පාතාලයන්ට කඩේ ගිය සිංගර් කෝසල ඝාතනය කෙරේ
අම්බලන්ගොඩ නගරයේ පිහිටි සිංගර් වෙළඳ ආයතනයේ කළමනාකරු වූ හිරාන් කෝසලට වෙඩි තබා ඝාතනය කරන ලදී.හිරාන් කෝසළ පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී අම්බලන්ගොඩ නගරාධිපති අපේක්ෂකයා ලෙස සමගි ජන බලවෙිගය නියෝජනය කරමින් තරග කරන ලදී.
යහපාලන රජය සමයේ ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලකගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙසද ඔහු කටයුතු කෙරුවේය.හිරාන් කෝසල බොහෝ පාතාල අපරාධකරුවන් ගේ "දේශපාලනික දුක් ගන්නා රාළ" විය.අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක වරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක මහින්ද හා ඔවුන්ගේ දරු පවුල ඝාතනය කරන බවට කොස්ගොඩ සුජී තර්ජනය කළ විට මොවුන් දෙපාර්ශවය අතර පැවැති ආරවුල සමථයකට පත් කරන ලද්දේද හිරාන් කෝසලය.කොස්ගොඩ සුජී ගේ බිරිඳගේ සහෝදරයාද කාලයක් හිරාන් කෝසලගේ කළමනාකාරිත්වය යටතේ වූ අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ සේවය කෙරුවේය.ගිණි අවියක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක් අවස්ථාවක පොලීසිය මගින් හිරාන් කෝසල අත් අඩංගුවට ගත් අතර එහිදී පැවරුණ නඩුව ඔහු නිදහස් විය.ඒ නඩුවෙන් නිදහස් වීමට හිරාන් කෝසලට උදව් කරන ලද්දේ ඔහු ගේ පවුලට සම්බන්ධ විශ්‍රාමික මහේස්ත්‍රාත්වරයෙකි.මෑතකදීද ගිණි අවි පතොරම් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට හිරාන් කෝසල අත් අඩංගුවට ගැණිනි.අම්බලන්ගොඩ බලපිටිය රත්ගම ආදී ප්‍රදේශ වල පාතාල ක්‍රියාකරම්වලට පොලිස් අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන සැකකරුවන් ගේ නඩු කටයුතු හා විසිට් යාම සදහා ඩුබායි සැඟව සිටින පාතාල නායකයන් මුදල් එවන්නේද හිරාන් කෝසල වෙතය.පාතාල නායකයන් ඩුබායි සිට සිය හිතවතුන් හට එවන මුදල් ඔහු හරහා එවන බවට බුද්ධි අංශ වලට වාර්තා වී තිබුණි.හිරාන් කෝසල ඝාතනය ලොකු පැටී පාර්ශවය වෙතින් සිඳු කරන ලද්දක් බවට සැකයක් පවතී.ඒ ඔහු ලොකු පැටී පාර්ශවය සමග සම්බන්ධකමක් තිබූ බවට මෙතෙක් හෙළි දරව් වී නැති නිසාය.එය එසේ වන්නේ නම් මේ ඝාතනය මීටියාගොඩ මහදුර නලින් ඝාතනය නිසා ඇරඹුන එකට එක කිරීමේ ඝාතනයන්හී දිගුවක් ලෙස සැක කළ හැකිය.එහෙත් මේ ඝාතනය කොස්ගොඩ සුජී ගේ අනු දැනම මත සිදු කරන ලද ඝාතනයක් බවටද සැක කෙරේ.ඒ කොස්ගොඩ සුජී ගේ දැඩි වෛරක්කාරයකු වන ඌරගහ ඉන්දික සමග ඔහු මෑතකදී ඉතා සමීප සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීම නිසා බවද පැවසේ.ඒ තොරතුරද නොසළකා හැරිය යුතු තොරතුරක් නොවේ.ඒ දිවෙන් දිව ගාගෙන ඇසුරු කෙරුවද කොස්ගොඩ සුජී යනු වාසිය සඳහා සිය සමීපතමයා පවා ඝාතනය කරන කෙළෙහි ගුණ නොදන්නා චරිතයක් බවට පාතාලය තුළ ලියවී ඇති බැවිනි.
.png)
Comments
Post a Comment