නාමල්ට එරෙහිව ක්‍රිෂ් නඩුව කල් යයි



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් 

නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව අද (26)කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙරට රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි සඳහන් කරමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාවද්‍ය පරිහරණය කරන ලදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා අධි චෝදනා ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුකරය⁣ට අදාලව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති නඩුවෙි මුල් ගොනුව මෙතෙක් තම අධිකරණයට ඉදිරිපත් කර නැති බැවින් එම නඩු වාර්තාව වහාම තම අධිකරණයට කැඳවා ගන්නා ලෙසට මහාධිකරණ විනිසුරුවරිය
රෙජිස්ට්‍රාර් වරයාට නියෝග කළ අතර නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ලබන දෙසැම්බර් 18 වනදා කැඳවීමටද නියෝග කෙරුවාය.

Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව