Posts

තේගිරිස් ආරච්චිගේ නැතිවූ කුඩය හා ජාජබ ආණ්ඩුව

Image
  අළුත්ම ප්‍රවෘත්තියක් වූයේ මෙරට බන්ධනාගාර තුළ සිදු වූ දූෂණ සොයන්නට අපරාධ විමර්ශන දෙපාර්ත මේන්තුව ක්‍රියා කරමින් සිටින බවය. සීඅයිඩීය බන්ධනාගාරය තුළ සිඳුවී ඇති දූෂණ හොයන්නට යන්නේ ජනපතිවරයා විසින් වෙසක් පෝය දින සමාවදී නිදහස් කළ සිරකරුවන් පිළිබඳව ඇති වූ ප්‍රශ්ණයක් ජනපති ලේකම් කාර්යාලයෙන් කළ පැමිණිල්ල නිසාය. සීඅයිඩීය බන්ධනාගාර පීරනවාට වඩා රාජ්‍ය ලේඛනාගාරයට ගියා නම් රාජකාරිය ඉතා පහසුවෙන් කරන්නට තිබුණි.ඒ බොහෝ මුද්‍රිත මාධ්‍ය මගින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පවතින දූෂණ වාර්තා කර ඇති බැවිනි.පසුගියදා පැවති බන්ධනාගාර සංවත්සරයකදී  අධිකරණ අමාත්‍යවරයා දෝත බදා දෙකට නැවී සම්මාන ඵළකයක් දුන්නේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් මෙලේච්ඡ ලෙස ඝාතනය කළ සහකාර බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාටය.මේ තිලිණ ප්‍රධානය ගැන ශිෂ්ඨාචාර සමාජය තුළින් මතු වූයේ විරෝධයකි.එහෙත් ඒ විරෝධය ජාතික ජන බලවේගය ආණ්ඩුව තඹ දොයිතුවකට ගණන් නොගත්තේය. ගොඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී විශේෂ කාර්ය බලකාය ලවා බන්ධනාගාරය තුළ සිඳු කරන ලද සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන්  සැකකරුවකු වූ එමිල් රං...

මිනීමරු පීටීඒ කිඹුලාට මේ ආණ්ඩුවත් ආදරේදමිනීමරු පීටීඒ කිඹුලාට මේ ආණ්ඩුවත් ආදරේද

Image
  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත නොහොත් Prevention Terrorism Act (PTA) පනත මෙරට පුරවැසියන් දඬු කඳේ ගසන පනතක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.පවතින රජය විවේචනය කරන්නන් හා එහි ප්‍රතිපත්තිවලට එරෙහිව මත දරන්නන්,ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන මාධ්‍යවේදීන් දඩයම් කිරීමට මේ පනත යොදා ගෙන තිබෙන බව  පැහැදිලිව දැක ගත හැකි කාරණයකි. එපමනක්ද නොවේ මේ පනත මෙරට ජනතාවගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන රුදුරු රාක්ෂයකු බවට පත් වී ඇතිද සිතෙන තරමේය.එසේත් පමණක් නොව මේ පනත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රකාශනයට හා සිවිල් දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට (ICCPR) පටහැනිය.මෙරට ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ප්‍රතිපාදනයන් මගින් පුරවැසියන් විධිමත් නීතිමය මැදිහත් වීමකින් තොරව බලහත්කාරීව රඳවා තබා ගැනීමට ඉඩ සළසා තිබේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත 1978 වර්ෂයේදී තාවකාලික විධිවිධානයක් ලෙස බලාත්මක කරන ලද අතර එය ස්ථිර කරන ලද්දේ 1982 වර්ෂයේදීය.මෙරට නිත්‍යනුකූල විරෝධතා මැඩීමට මානව හිමිකම් ක්‍රියාකාරීන් මාධ්‍යවේදීන් හා විරුද්ධ මත දරණ දේශපාලඥයන් දඩයම් කිරීමට බලයේ සිටි ආණ්ඩු මේ පනතේ ඇතැම් වගන්ති...

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

Image
බන්ධනාගාර කොමසාරිස් අත් අඩංගුවට පත් විය.ඒ වෙසක් පෝය ජනපති සමාව නොලැබූ සිරකරවකු මුදා හැරීමේ චෝදනාවටය.ජාජබ ආණ්ඩුව බලය⁣ට පත් වූ දින සිටම බොහෝ පුද්ගලයන්ද සිවිල් සංවිධානද බන්ධනාගාර කොමසාරිස්ට එරෙහිව චෝදනා නගන ලද්දේ ඔහු දූෂිතයෙක් බවටය.සැබවින්ම ඔහු දූෂිතයෙක්ද නැද්ද යන්න ගැන අපට තීන්දු තීරණ ගැනීමට හැකියාවක් නැත.ඒ මන්ද යත් ඔහු මෙතෙක් වැරදිකරුවකු නොවු නිසාය. එහෙත් සිර ගෙවල් තුළ සිද්ධවෙන දූෂිත ජාවාරම් ගැන විවිධ අවස්ථා වලදී මාධ්‍ය අනාවරණය කර තිබේ.සිරකරුවන් හා ඇතැම් බන්ධනාගාර නිළධාරීන් අතර පවතින සහ සම්බන්ධතාව මෙරට අපරාධ වර්ධනය සඳහා බලපා ඇති බව නොරහසකි.මෙරට සිරගෙවල් තුළ සිර දඬුවම් විඳින සිරකරුවන් ⁣ප්‍රසිද්ධ පාතාල ක්‍රියාකාරිකයන් ,දූෂණයේ වරදට හසුවූ රාජ්‍ය නිළධාරීන් හා සාමාන්‍ය සිරකරුවන් ලෙස වාර්ගීකරණය කළ හැකිය.එහිදී සාමාන්‍ය සිරකරු ගනයට අයත් වන්නේ පුරවැසියන් ලෙස ජීවත්වන විට හදිසි කෝපය නිසා අපරාධමය වැරැද්දකට හසුවූ හෝ ජීවත්වීම සඳහා සුලු සුලු වැරදි කර දඬුවම් ලැබූවන්ය.මේ කුලකයේ සිරකරුවන් සිය දඬුවම බන්ධනාගාර නීති රීති වලට යටත්ව නිහඬවම ගෙවා දමන්නන් ලෙස සැළකිය හැකිය. එහෙත් දඬුවම් ලද පාතාල ක්‍රියාකාරිකයන් සි...

ජනපති වරයාටත් වංගු ගැසූ වෙසක් පෝය සිරකරු සමාව

Image
  ආණ්ඩුවේ හිස මතට මරාලයක් කඩා වැටී තිබේ.ඒ වෙසක් පෝයට සිරකරුවකු ජනපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙනි.ජනාධිපති සමාව යන්නෙන් නිර්වචනය වන්නේ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාවෙන් ජනපතිවරයාට හිමි වී ඇති බලයයි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලි කර ඇත්තේ මෙසේය 34(1) ශ්‍රී ලංකා ජනරජයේ කවර හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර හෝ වරදකරුවෙකුට  (අ) සම්පූර්ණ සමාවක් හෝ නිත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක් දීමට (ආ) නියම කරන ලද යම් දඬුවමක් ක්‍රියාත්මක කිරීම කාල සීමාවක් නොමැතිව හෝ සුදුසු යැයි ජනපතිවරයා කල්පනා කරන කාල සීමාවක් ඇතුව හෝ කල් තැබීමට (ඇ)ඒ වරදකරුට නියම කරන ලද දඬුවමක් වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ  (ඈ) නියම කරන ලද දඬුවමක් මුලුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කළ වරද හේතු කොට ගෙන ඔහු ගෙන් ජනරජයට අයවිය යුත්තා වූ යම්කිසි දණ්ඩනයක් මුලුමනින්ම නිෂ්ප්‍රභ කිරීමට හෝ ඉන් කොටසක් අඩු කිරීමටද එකී වරදකරු කිරීම හේතු කො⁣ට ගෙන ඔහුට රාජ්‍ය සන්තක විය යුත්තේ නම් එසේ රාජ්‍ය සන්තක විය යුත්තාවූ වස්තුවෙන් කොටසක් පමණක් රජයට ගැන්වීමට හෝ ඒ වස්තුව රාජ්‍ය සන්තක කිරීම ම...

අනුරාධපුරයේ හිරකරු නිදහස් කර ඇත්තේ වංගුවක් ගහලා

Image
  පසු ගිය දින කිහිපය තුළ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ වෙසක් පෝය දින අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ජනාධිපතිවරයා විසින් ලබා දුන් සමාව යටතේ නිදහස් කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක් වෙන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනයේ නම් 388ක් තිබී අතර එහි මෙම මුදල් වංචාවට හසුව බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයාගේ නම සඳහන් නොතිබූ බවට අනාවරණය වී ඇති බවය. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීකෂණයක් කරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය 06 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර  ඇති බවද එම නිවේදනයේ සඳහන්ය. කෙසේ වෙතත් මේ සිද්ධිය ඉතා බැරෑරුම් අපරාධමය වරදක් බව නිරීක්ෂණය වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ජනපතිවරයා හා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අපේක්ෂාවෙන් හෝ වෙනත් මුල්‍යමය වරප්‍රසාදයකට මෙම කුමන්ත්‍රණය සිදු කරන ලද්දේ දැයි විමර්ශනය කිරීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳය.අප එසේ ලියන්නේ මේ ආණ්ඩුවට එරෙහිව  යටිබිම් ගත රාජ්‍ය අපරාධ කරුවන් දිගින් දිගටම කුමන්ත්‍රණය ...

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

Image
  ජාජබ ආණ්ඩුවට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙල ගැන අප දිගින් දිගටම තොරතුරු වාර්තා කෙරුවෙමු.ඒ පිළිබදව අලුත්ම තොරතුර වාර්තා වන්නේ කල්පිටිය පොලිස් බල ප්‍රදේශයෙනි. මෙරටට මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මත් ද්‍රව්‍ය ගෙන එන එන මුහුදු තීරයක්⁣ ලෙස සළකෙන්නේ කල්පිටිය මුහුදු තීරයයි.මෙරට සිට ඉන්දියාවට බොහෝ අපරාධකරුවන්ද පලා යන්නේද කල්පිටියෙනි.ගනේමුල්ල සංජීව ඝාතකයා  අත් අඩංගුවට ගත්තේද කල්පිටියට පලා යමින් සිටියදීය.එම ඝාතනයේ සැකකාරියක වන සෙව්වන්දි නැමැත්තිය විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් ඉන්දියාවට පලා යන ලද්දේද කල්පිටියෙනි. නිමල් ලන්සා ,දුමින්ද සිල්වා නියෝමාල් පෙරේරා වැනි දේශපාලඥයන්ට නීති විරෝධී ජාවාරම් වලදී බොහෝ උදව් උපකාර කරන ලද්දේ කල්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.ඒ.ලක්ෂමන් නැමැත්තාය.⁣පොදු ජන පෙරමුණ වෙනුවෙන් කඩේ ගිය මෙි පොලිස් පරීක්ෂක වරයා කල්පිටිය ⁣පොලිස් ස්ථානයේ වසර හයක සේවා කාලයෙන් පසුව අඩප්පන් පොලිස් ස්ථානයට මාරු කර යවන ලදී. එහෙත් මේ වන විට මෙම දූෂිත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා නැවත කල්පිටිය පොලිස් ස්ථාන...

දයාසිරි ජයසේකරගේ ටොං පච කීම නෝන්ඩි වෙලා

Image
  මා පුංචි සන්දියේ අපේ ගමේ ජීවත්වූ වඩක්ක මුත්තා ප්‍රසිද්ධව සිටියේ අල්ලේ පැලවෙන නැතිනම් ටොං පච දෙසා බාන අයෙක් විදියටය.වඩක්ක මුත්තා ටොං පචයක් පවසන විට එය පවසන්නේ හරිම ගරු ගාම්භීර විදියටය.අසන්නන් සිය කයිවාරුවට කට ඇරගෙන අහගෙන ඉන්නා තරමට වඩක්ක මුත්තා සිය ටොං පචය තාත්විකව අත හරින්නේය.වඩක්ක  මුත්තා දෙසා බාන බොරුව පැටව් ගහන්නේ අසන්නන්ගේ බාධාවක් නැති විටය.එහෙත් තමන් පවසන පචයක් නෝන්ඩි වූ විට වඩක්ක මුත්තාට හදිසියේම බඩේ අමාරුවක් මතු වේ.ඒ බව තහවුරු කරන්නට ඉමජන්සි අධෝ වාතයක් යවන්ටද උන්දෑට පුළුවන.  එසේත් නැතිනම් ගෙදර උන්දෑ සීනි තේ කොල අරගෙන ඉස්මනට ගෙදර එන්නට දුන් උපදෙස් උන්දෑ⁣ට සිහිපත් වේ.වඩක්ක මුත්තා නෝන්ඩියෙන් ගැලවී අතුරු අන්තරාවක් නැතුව සිය පචය අතර මග හමාර කර ගැලවී යන්නේ ඒ රුකුලෙනි. මට වඩක්ක මුත්තා සිහිපත් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර උන්නැහේ ගේ කන් කෙඳිරිය ඇසෙන විටය.දයාසිරි ජයසේකර උන්නැහේ පසුගිය දවස්වල විපක්ෂයේ වීරයෙක් වී සිටියේය.බිමට වැටී චොර වී සිටින විපක්ෂයට ⁣යන්තමට හෝ කික් එකක් ආවේ දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේ හතර මුල්ල පනිමින් චීන අඩි කයිවාරු සෙල්ලම් දාන විටය. දය...