ඌවතැන්නේ සුමනට වරෙන්තු

 


මාලිගාවත්ත ශ්‍රී බෝධිරජාරාම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් විසින් පසුගියදා (10) වරෙන්තු නිකුත් කරන ලදී.

කොළඹ 15 පදිංචි ක්‍රිෂ්ණ මූර්ති චෙල්වම් නැමැති ව්‍යාපාරිකයකු 2022 හා 2023 වර්ෂවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි අනුව පවරන ලද නඩු හතරක් සම්බන්ධයෙන් චෝ‍දනා ලබා සිටින සැකකාර හිමි නම එම නඩු සඳහා පෙනී නොසිටීම හේතුවෙන් මෙසේ වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම හිමි නම පැමිණිලිකාර ව්‍යාපාරිකයාට අයිති පොල් තෙල් සමාගමකින් රුපියල් කෝ‍ටි හයක වටිනාකමකින් යුතු පොල් තෙල් ලබා ගෙන ඒ වෙනුවට අගරු චෙක් පත් ලබා දී වංචාවක් කරන ලදැයි චෝදනා ලබා සිටී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු සංවිධානයේ හිටපු ⁣ලේකම් ඌවතැන්නේ සුමන හිමි 2010 ජනපතිවරණයට ආසන්න දිනකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාමයේ ටී පනස් හය ගිණි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට 2021 ජුනි 01 දා සුමන හිමි ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලබා සිටියදී 2021 ජනවාරි 03 වන දින හිටපු ජනපති මෛත්‍රපාල සිරිසේන විසින් ජනාධිපති පොදු සමාව ලබා දෙන ලදී.

බලපත්‍ර රහිතව ටී පනස් හය ගිණි අවිය සමග මේ හිමි නම අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ එම විහාරස්ථානයේ සඟවා තිබුණු අත් බෝම්බ 50 ක් හා ජීව පතොරම් 100ක්ද පොලීසිය සොයා ගත් බව ඒ දින වල වාර්තා විය.කෙසේ වෙතත් එම චෝදනා වලින් සුමන හිමි නිදහස් කරන ලද අතර ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණේ ගිණි අවිය ලඟ තබා ගැනීමේ වරදටය.

Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

රෙදි ඉල්ලේ සන්ධානය මරු

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව