ඇමරිකානු ග්‍රීන් කාර්ඩ් ලොතරැයියට තහංචි වැටේ

 


මෙතෙක් කාලයක් ඇමරිකානු ආණ්ඩුව පවත්වා ගෙන ආ ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය

වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමට ඇමරිකානු ජනාධිපති ⁣ඩොන්ල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු ජනපතිවරයා මේ තීරණයට එළඹ ඇත්තේ පසුගිය දිනවලදී එම්අයිටී ආයතනය තුළ බ්‍රවුන් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීම් වලට සම්බන්ධ අපරාධකරුවා ග්‍රීන් කාර්ඩ් ලොතරැයි වැඩ සටහන හරහා ඇමරිකාවේ වීසා ලබා ගෙන ඇති බවට අනාවරණය වීම නිසාය.
පෘතුගාල ජාතිකායකු වන 48 හැවිරිදි ක්ලෝඩියෝ වැලෙන්ටේ නැමැත්තා එම ප්‍රහාරවලට සම්බන්ධ අපරාධකරු බව මේ වන විට හදුනාගෙන තිබේ.ඔහු 2017 වසරේදී ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය හරහා ඇමරිකාවේ ස්ථිර පදිංචිය ලබා ගෙන ඇති බවට ආරක්ෂක අංශ විසින් තහවුරු කර තිබුණි.

සෑම වසරකම  ලෝකයේ බොහෝ රටවල ජනතාව වෙනුවෙන් ඇමරිකානු එක්සත්  ජනපදයේ ස්ථිර පදිංචිය සඳහා ග්‍රීන් කාර්ඩ් ලොතරැයිය මගින් 50,000ක ජනතාවට අවස්ථාව සලසා දෙන ලදී.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා