නොකළ වරදකට මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන පොලීසියට කැඳව⁣ලා

 


අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික ස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදලේ වංචා දූෂණ හෙළිදරව් කිරීම සහ ඒ ආශ්‍රිතව සිඳු වී ඇති නාය යාම් හා ඉරිතැලීම් ගැන මාධ්‍ය මගින් අනාවරණය කරන ලදැයි චෝදනා කරමින් අදාල රාජ්‍ය ආයතනයේ


කළමණාකරුවෙකු යැයි පවසන තැනැත්තෙකු මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව ගම්පොළ පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීමට මාධ්‍යවේදී
තරිඳු ජයවර්ධනට පොලීසියට පැමිණෙන ලෙසට දැනුම්  ගම්පොළ පොලීසිිය ගම්පහ පොලීසියට පොලිස් පණිවුඩයක් මගින් දැනුම් දී තිබේ.මේ පිළිබඳව දැනුවත් වීමෙන් පසුව මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන ගම්පොළ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයා අමතා තමන්ට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද යන්න පිළිබඳව පැහැදිලි කරන ලෙස ඉල්ලා ඇතත් වැබ ස්ථානාධිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව අනාවරණය වේ.ඉන් අනතුරුව මාධ්‍යවේදී තරිදු ජයවර්ධන විසින් 2025 පෙබරවාරි 02 දිනැතිව අංක RTM 101 හා CRTM 61 යටතේ විමර්ශන කටයුතු සඳහා තැනැත්තන් පොලිස් ස්ථාන වලට කැඳවීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් පොලිස්පතිවරයා 
නිකුත් කරන ලද චක්‍රලේඛය පිළිබඳව පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇතත් ඔහු එය සුළු අපරාධ  අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් විමසන ලෙසට තරිඳු ජයවර්ධනට පවසා ඇත.තරිඳු ජයවර්ධන අනතුරුව සුළු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගෙන් ඒ ගැන ඔහු ගෙන් විමසා ඇතත් ඔහුද ඒ ඉල්ලීම කෙරෙහි දක්වා ඇත්තේ උදාසීන බවකි.එහිදී  පොලිස්පති චක්‍රලේඛය ගැන ඔහුට සිහිපත් කිරීමෙන් පසුව එම පැමිණිල්ල ගැන විස්තර කර කළ බවද තරිඳු ජයවර්ධන පවසයි.එම පොලිස්පති චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ මෑතකදීය.එසේම එය නිකුත් කරන ලද්දේ වර්තමාන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩ බලන පොලිස්පතිවරයාව සිටියදීය.

මෙම පොලිස්පති චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ 1980 අංක 52 දරණ පනතින් 
සංශෝධිත අපරාධ නඩු විධාන සංග්‍රහයේ
109 හා 110 වගන්ති වලට අවධානය 
යොමු කරවමිනි.වරදක් සිදු කිරීම පිළිබඳව මුල් තොරතුරෙන් අනාවරණය වී ඇති විටදී විමර්ශණයක් ආරම්භ කර විමර්ශනයේ අවශ්‍යතාව මත පොලිස් ස්ථානවලට සැක කරුවන් ,සාක්ෂි කරුවන්,වින්දිත පාර්ශව ඇතුළු පුද්ගලයන් කැඳවන විටදී අවධානයට දැක්විය යුතු කරුණු පහක් එම චක්‍ර ලේඛයේ දැක්වේ.මෙහි පළමු අංකයේ සඳහන් වන්නේ පැමිණිල්ලකට අදාලව සැකකරුගේ ප්‍රකාශයක් සටහන් කිරීම සඳහා පොලිස් ස්ථානයට කැඳවීමේදී
ඔහුට ඉදිරිපත් කර ඇති චෝදනා /දෝෂාරෝපණ මොනවාද යන්න ප්‍රමාණවත් දැනුම් දීමක් එකී තැනැත්තාට දැනුම් දිය යුතුය.සිඳු කරන ලද විමර්ශනයට අදාලව යම් තැනැත්තකු සාක්ෂිකරුවෙකු වශයෙන් පොලිස් ස්ථානයට කැඳවීමේදී එකී තැනැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඇති අවශ්‍යතාව පිළිබඳවද ප්‍රමාණවත් දැනුම් දීමක් එකී තැනැත්තා වෙත ලබා දිය යුතුය යන්න ඊළඟ අංකයේ සඳහන් වේ.

කෙසේ වෙතත් මෙම චක්‍රලේඛයේ එකේ සිට පහ දක්වා ඡේද වල සදහන් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් අයදුම්පත් අංක SC(FR)266/2023 නඩු තීන්දුවට අඅදාලව නිකුත් කරන ලද ඒවාය

එහෙත් තරිඳු ජයවර්ධන ගේ පැහැදිලි කිරීමෙන් හෙළි වන්නේ ගමිපොල වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා මෙම චක්‍රලේඛය ගැන හාංකාවිසියක් නොදන්නා බවය.ඔහු පමණක් නොවේ මෙරට බොහෝ පොලිස් නිළධාරීන් එවැනි චක්‍රලේඛ තඹ දොයිතුවකට මායිම් නොකරන බව පුරවැසියන් හට බොහෝ අත් දැකීම් පවතී.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව ඇති පැමිණිල්ල අපහාසය සම්බන්ධයෙන් බව ගම්පොළ පොලීසියේ සුළු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා පවසා ඇත.
මෙරට අපහාසය අපරාධමය වරදක් නොවේ.එසේ නම් කිසිදු අපරාධමයක් වරදක් කර නැති පුරවැසියකු කට උත්තරයක් ලබා ගැනීමට පොලීසියට හැකිද යන්න මෙහිදී ප්‍රශ්ණයක් මතුවේ.
මේ ලියුම්කරු ඒ සම්බන්ධයෙන් පොලිසියේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණියකගෙන් ඒ පිළිබඳව ඇය ලද අත්දැකීමක් අනාවරණය කර සිට්යාය.

"...අයියේ මම පොලීසියේ කාන්තාවන් සම්බන්ධයෙන් වූ අංශයක අධ්‍යක්ෂවරියක ලෙස කටයුතු කරන කාලයේ මා ඒ සම්බන්ධයෙන් ලද අත් දැකීමක් තියෙනවා.එක් අවස්ථාවක කාන්තාවකට සිදු කරන ලද අපහාසයක් කරන ලදැයි කියවෙන පැමිණිල්ලක⁣ට අදාල සැකකරුට පැමිණෙන ලෙසට දැනුම් දුන්නා.එහෙත් සැකකරු නොපැමිණීම නිසා මා ඔහුගේ නොපැමිණීම පිළිබඳව  අධිකරණයට කරුණු වාර්තා කරලා අත් අඩංගුවට ගැනීම සඳහා ⁣වරෙන්තුවක් ඉල්ලා සිටියා.විනිසුරුතුමා මගෙන් විමසුවා සැකකරුට එරෙහිව තිබෙන චෝදනාව මොකද්ද කියලා.පැමිණිල්ලේ ඇත්තේ අපහාස කිරීමක් බව මා සඳහන් කෙරුවාම විනිසුරු තුමා මටත් අවවාද කරල මගේ කරුණු වාර්තා කිරීම ඉවත දැමුවා.විනිසුරු තමා එහිදී මගෙන් ප්‍රශ්ණ කෙරුවෙ චෝදනාවක් නැතුව පුරවැසියෙකු කැඳවන්නෙ කෝමද ඒ වගේම එම කැඳවීමට පැමිණෙන්නෙ නැති වුනාම ඔහු අත් අඩංගුවට ගන්නෙ කෝමද කියලයි..."

ඒ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිණියගේ අත් දැකීමෙන් අපට තහවුරු කර ගත හැක්කේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට ගම්පොළ පොලීසියට පැමිණීමට නියෝග කර ඇත්තේ කිසිදු වරදක් නැතුව බවය.
පොලීසිය කට උත්තරයක් ලියා ගත් පමණින් වරදක් කර නැති පුරවැසියකු හිතූ මතේ පොලීසියට කැඳවිය නොහැකි බව වටහා ගත යුතුය.තොරතුරක් ලද පමණින් ඒ පිළිබඳව විමර්ශනයකින් තොරව කට උත්තරය කට පාඩමේ කියවා වරදක් නොකළ පුරවැසියන්ට "පොලිස් පාට්" දැමීමද නීතියට වලංගු නැත. 

Comments

Popular posts from this blog

නලින් හේවගේ සහෝදරයාගෙන් මහ පොළවේ දේශපාලනය ඉගෙන ගන්න අධිකරණ ඇමතිතුමෝ

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

රෙදි ඉල්ලේ සන්ධානය මරු