හරක් සොරකම් කළ පොලිස් ලොක්කා අතුරුදන්
සොරකම් කරන ලද ගවයන් විසි දෙකකට ආසන්න සංඛ්‍යාවක් සමග වැලිකන්ද මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර තිබූ ජාවාරම්කරුවන් දෙදෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවකදී එම ගවයන් රජයේ ගොවිපොළකට බාර දෙන ලෙසට කර තිබූ නියෝගය කඩ කරන ලද වැලිකන්ද පොලීසියේ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වැලිකන්ද මහේස්ත්‍රාත්වරයා ඊයේ(18)දින පොලීසියට නියෝග කරන ලදී.
අධිකරණ නියෝග නොතකා වැලිකන්ද පොලීසියේ සථානාධිපතිවරයා එම ගවයන් නඩුවේ විත්තිකාරයන් හට ආපසු බාර දී තිබේ.ඒ සම්බන්ධයෙන් වැලිකන්ද මහේස්ත්‍රාත්වරයාට නිර්නාමිකව ලැබුණ පෙත්සමක් ඔහු විසින් පෞද්ගලිකව සොයා බලා අනතුරුව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට එම පැමිණිල්ල විභාග කිරීමට නියෝග කරන ලද බවද වාර්තා වේ.සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අධිකරණයට ඉදිරිපත් කරන ලද පොලීසිය නඩුවේ පළමු සැකකරු වන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති අතුරුදන් වී ඇති මහේස්ත්‍රාත්වරයාට දැනුම් දෙන ලදී.මෙහිදී වැලිකන්ද පොලිස් සථානාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළ මහේස්ත්‍රාත් වරයා ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක්ද පැනවීය.
Comments
Post a Comment