කෙහෙල්බද්දර පද්මේ හා බැකෝ සමන් ගේ පිටුපස ඉන්නා දේශපාලඥයන් කවුද

 



විාද්ශගතව සිට මෙරට අපරාධ ගණනාවක් සිදු කරන ලද කෙහෙල්බද්දර පද්මේ,කමාන්ඩෝ සලින්ත හා බැකෝ සමන් නම් පාතාල අපරාධකරුවන් ඉන්දුනීසියාවේදී අත් අඩංගුවට ගෙන ලංකාව⁣ට ගෙන එන ලදී.කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත නම් පාතාල ක්‍රියාකාරිකයන් දෙදෙනා ගම්පහ දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමට හා මිනීමරුම් ගණනාවකට සම්බන්ධ වූවන් ⁣වේ.

මොවුන් දෙදෙනා සමග අත් අඩංගුවට ගත් බැකෝ සමන් නැමැත්තා දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍රීය කරගනිමින් පාතාල ක්‍රියා කාරකම්වලට සම්බන්ධ වූ අයෙක් බව පැවසේ.ඇඹිලපිටිය පොලීසිය 2022 වර්ෂයේදී ඇඟලුම් කම්හලක සඟවා තිබූ හෙරොයින් කිලෝ 38 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගන්නා ලදී.එම හෙරොයින් හරක් කටා ගේ බව තහවුරු වූ අතර ඒවා බෙදා හරින ලද්දේ බැකෝ සමන් හා ඔහුගේ බිරිඳ බවද අනාවරණය විය.
කෙසේ වෙතත් මෙම හොරොයින් තොගය සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුව දෙන ලද්දේ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා නැමැත්තා බවට බැකෝ සමන් තුළ සැකයක් පැවතුණි.අරුණ  විදානගමගේ ටෘත් ඔෆ් චමුදිත යූ ටියුබයේ රාජපක්ෂවරුන්ගේ අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් විවේචනය කෙරුවේද මේ කාලයේදීය.

ඒ වන විට හරක් කටා බන්ධනාගාර ගතව සිටි බැවින් බැකෝ සමන්ට ඔහු සමග තිබූ සම්බන්ධතාවය දුර්වල වී තිබුණි.එහෙත් මේ අවස්ථාවේ කිසියම් දේශපාලඥයකු බැකෝ සමන් කෙහෙල්බද්දර පද්මේට හඳුන්වා දී ඇත.
ඒ අරුණ විදානගමගේ නොහොත් කජ්ජා ඝාතනය කිරීම සඳහා වූ සැළසුම ක්‍රියාත්මක කිරීම සඳහාය.ඒ අනුව බැකෝ සමන් විසින් ⁣අරුණ විදානගමගේ ඝාතනය කිරීමෙන් පසු සිය බිරිඳ සමග විදේශගත වේ.

මිද්දෙනිය ප්‍රදේශයේ එතරම් ප්‍රසිද්ධියට පත් නොවූ අපරාධකරුවකු වූ බැකෝ සමන්ට කෙහෙල්බද්දර පද්මේ විසින් ආරක්ෂාව සපයන්නේ බලවත් දේශපාලනික සම්බන්ධතාවක් නිසා පැහැදිලිය.ඉන්දුනීසියාවේ සංචාරක නිකේතනයක රැඳී සිටි කෙහෙල්බද්දර පද්මේ හා කමාන්ඩෝ සලින්ත යන දෙදෙනා ආරක්ෂාව සලසා ගැනීම සදහා යන්නේද බැකෝ සමන් නැමැත්තා සැඟවී සිටින ස්ථානයටය.එහිදී කෙහෙල්බද්දර පද්මේ හා සලින්ත බැකෝ සමන් පිළිබඳව දැඩි විශ්වාසයක් තිබූ බවද සිතිය හැක.
ඒ බැකෝ සමන් හා මෙරට පැවති දේශපාලනික ප්‍රබලයකු අතර පැවැති සම්බන්ධතාව නිසා බවද වටහා ගත හැකිය

Comments

Popular posts from this blog

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

මිනීමරු රණවීරගේ කෙරුවාව ගැන හිරිකිතයක් අමනාපයක් කෝපයක් ජාතික ජන බලවේගයේ සහෝදරවරුන්ට නැද්ද අප්පා