හිටපු පොලිස්පති හොර අරක්කු ජාවාරම් කාරයෙක්ද
අධිකරණ නියෝගයකින් පොලිස්පති ධුරයේ කටයුතු අත් හිටවූ දේශබන්දු තෙන්නකෝන් පදිංචිව සිටි අතුරුගිරිය හෝකන්දර නැගෙනහිර පිහිටි නිවස අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් පරීක්ෂා කරන ලද බව වාර්තා වේ.එහිදී එම නිවසේ තිබී දේශබන්දු තෙන්නකෝන් ගේ නිල පිස්තෝලය හා විදේශීය මත්පැන් බෝතල් දාහකට අධික සංඛ්‍යාවක් හමුවූ බව දැන ගැන්මට තිබේ.නිල පිස්තෝලය නිවසේ තිබීම නිසා දේශබන්දු තෙන්නකෝන් රහසේ විදේශ ගත වී ඇතැයි යන සැකයද මතුවේ.
මේ වන විට එම නිවසේ තිබී සොයාගන්නා ලද මත්පැන් තොගය පොලීසිය ලැයිස්තුකර ගත කරමින් සිටින බව පැවසේ.පොලිස් ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් අනාවරණය වන පරිදි හිටපු පොලිස්පති වරයා නීතිවිරෝධී ආකාරයෙන් විදේශීය මත්පැන් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි බවට සැකයක් ඇති වී තිබෙි.හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක කළ යුක්තියේ මෙහෙයුම මගින් නීති විරෝධීව විදේශීය මත්පැන් බෝතල් ජාවාරම් කළ බොහෝ දෙනෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පසුගිය කාලයේ ජනමාධ්‍ය මගින් වාර්තා කෙරිණි.එහෙත් යුක්තියේ මෙහෙයුමට අණදුන් පොලිස්පතිවරයාගේ නිවසේ නීතිවිරෝධීව විදේශීය මත්පැන් බෝතල් තොගයක් සඟවා ගෙන තිබීමද බරපතල හා හාස්‍යජනක සිදුවීමකි.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරීන් විසින් දේශබන්දු තෙන්නකෝන් පදිංචිව සිටි නිවසේ තිබී අත් අඩංගුවට ගන්නා ලද එම නීතිවිරෝධී මත්පැන් බෝතල් අධිකරණයට ඉදිරිපත් කිරීම මග හැරි පොලිස් ප්‍රධානියකු ගැන මෙහිදී අනාවරණය වේ.එම පොලිස් ප්‍රධානියා විසින් අතුරුගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාට කතා කර අත් අඩංගුවට ගත් මත්පැන් බෝතල් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ඉල්ලා සිට ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ එය තමන්ගේ රාජකාරිය නොවන බවය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වටලන ලද දේශබන්දු තෙන්කෝන් පදිංචි සිටි බව පැවසෙන මෙම නිවස හා ඉඩමේ නිත්‍යනුකූල හිමිකාරිත්වය ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක නායක හිමි නමකට බවද ජාතික බුද්ධි තොරතුරු වාර්තාවක සඳහන් වේ.මේ අතර දැනට සැඟවී සිටින දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව ඔත්තුවක් ලබා දෙන අයෙකුට ත්‍යාග මුදලක් ලබා දීමට සැළසුම් කර ඇතත් පොලීසියේ කීර්ති නාමයට හානියක් වීමට ඉඩ ඇති නිසා පොලිස් මූලස්ථානය ඒ පිළිබඳව ප්‍රචාරය කිරීමෙන් පවා වැලකී සිටින බවද වාර්තා වේ.
Comments
Post a Comment