සුබ නත්තලක් වේවා

       


 අපේ මවුබිමට මෙවර නත්තල උදා වූයේ දහස් ගණනකගේ සෝ සුසුම් මැදය.පසුගියදා සිදුවූ ව්‍යසනයෙන් විපතට පත් වූ අපේම ආදරණීයයන් බොහෝ දෙනෙක් තවමත් සිටින්නේ අනාථ කඳවුරු වලය.
ජේසු ස්වාමි දරුවානන් සියල්ලන්ටම ප්‍රේම කරන්න යැයි සිඳු කරන ලද දේශනාව අප සිත තුළ රඳවා ගනිමින් විපතට පත් වූ අපේම ආදරණීයන් වෙනුවෙන් ඇප කැප වීම උතුම් වූ සැබෑ නත්තල ලෙස අරුත් ගැන්විය හැකිය.

ජාති ආගමික ⁣භේද  හා විවිධ වූ වෙනස්කම් නොසළකා හරිමින් මනුෂ්‍යත්වය උස් තැනක රඳවා තැබීම සඳහා වූ ජේසු ස්වාමි දරුවානන් ගේ අති උත්තම කැපවීම ගැන නත්තල අපට පාඩම් කියා දෙන්නේය.අප නත්තල පිළි ගත යුත්තේ කාබී විනෝද වීම සඳහා පමණක් නොවන බවට ඒ උතුම් කැපවීම අප හට සිහිපත් කරයි.ඒ සිහිපත් කරවීම කතෝලිකයන්ගේ පමණක් නොව ලෝක වාසී සැමට ආදර්ශයක් ලෙස ගත හැක්කේ නම් ඉතා වටිනේය.

සාමය මානව දයාව පරෝපකාරය අර්ථවත් කෙරෙන නත්තල සියළු ආගම් අදහන පුරවැසියන්ගේ ජීවිත සනහාලීමට
හේතු වේවා යැයි ලංකා දවස ප්‍රාර්ථ⁣නා කර සිටී.

සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය - ජේසු ස්වාමි දරුවානන්

Comments

Popular posts from this blog

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

රෙදි ඉල්ලේ සන්ධානය මරු

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා