අනුරාධපුරයේ හිරකරු නිදහස් කර ඇත්තේ වංගුවක් ගහලා
පසු ගිය දින කිහිපය තුළ මෙරට මහත් ආන්දෝලනයකට ලක් වූ වෙසක් පෝය දින අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු ජනාධිපතිවරයා විසින් ලබා දුන් සමාව යටතේ නිදහස් කිරීම පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයේ දැක් වෙන්නේ බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනයේ නම් 388ක් තිබී අතර එහි මෙම මුදල් වංචාවට හසුව බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයාගේ නම සඳහන් නොතිබූ බවට අනාවරණය වී ඇති බවය.මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීකෂණයක් කරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය 06 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.කෙසේ වෙතත් මේ සිද්ධිය ඉතා බැරෑරුම් අපරාධමය වරදක් බව නිරීක්ෂණය වේ.බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ජනපතිවරයා හා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අපේක්ෂාවෙන් හෝ වෙනත් මුල්‍යමය වරප්‍රසාදයකට මෙම කුමන්ත්‍රණය සිදු කරන ලද්දේ දැයි විමර්ශනය කිරීම ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට හොඳය.අප එසේ ලියන්නේ මේ ආණ්ඩුවට එරෙහිවයටිබිම් ගත රාජ්‍ය අපරාධ කරුවන් දිගින් දිගටම කුමන්ත්‍රණය කරමින් සිටින බවට බොහෝ තොරතුරු අනාවරණය වී ඇති නිසාය.එසේම පසුගිය වෙසක් පෝය දින ජනපති වරයාගේ සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී සිඳුවී ඇති මෙම විෂමාචාරය මීට පෙර කාල වලදී පවා සිදු වී ඇති ජාවාරමක්ද යන්නත් සොයා බැලිය යුතුය.අප එසේ සැක කරන්නේ මෙවැනි බරපතල වැරැද්දක් සිදු කළ හැක්කේ ඒ සම්බන්ධයෙන් පලපුරුද්දක් ඇති නිළධාරියෙකුට හෝ කණ්ඩායමකට බව සිතිය හැකි නිසාය.
Comments
Post a Comment