සමගි ජනේ සභාපති අපේක්ෂක ඝාතනයට දේශබන්දුගේ නමත් ගෑවිලා
පළාත් පාලන මැතිවරණයේද සමගි ජන බලවේගයෙන් අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අපේක්ෂකයා ලෙස තරග කළ සන්තියාගු හිරාන් කෝසල ද සිල්වා ඝාතනය කිරීීමේ සිද්ධියට සම්බන්ධ සැක කරුවන් දෙදෙනෙකු මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පිහිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් නිවසක සැඟවී සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.මෙම නිවස කරණ්දෙනිය සුද්දා විසින් හිටපු පොලිස්පති දේශබන්දුට ඉඳි කර තෑගි දුන් නිවසක් බව ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසේ. අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමාණාකරු වන සන්තියාගු හිරාන් කෝසලද සිල්වා ඝාතනය කරන ලද්දේ අම්බලන්ගොඩ හා බලපිටිය ප්‍රදේශවල පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් බව පැවසේ. 2015 වසරේ අගෝස්තු මාසයේදී පුද්ගලයෙකුට පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවක්ද ඔහුට එරෙහි එල්ල වී තිබුණි.2014 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී තියුණු ආයුද වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ වරදටද ඔහු අත් අඩංගුවේ පසුවී ඇත. කරන්දෙණියෙ සුද්දා ,පොඩි ලැසී, කොස්ගොඩ සුජී ,ලොකු පැටී ,ඌරගහ එස්එෆ් ඉන්දික යන පාතාල ක්‍රියාකාරිකයන් සමග හිරාන් කෝසලගේ සෘජු සම්බන්ධතාවක් පැවැති බව මේ වන ව...