රනිල්ට එරෙහිව නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විභාගයට ගැනීමේ සැළසුමක් හෙළිවේ

 


හි⁣ටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සැළසුම් කර ඇති බව

වාර්තා වේ.එම සැලසුම නිසා රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව දියාරු කිරීම සඳහා නීතිපතිවරයා ඇතුළු කණ්ඩායමක්
කුමන්ත්‍රණකාරීව ගෙන ගිය වැඩ පිළිවෙල පරාජය වෙන වටපිටාවක් නිර්මාණය වී තිබේ.

පසුගිය කාලයේදී නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගන්නා ලද නඩු 06 කට  අදාලව පැවැති අධිකරණ ක්‍රියාවලිය පිළිබඳවද මෙම නිළධාරීන් අතර සාකච්ඡා වී ඇති අතර ඉන් නඩු 04 ක් නැවත පැවරීමට හැකි බවද එහිදී  අනාවරණය වී ඇත.

රනිල් වික්‍රමසිංහ ලන්ඩනයට ගිය සංචාරය නිල සංචාරයක්ද යන්න විමර්ශනය සඳහා ලන්ඩන් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සමග නීතිපති දෙපාර්තමේන්තුවේ එම නිළධාරීන් පළමුව සාකච්චා කර බවද දැන ගැන්මට තිබේ.එම සාකච්ඡාව සඳහා ලන්ඩන් ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී එස්.වෙදමුල්ල,ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් යන අය සහභාගි වූ බව පැව⁣සේ.එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ලන්ඩන් ගොස් කළ විමර්ශනයෙන් සොයා ගත් තොරතුරු රනිල් වික්‍රමසිංහට එරෙහිව නඩුව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ප්‍රමාණවත් බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන්⁣ ගේ අදහස වී ඇත.හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත යුතු බවට වූ යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ඒ සාකච්ඡාවේදීය.අප වෙත වාර්තා වන ආකාරයට එම යෝජනාව සම්බන්ධයෙන් නීතිපතිවරයා දැඩි ලෙස නොසන්සුන් වී ඇති නමුත් එම ඉල්ලීම ප්‍රතික්ශේප කිරීමේ හැකියාවක් ඔහුට නොවූ බවද පැවසේ.එසේම එම ඉල්ලීම විධිමත්ව නුදුරු කාලයේදී අග විනිසුරු වරයාගෙන් ඉල්ලීමටද තීරණය කර තිි⁣බේ.රනිල් වික්‍රමසිංහට එරෙහිව පවරා ඇති නඩුව නැවත විභාගයට ගැනීමට නියමිතව ඇත්තේ ජනවාරි 28 වන දාය.

රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව තිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට සැළසුම් කර ඇති ප්‍රවෘත්තිය වාර්තා වීමත් සමගම ඔහුගේ  සමීපතමයන් විශාල ලෙස කලබලයට පත් වී සිටී.ඒ අතරේ රනිල් වික්‍රමසිංහ නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමේ සැළසුමක් පිළිබඳවද ඔවුන් අතර කතා බහට ලක් වී තිබේ.එළඹෙන වර්ෂයේ මාර්තු මාසයේදී ආණ්ඩුවට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙලක් දියත් කිරීමටත් ඉන් රට තුළ දේශපාලනික ආරවුල් සහගත තත්වයක් ඇති කිරීම සඳහා යම් යම් ක්‍රියාවන් කිරීමටද එම සැළසුමට විපක්ෂයේ සහාය ලබා ගැනීමටද එක්සත් ජාතික පක්ෂයේ ඉහළ පෙලේ පිරිසක් සූදානම්ව සිටී.

Comments

Popular posts from this blog

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

රෙදි ඉල්ලේ සන්ධානය මරු

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා