හරක් කටා ස්කේප් වීමට දැරූ උත්සාහය පොලිස් ලොක්කෙකුගේ හා ප්‍රබල දේශපාලඥයකුගේ කුමන්ත්‍රණයක් බවට සැකයක්.

 


  • නඳුන් චින්තක නොහොත් හරක් කටා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත් අඩංගුවෙන් මිදී පැන යාම සදහා උදව් උපකාර කිරීමට සූදානම්ව සිටියේ යැයි  චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල් වරයා මේ වන විට ⁣විදේශ රටක සිටින බව⁣ට ඔහුගේ දෙමව්පියන් වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

    නඳුන් චින්තක නොහොත් හරක් කටා අත් අඩංගුවෙන් පැන යාමට තැත් කරන ලදැයි කියවෙන සිදුවීම පොලිසියේ ඇතැම් ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක ගේ හා ප්‍රබල දේශපාලඥයකුගේ  සම්බන්ධතාව මත නිර්මාණය කරන ලද කුමන්ත්‍රණයක් බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.එම සැලසුම පිටුපස ඊළඟ පොලිස්පති තනතුර සදහා පවතින බල අරගලයද නිමිත්තක් වී ඇතැයි කියවෙන තොරතුරුද වාර්තා වේ.මේ කුමන්ත්‍රණකාරී සැළසුමේ පහලම ඇවරියේ සිටි පොලිස් කොස්තාපල් වරයා මන්නාරම දක්වා කැඳවා ගෙන ගොස් බෝට්ටුවකින් විදේශ රටකට පලා යාමට ඉඩ සළස්වා ඇත්තේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු සම්බන්ධ බවද අප හට අනාවරණය වී තිබේ.

    නඳුන් චින්තක හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී ලැබෙන විශේෂ සැළකිළි පිළිබඳව අප දිගින් දිගටම වාර්තා කෙරුවෙමු.අත් අඩංගුවේ සිටි මේ දක්වා කාලය තුලදී නඳුන් චින්තක සන්තකයේ තිබී හෙරොයින් සොයා ගත් අවස්ථා 7 කට වැඩිය.එහෙත් ඒ කිසිම අවස්ථාවක ⁣මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වරයා ඉඩ දී නැත. 

    පසුගිය දින කිහිපයේදී අධිකරණ අමාත්‍යවරයා හා ඔහුගේ පුත්‍රයා බලවත් ප්‍රයත්නයක නිරත වූයේ නඳුන් චින්තක අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ රැඳවුම් නියෝග ඉවත් කර බන්ධනාගාර ගත කිරීමටය.එය අසාර්ථක වීමෙන් පසුව මෙම පැන යාමේ කුමන්ත්‍රණය සැළසුම් කරන ලද බව පෙනෙන්ට තිබේ.මෙහිදී සත්‍ය වශයෙන්ම නදුන් චින්තක හට අත් අඩංගුවෙන් මිදී පලා යාමට අවශ්‍යතාවක් පැවතියේද යන්න පවා  සැක සහිත කාරණයකි.එහෙත් මේ කුමන්ත්‍රණය තුළ යටි අරමුණක් තිබුණ බව නම් පැහැදිලිය.

    කෙසේවෙතත් මේ සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇති නදුන් චින්තකගේ නීතිඥයන් පවසා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව තුළදී ඔහු ඝාතනය කිරීමට ඉඩ පවතින බවය.

    මෙම නීතිඥයන්ගේ කරුණු දැක්වීම හා ඉන් මතුවන තොරතුරු වලින් මෙලෙස නඳුන් චින්තක පැනයාමට වෑයම් කිරීමේ කුමන්ත්‍රණය සිදු කර ඇත්තේ කවර අවශ්‍යතාවක් නිසාද යන්න සිතා ගත හැකිය.මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ පාර්ශවයේ ඊළඟ පියවර විය හැක්කේ නඳුන් චින්තක අපරාධ පරීක්ෂණ⁣ දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීම ඔහුගේ ජීවිතය⁣ට තර්ජනයක් විය හැකි බවට තීරණය කර අධිකරණය මගින් ඔහු බන්ධනාගාර ගත කරන ලෙසට නියෝගයක් ලබා ගැනීමය.

    කෝමද දේශබන්දු තෙන්නකෝන්ලාගේ  හා විජේදාස රාජපක්ෂලාගේ ටිකිරි මොලේ  ඈ........

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්