දුම්රිය රියදුරන්ගේ තක්කඩි වර්ජනය බැසිල් හාමු ගේ ගේම් එකක්
.png)
දුම්රිය රියදුරන්ගේ වර්ජනය අවසන් වූයේ අහිංසක තරුණයෙකුගේ ජීවිතය බිල්ලට ගැනීමෙන් අනතුරුවය.එම තරුණයාගේ හදිසා මරණය ගැන සමාජ මාධ්‍ය තුල බොහෝ දෙනෙකු චෝදනා කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණටය.ඇතැම් වාහිනී එම මතයම හීන් සීරුවේ ජනගත කරන්නට උත්සාහ දෑරූ බව පෙනෙන්ට තිබුණි. දේශපාලනික අවබෝධයක් නැති මේ රටේ ජීවත්වන බොහෝ දෙනෙකුගේ ඔළුව තුළ සිරවී ඇති කරුණක් තිබේ.ඒ මේ මෙරට සිද්ධ වන සෑම වැඩ වර්ජනයකටම ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ බවය.ඒ නිසා දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනයේ බිල ලියවුනේද ජනතා විමුක්ති පෙරමුණටය. දුම්රිය රියදුරන්ගේ වැඩ වර්ජනය අරඹන ලද්දේ පොදු ජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියකි.බන්දුල ගුණවර්ධන ඇමතියා විසින් වර්ජනයට සම්බන්ධ රියදුරන් 84 දෙනා සේවයෙන් ඉවත් කරන බවට පැවසීමත් සමගම වර්ජනය අවසන් කෙරිණි.මේ වෘත්තීය සමිතියේ උරුමක්කාරයා බැසිල් හාමු බවද බන්දුල ගුණවර්ධන දනී. මේ දුම්රිය වර්ජනය බැසිල් හාමු ගේ රනිල් හාමු ගේ උපදෙස් මත සිඳු වූ ප්‍රදර්ශනාත්මක වැඩ වර්ජනයක් බවට සිතිය හැකි කාරණා බොහෝය. වෘත්තීය සමිති වල හැසිරීම ජනතාවට කළකිරවීම ආණ්ඩුවේ අවශ්‍යතාව වී තිබුණි.ඉදිරියේදී ව...