Posts

රනිල්ට එරෙහිව නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාගයට ගැනීමේ සැළසුමක් හෙළිවේ

Image
  හි⁣ටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සැළසුම් කර ඇති බව වාර්තා වේ.එම සැලසුම නිසා රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව දියාරු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු කණ්ඩායමක් කුමන්ත්‍රණකාරීව ගෙන ගිය වැඩ පිළිවෙල පරාජය වෙන වටපිටාවක් නිර්මාණය වී තිබේ. පසුගිය කාලයේදී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු 06 කට  අදාලව පැවැති අධිකරණ ක්‍රියාවලිය පිළිබඳවද මෙම නිළධාරීන් අතර සාකච්ඡා වී ඇති අතර ඉන් නඩු 04 ක් නැවත පැවරීමට හැකි බවද එහිදී  අනාවරණය වී ඇත. රනිල් වික්‍රමසිංහ ලන්ඩනයට ගිය සංචාරය නිල සංචාරයක්ද යන්න විමර්ශනය සඳහා ලන්ඩන් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ එම නිළධාරීන් පළමුව සාකච්චා කර බවද දැන ගැන්මට තිබේ.එම සාකච්ඡාව සඳහා ලන්ඩන් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී එස්.වෙදමුල්ල,ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් යන අය සහභාගි වූ බව පැව⁣සේ.එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ලන්ඩන් ගොස් කළ විමර්ශනයෙන් සොයා ගත් තොරතු...

සුබ නත්තලක් වේවා

Image
          අපේ මවුබිමට මෙවර නත්තල උදා වූයේ දහස් ගණනකගේ සෝ සුසුම් මැදය. පසුගියදා සිදුවූ ව්‍යසනයෙන් විපතට පත් වූ අපේම ආදරණීයයන් බොහෝ දෙනෙක් තවමත් සිටින්නේ අනාථ කඳවුරු වලය. ජේසු ස්වාමි දරුවානන් සියල්ලන්ටම ප්‍රේම කරන්න යැයි සිඳු කරන ලද දේශනාව අප සිත තුළ රඳවා ගනිමින් විපතට පත් වූ අපේම ආදරණීයන් වෙනුවෙන් ඇප කැප වීම උතුම් වූ සැබෑ නත්තල ලෙස අරුත් ගැන්විය හැකිය. ජාති ආගමික ⁣භේද  හා විවිධ වූ වෙනස්කම් නොසළකා හරිමින් මනුෂ්‍යත්වය උස් තැනක රඳවා තැබීම සඳහා වූ ජේසු ස්වාමි දරුවානන් ගේ අති උත්තම කැපවීම ගැන නත්තල අපට පාඩම් කියා දෙන්නේය.අප නත්තල පිළි ගත යුත්තේ කාබී විනෝද වීම සඳහා පමණක් නොවන බවට ඒ උතුම් කැපවීම අප හට සිහිපත් කරයි.ඒ සිහිපත් කරවීම කතෝලිකයන්ගේ පමණක් නොව ලෝක වාසී සැමට ආදර්ශයක් ලෙස ගත හැක්කේ නම් ඉතා වටිනේය. සාමය මානව දයාව පරෝපකාරය අර්ථවත් කෙරෙන නත්තල සියළු ආගම් අදහන පුරවැසියන්ගේ ජීවිත සනහාලීමට හේතු වේවා යැයි ලංකා දවස ප්‍රාර්ථ⁣නා කර සිටී. සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය - ජේසු ස්වාමි දරුවානන්

නොකළ වරදකට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පොලීසියට කැඳව⁣ලා

Image
  අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ  ජයරත්න ආගමික ස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදලේ වංචා දූෂණ හෙළිදරව් කිරීම සහ ඒ ආශ්‍රිතව සිඳු වී ඇති නාය යාම් හා ඉරිතැලීම් ගැන මාධ්‍ය මගින් අනාවරණය කරන ලදැයි චෝදනා කරමින් අදාල රාජ්‍ය ආයතනයේ කළමණාකරුවෙකු යැයි පවසන තැනැත්තෙකු මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව ගම්පොළ පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීමට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම්  ගම්පොළ පොලීසිිය ගම්පහ පොලීසියට පොලිස් පණිවුඩයක් මගින් දැනුම් දී තිබේ.මේ පිළිබඳව දැනුවත් වීමෙන් පසුව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගම්පොළ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා අමතා තමන්ට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කරන ලෙස ඉල්ලා ඇතත් වැබ ස්ථානාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව අනාවරණය වේ.ඉන් අනතුරුව මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් 2025 පෙබරවාරි 02 දිනැතිව අංක RTM 101 හා CRTM 61 යටතේ විමර්ශන කටයුතු සඳහා තැනැත්තන් පොලිස් ස්ථාන වලට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පොලිස්පතිවරයා  නිකුත් කර...

පාතාලයන්ට කඩේ ගිය සිංගර් කෝසල ඝාතනය කෙරේ

Image
   අම්බලන්ගොඩ නගරයේ  පිහිටි සිංගර් වෙළඳ ආයතනයේ කළමනාකරු වූ හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කරන ලදී.හිරාන් කෝසළ  පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අම්බලන්ගොඩ නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවෙිගය නියෝජනය කරමින්  තරග කරන ලදී. යහපාලන රජය සමයේ ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද ඔහු කටයුතු කෙරුවේය. හිරාන් කෝසල බොහෝ පාතාල අපරාධකරුවන් ගේ "දේශපාලනික දුක් ගන්නා රාළ" විය.අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක මහින්ද       හා ඔවුන්ගේ දරු පවුල ඝාතනය කරන බවට කොස්ගොඩ සුජී තර්ජනය කළ විට මොවුන් දෙපාර්ශවය අතර පැවැති ආරවුල සමථයකට පත් කරන ලද්දේද හිරාන් කෝසලය.කොස්ගොඩ සුජී ගේ බිරිඳගේ සහෝදරයාද කාලයක් හිරාන් කෝසලගේ කළමනාකාරිත්වය යටතේ වූ අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ සේවය කෙරුවේය.                   ගිණි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක් අවස්ථාවක පොලීසිය මගින් ⁣හිරාන් කෝසල අත් අඩංගුවට ගත් අතර එහිදී පැවරුණ නඩුව ඔහු නිදහස් ⁣විය.ඒ නඩුවෙන් නිදහස් වීමට හිරාන් කෝසලට උදව් කරන ලද...

හිටපු ඇමති මහින්දානන්දට එරෙහිව තව නඩුවක් කැඳවේ

Image
  හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේට එරෙහිව ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන්  අල්ලස් හෝ දූෂණ කොමිෂම මගින් පවරා ඇති නඩුව මාර්තු මස 20 වන දින කැඳවන ලෙසට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම නියෝග කරන ලදී. මෙම නඩුවේ දෙවන සැකකරුවන මහේෂ් ගම්මන්පිල නඩුව මේ කැඳවූ අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටියේය.නඩුවේ පළමු සැකකරු වන හිටපු අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මීළඟ නඩු වාරයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා විසින් බන්ධනාගාර නිළධාරීන්ට නියෝග කෙරිණි. ප්‍රමිතියෙන් ⁣තොර චීන කාබනික පොහොර නැවක් ආනයනය සඳහා නිත්‍යනුකූල අනුමැතිය දීමට පෙර ණය වර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130ක පාඩුවක් සිඳු කරන ලදැයි සැකකරුවන් හට චෝදනා ගොනු කර තිබේ.

ඇමරිකානු ග්‍රීන් කාර්ඩ් ලොතරැයියට තහංචි වැටේ

Image
  මෙතෙක් කාලයක් ඇමරිකානු ආණ්ඩුව පවත්වා ගෙන ආ ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට ඇමරිකානු ජනාධිපති ⁣ඩොන්ල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතැයි වාර්තා වේ. ඇමරිකානු ජනපතිවරයා මේ තීරණයට එළඹ ඇත්තේ පසුගිය දිනවලදී එම්අයිටී ආයතනය තුළ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීම් වලට සම්බන්ධ අපරාධකරුවා ග්‍රීන් කාර්ඩ් ලොතරැයි වැඩ සටහන හරහා ඇමරිකාවේ වීසා ලබා ගෙන ඇති බවට අනාවරණය වීම නිසාය. පෘතුගාල ජාතිකායකු වන 48 හැවිරිදි ක්ලෝඩියෝ වැලෙන්ටේ නැමැත්තා එම ප්‍රහාරවලට සම්බන්ධ අපරාධකරු බව මේ වන විට හදුනාගෙන තිබේ.ඔහු 2017 වසරේදී ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය හරහා ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලබා ගෙන ඇති බවට ආරක්ෂක අංශ විසින් තහවුරු කර තිබුණි. සෑම වසරකම  ලෝකයේ බොහෝ රටවල ජනතාව වෙනුවෙන් ඇමරිකානු එක්සත්  ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය මගින් 50,000ක ජනතාවට අවස්ථාව සලසා දෙන ලදී.

ඌවතැන්නේ සුමනට වරෙන්තු

Image
  මාලිගාවත්ත ශ්‍රී බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් පසුගියදා (10) වරෙන්තු නිකුත් කරන ලදී. කොළඹ 15 පදිංචි ක්‍රිෂ්ණ මූර්ති චෙල්වම් නැමැති ව්‍යාපාරිකයකු 2022 හා 2023 වර්ෂවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි අනුව පවරන ලද නඩු හතරක් සම්බන්ධයෙන් චෝ‍දනා ලබා සිටින සැකකාර හිමි නම එම නඩු සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ. මෙම හිමි නම පැමිණිලිකාර ව්‍යාපාරිකයාට අයිති පොල් තෙල් සමාගමකින් රුපියල් කෝ‍ටි හයක වටිනාකමකින් යුතු පොල් තෙල් ලබා ගෙන ඒ වෙනුවට අගරු චෙක් පත් ලබා දී වංචාවක් කරන ලදැයි චෝදනා ලබා සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු සංවිධානයේ හිටපු ⁣ලේකම් ඌවතැන්නේ සුමන හිමි 2010 ජනපතිවරණයට ආසන්න දිනකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ ටී පනස් හය ගිණි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට 2021 ජුනි 01 දා සුමන හිමි ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබා සිටියදී 2021 ජනවාරි 03 වන දින හිටපු ජනපති මෛත්‍රපාල සිරිසේන විසින් ජනාධිපති පොදු සමාව ලබා දෙන ලදී. බලපත්‍ර රහිතව ටී පනස් හය ගිණි ...