශයේ ජවිපෙ උද්දච්ච කෙරුමන්ට අනුව පාස්කු ප්‍රහාරය තාජුඩීන්, ප්‍රගීත් එක්නැලිගොඩ, මාධ්‍යවේදී ලසන්ත හා සිවරාම් ආදී ඝාතන ආදී සිද්ධීන් ඒවායින් විඳවන වින්දිත පාර්ශවයන්ට විශාල සිද්ධීන් බව හැබෑය.එහෙත් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මේ අපරාධ සියල්ලම තවත් අපරාධ පමණි.මින් හැඟවෙන්නේ ජාජබ ආණ්ඩුවේ සැබෑ කෙරුවාව බවද සිතා ගත හැකිය.අප එසේ ලියන්නේ මාධ්‍යවේදිනී ශ්‍රියාණි විජේසිංහයන් වෙත ඇමති සුනිල් වටගල කළ උද්දච්ච හා අමානුෂික ප්‍රකාශය තක්සේරු කරමිනි.
මේ වන විටත් නීතිය හා සාමය අමාත්‍යංශයේ උපදේශකයා තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීම පිළිබඳව මහාධිකරණයේ චෝදනා ලද චුදිතයෙකි.
පොලිස් දෙපාර්තමේන්තුවේ රහස් පොලීසිය තවමත් හසුරවන්නේ අන්ත දූෂිතයන්ය.රාජපක්ෂවරුන් හා එක පතේ කෑ වුන්ය.ජනාධිපතිගේ ආරක්ෂාව පිළිබඳ වගකීම පවා බාර දී ඇත්තේ රාජපක්ෂවරුන්ට බැළ මෙහෙවරකම් කළ පොලිස් කාරයන්ටමය.මේ පොලිස්කාරයන් පොලිස්පති වරයාගේ නියෝග වලට වඩා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂකයා වූ ලුතිනන් කර්නල් නෙවිල් වන්නිආරච්චිගේ
නියෝග පිළිපදින්නන් වේ.
ජාතික බුද්ධි සේවාව හා හමුදා බුද්ධි සේවාව අච්චාරුවක් වී තිබේ.ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සදහා කැප වූ ආරක්ෂක හමුදා වල හා පොලීසියේ සැමට දැන් සිදු වී ඇත්තේ "වැල කෑ පබිලා"ගේ කවි ගායනා කරමින් හිත හදාගන්නටය.ඕනෑ නම් වැල කෑ පබිලාගේ කවි රචනාවෙි එක කවියක් මෙහි ලිවිය හැකිය.ඒ සිද්ධ වී ඇති දේට ගැලපෙනම කවියයි.
ලාබෙට ලැබුණට පුහු පොල් කෑවා
ඒ පිට වැල කුණකුත් ඇද බෑවා
මේවට බඩ පුප්පාගෙන ආවා
කෑමට නරකයි කොයිවත් මේවා
පුහු පොල් ජවිපෙ විදියටද වැල කුණ මාලිමාව ලෙසටද කැමති නම් හිතා ගන්නටද පුළුවන.
අසූ නව දාහකට ආසන්න පොලිස් සේවාව තුළ තමන්ට ලැදියාවක් දක්වන ලද පොලිස් නිළධාරීන් හඳුනා ගැනීමට නොහැකි තරමට ජාජබයේ නායකයන් මොංගල් වීම මාරම හාස්‍ය ජනක අත්දැකීමකි. ජාජබයට උදව් උපකාර කළ බොහෝ දෙනා දැන් කතා බහ කරන්නේ
අනුර කුමාර දිසානායක සහෝදරයා තුළ ජනපති ධුරයට පත් වීමට පෙර පැවති
විප්ලවීය කෙරුවාව මන්ද පෝෂණයට ගොදුරු වී තිබීම ගැනය.ඔවුන් එය සංසන්දනය කරන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බලය හා කෙරුවාවටය.කපුටු ගූත් බෙහෙතට ඕනෑ වෙනවා යැයි අපේ ජනප්‍රවාදයේ කියමනක් තිබේ.ජනපති සහෝදරයා මහින්ද රාජපක්ෂගෙන් ඉගෙන ගත යුතු බොහෝ දේවල් තිබෙන බවද එහිදී පෙන්වා දෙන්නට පුළුවන.එය එසේ වූයේ නම් නීතිපති ගේම් ගහන්නේ නැත.හාල් මෝල් කාරයන් මේං කොකා පාන්නේද නැත.පොලිස් කාරයන් ඉන්ටඩික් පොලිස් පති අල්ලාගන්නට පිස්සු බල්ලන් මෙන් හතර අතේ දුවන්නේද නැත.ඉන්ටඩික් පොලිස්පති ගේ අතුරුදන් වීම හා සමාන සිදුවීමකට මහින්ද රාජපක්ෂ මුහුණ පෑවේ නම් ඔහු දුරකථනයෙන් අදාල වග උත්තරකාර පාර්ශවය අමතන්නේ ශුද්ධ සිංහලයෙනි.අනතුරුව අසන්නේ එක ප්‍රශ්ණයකි.ඒ "තමුසෙ ඔය නටන නාඩගම ඉවර වෙන්නේ කවදාද" කියාය. ප්‍රශ්ණය එච්චරය.ඒ ඇමතීම අසන්නා පළමු පැය තුළදීම අධිකරණයට දුවන්නේ කලිසමේ හුජ්ජා පෙරා ගෙනය.
ජාජබ ආණ්ඩුවේ විධායක බලයේ හයිය හත්තියද එසේ මෙසේ නොවේ.එහෙත් ආණ්ඩුවට ඒ ගැන වගේ වගක් නැත.ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් හා තෙල් බෙහෙත් විකුනන්නන් කවි කොල කාරයන් මහජන පොලේ කරවල එළවළු විකුනන්නන් අතර වෙනසක් නැති බවට සිතන තරමට මහජන මනස හීන් සැරයේ
හැඩ ගැසෙමින් තිබෙන බව අපට හැඟේ.
පසුගිය දවසක කෝප් කමිටු රැස්වීමකදී ජාජබ මන්ත්‍රීවරයකු විපක්ෂයේ චාමර සම්පත් මන්ත්‍රීවරයා ගැන සඳහන් කෙරුවේ "අර බණ්ඩාරවෙල බඩා" යනුවෙනි.ජාජබ මන්ත්‍රීවරයකු අනෙකා මෙසේ හැඳින්වීම ඉතා බරපතලය.මෙරට
ජනතාව පසුගිය මැතිවරණයේදී ජාජබයට කතිරය ගැසුවේ දැන උගත්කම හා මනුෂ්‍යත්වය පිළිබඳව විශ්වාසය තබමිනි.එහෙත් එම ජාජබ මන්ත්‍රීවරයා නෝන්ඩි කෙරුවේ ඒ විශ්වාසයයි.
සැබැවින්ම පසුගියදා දෘෂ්‍යාභාධිත
ජාජබ මන්ත්‍රී වසන්ත සිල්වාට නින්දා කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාත් කෝප් කමිටුවේදී චාමර සම්පත් මන්ත්‍රීවරයාට
අපහාස කළ මන්ත්‍රීවරයාත් එකම වල්ලේ පොල්ය.
ඊයේ පෙරේදා දවසක ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියකු ලියුම් කරු අමතා කීවේ ජනපතිතුමා හැම දෙයක් ගැනම දන්නවා.ඒත් එයා තවම තමන් ජනපති බව දන්නේ නෑ කියාය.මේ යන විදියට ගිය හොත් ජාජබ ආණ්ඩුවට අත් කර ගන්නට හැකි වන්නේ ජයග්‍රහණ නම් නොවේ.
බල්ලා මාක් වෙන්නටය.ජාජබයේ ගමන් මගේ කෙළවර ඇත්තේ අපේක්ෂා භංගත්වය හා පරාජය නම් එහි අවාසනාවන්ත ප්‍රතිඵළය අත් විඳින්නට සිදුවන්නේ අහිංසක ජනතාවටය.
මේ වන විටත් ජාජබයන්ට බලයට ඒමට මාධ්‍ය හැසිරවූ යූ ටියුබ කරුවන් ආණ්ඩුවට හීනියට ඇනුම්පද කියමින් සිටී.ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ අහංකාර කම ගැන ඒ තුළ බොහෝ විට සාකච්ඡා වෙමින් පවතී.කෙසේ වෙතත් ආණ්ඩුවේ ඇත්තන්ට ඉගෙන ගැනීම සදහා ඒ ගැන කාල් මාක්ස් ගේ පොතෙන්ම උදාහරණයක් ගෙන දැක්විය හැකිය.
"...ජනතාවගේ විරෝධය සහ කැපවීම වරක් අවදිකළ විට වැඩි කළක් නොගොස් බලාපොරොත්තු කඩවීම සහ කළකිරීම ඇති කරනු ඇත.ජනතාව ආකර්ශණීය සටන් පාඨවලින් නැවතත් අවදි කිරීමට අසීරු වනු ඇත..."
(ලොකු කුමා)
Comments
Post a Comment