නීතිඥ සංඟමය පාර්ලිමේන්තුවේදී කයිවාරු නායක හමුවෙලා
මෑත දිනවලදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුව තුළදී සහ ඉන් පිටතදී අධිකරණය, අධිකරණයේ විභාග වන නඩු සහ විනිසුරුවරුන් පිළිබඳව විවිධ ප්‍රකාශ කිරීම් නිසා නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිඳුවන බවටත් හා එහිදී දැනට සේවයේ නිරත ඇතැම් විනිසුරුවරුන්ගේ නම් පවා අනාවරණය කර ඇති බවටත් ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරන බවටත් සඳහන් කොට ලියන ලද ලිපියක් පසුගියදා නීතිඥ සංඟමය විසින් කතානායකවරයා වෙත බාරදුන් බව වාර්තා වේ.
නීතිඥ සංඟමයේ සභාපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඇතුළු
නීතිඥ සංගමයේ නිළධාරීන් පිරිසක් පසුගියදා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව
කතානායක වරයා හා සාකච්ඡා කර තිබේ.ඉහත කරුණු ඇතුළත් ලිපිය නීතිඥ සංගමයේ
නියෝජිතයන් කතානායක වරයාට බාරදී ඇත්තේ එම සාකච්ඡාවේදීය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව තමන් විනිසුරුවරුන් ඇතුළු අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීමට බැඳී සිටින බව කතානායක වරයා ප්‍රකාශ කර තිබේ.
කතානායක
වරයා අධිකරණයේ හා විනිසුරුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන බවට ප්‍රකාශ කෙරුවද
මෑතකදී අධිකරණ ක්‍රියාවලියට බලපෑම් සහගත තර්ජනාත්මක ප්‍රකාශ කිරීම් කරන
ලද්දේ ජනපති රනිල් හාමුය.ජනපති රනිල් හාමු විසින් සිඳු කළ එම ප්‍රකාශ වල
පවතින අගතිගාමී බව විපක්ෂය පෙන්වා දුන් විට තවදුරටත් ඒවා සාධාරණීකරණය
කරමින් පාර්ලිමේන්තුව අධිකරණයට ඉහළින් පවතින ආයතනයක් ලෙසට සඳහන් කරන ලද්දේ
කතානායක උන්නැහේය.
මෙහිදී නිතිඥ සංගමයද කොලය වසා
ගේම සෙල්ලම් කෙරුවාට ජනතාව රැවටෙන්නේද නැත.මෙරට ආණ්ඩුව සමග ගනුදෙනු කරන
පච්ච පීචං විනිසුරුවරුන් කී දෙනෙක් ඉන්නවාද නැද්ද යන ගැන අපට වඩා නීතිඥ
සංඟමය දනී.ඒ අතරේ බන්දුල කරුණාරත්න ,දමිත් තොටවත්ත, ,
මරික්කාර්
,තිලිණ ගමගේ ආදීන් ගේ පාදඩ කෙරුවාව ගැන අපට නීතිඥ සංඟමයට සාක්ෂි ඇතුව
පෙන්වා දිය හැකිය.නීතිපතිවරයා ඊට එහා ගිය දේශපාලනික වසලයෙකි.කොටියෙන්ම
කියතොත් මේ වාහෙලා රුපියල් සත සඳහා රනිල් හාමු ,රාජපක්ෂ පවුල ඇතුළු
ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වැසිකිලි දිවෙන් හෝදන වුන්ය.කොලඹ නගරසභාවේ පොදු
වැසිකිලි පිරිසිදු කරන කම්කරුවන් මේ තක්කඩියන්ට වඩා නම්බුකාරය.වැදගත්ය.
එබැවින්
නීතිඥ සංඟමය මේ සැබෑ යථාර්තය සමග ගණුදෙනු කර නින්දිත අශීලාචාර පාදඩයන්
අධිකරණ ක්ෂේත්‍රයෙන් නෙරපා දමන්නට පෙරමූණ ගැනීම මිස කතානායකවරයා වැනි
හාල්පාරුවන් සමග සාකච්ඡා කිරීමෙන් කිසිදු සාධාරණයක් ඉෂ්ඨ නොවෙන බව සඳහන් කළ
යුතුය.
Comments
Post a Comment