සමගි ජනේ සභාපති අපේක්ෂක ඝාතනයට දේශබන්දුගේ නමත් ගෑවිලා

  




පළාත් පාලන මැතිවරණයේද සමගි ජන බලවේගයෙන්අම්බලන්ගොඩ නගර සභාවේ සභාපතිඅපේක්ෂකයා ලෙස තරග කළ සන්තියාගු හිරාන් කෝසල ද සිල්වා ඝාතනය කිරීී⁣මේ සිද්ධියට සම්බන්ධ සැක කරුවන් දෙ⁣දෙනෙකු මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පිහිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් නිවසක සැඟවී සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබේ.මෙම නිවස කරණ්දෙනිය සුද්දා විසින් හිටපු පොලිස්පති දේශබන්දු⁣ට ඉඳි කර තෑගි දුන් නිවසක් බව ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසේ. 

අම්බලන්ගොඩ සිංගර් ආයතනයේ කළමාණාකරු වන සන්තියාගු හිරාන් කෝසලද සිල්වා ඝාතනය කරන ලද්දේ  අම්බලන්ගොඩ හා බලපිටිය ප්‍රදේශවල පාතාල කල්ලි දෙකක් අතර පවතින ආරවුලක් හේතුවෙන් බව පැවසේ.
2015 වසරේ අගෝස්තු මාසයේදී පුද්ගලයෙකුට පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවක්ද ඔහුට එරෙහි එල්ල වී තිබුණි.2014 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේදී තියුණු ආයුද වලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ වරදටද ⁣ඔහු අත් අඩංගුවේ පසුවී ඇත.
කරන්දෙණියෙ සුද්දා ,පොඩි ලැසී,
කොස්ගොඩ සුජී ,ලොකු පැටී ,ඌරගහ එස්එෆ් ඉන්දික යන පාතාල ක්‍රියාකාරිකයන් සමග හිරාන් කෝසලගේ සෘජු සම්බන්ධතාවක් පැවැති බව මේ වන විට හෙළි වී තිබේ.හිරාන් කෝසල ඝාතනය කළ දිනට පෙර රාත්‍රියේ මේ වන විට බූස්ස බන්ධනාගාරයේ අධි ආරක්ෂිත කළාපයේ රඳවා සිටින⁣ ලොකු පැටී නම් පාතාල ක්‍රියා කාරිකයා සමග පැය ගණනක් දුරකථන කතා බහක නිරත වී සිට ඇති බවද පොලිස් විමර්ශන වලදී හෙළිවී ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් අ⁣ට දෙනෙකු පමණ අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.එහෙත් මෙතෙක් ඝාතකයා හා ඔහු පැමිනි යතුරු පැදිය පැදවූ අපරාධ සහායකයා අත් අඩංගුවට ගෙන නැත.
ඝාතකයා සීනිගම පදිංචි  ජම්බුවා යන අනවර්ථ නා⁣මයෙන් හඳුන්වන අයෙකි.
එම ඝාතකයා ආ යතුරු පැදිය පැදවූ තැනැත්තා බලපිටිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයකුගේ පුත්‍රයකු බව පැවසේ.
එම සැකකරු අම්බලන්ගොඩ වතුගෙදර 
කැලේ ආවාසය නම් විහාරස්ථානයේ පැවදිව සිට සිවුරු හළ තැනැත්තෙක් බවද පොලීසිය පවසයි.

මෙම ඝාතනය සිඳු කළ දෙදෙනා හා ඒ සඳහා උපකාර කළ අයවළුන් කරන්දෙණිය සුද්දා හා කොස්ගොඩ සුජී ගේ පාර්ශවයට සම්බන්ධ බව හෙළි වී ඇත.මෙතෙක් කාලයක් පොලීසිය සිතා සිටියේ කොස්ගොඩ සුජී පාර්ශවය සමග කරන්දෙණිය සුද්දාගේ කණ්ඩායම අමනාපයෙන් පසුවන බවය.එහෙත් මේ ඝාතනයේදී ඔවුන් දෙපාර්ශවය සම්බන්ධව කටයුතු කර ඇති බවට අනාවරණය වී තිබේ.කොස්ගොඩ  සුජී ගේ පාර්ශවය නියෝජනය කරමින් ඌරගහ ගොත දිනූ ,ඌරගහ මයිකල්,
ගෝත මානවඩු හා කරන්දෙණි⁣ය සුද්දා සිටී.ඔවුන්ට එරෙහි සිටින්නේ රත්ගම විදුර ,කොස්ගොඩ රණා,ලොකු පැටී,කන්ජිපානී ,උනාකුරුවේ ශාන්ත, සමන් කොල්ලා හා ඌරගහ එස්එෆ් ඉන්දික යන පාතාල අපරාධ කරුවන්ය.  
⁣හිරාන් කෝසල ඝාතන කරන ලද්දේ ලොකු පැටි සමග සම්බන්ධතා පැවැත්වීම නිසා බව පැවසෙන මුත් එම ඝාතනය තුළ නොවිසඳුන පැති ගණනාවක් පවතී.

හිරාන් කෝසල අපරාධ ක්‍රියා වලට චෝදනා ලබා විවිධ අවස්ථා වලදී බන්ධනාගාර ගත කෙරුවද ඔහු සිංගර් ආයතනයෙන් ඉවත් නොකිරීමද ප්‍රශ්ණගත කාරණයකි.පාතාල ක්‍රියාකාරිකයන් හෙරොයින් ජාවාරම් වලින් උපයන කළු සල්ලි සුදු කිරීම සඳහා හිරාන් කෝසල සිංගර් ආයතනය යොදා ගත් බවටද සැක කළ හැකිය.එහිදී සිය සමාගමට මුල්‍ය වාසියක් අත් වන බැවින් හිරාන් කෝසල තම සමාගමේ කළමණාකරුවෙක් ලෙස රඳවා තබා ගන්නට එහි ඉහළ කළම⁣ණාකාරිත්වය කටයුතු කර ඇති බව මෙහිදී සිතන්නට පුළුවන.හිරාන්⁣ කෝසල ඝාතනය කරන ලද්දේ විශාල මුල්‍ය ජාවාරමක වංචාවක් නිසා යයිද මෙහිදී සැකයක් මතුවේ.
සිංගර් ආයතනයේ විදුලි උපකරණ යොදා ගනිමින් හිරාන් කෝසල හෙරොයින් බෙදා හරින ලදැයි යන කතා බහක්ද ප්‍රදේශවාසීන් අතර පවතී.සැබැවින්ම හිරාන් කෝසල පාතාල ක්‍රියාකාරිකයකුට වඩා පාතාලයේ දුක් ගන්නා රාළ ලෙස ක්‍රියා කළ අයෙකි.බොහෝ පාතාල ක්‍රියා කාරිකයන්ට ⁣මෙරටින් පලා යාමට ගුවන් ගමන් බලපත්‍ර සකස් කර දීමට හිරාන් කෝසල මැදිහත් වූයේ සිය දේශපාලනික බලය උපයෝගි කර ගනිමිනි.ඔහු යහ පාලනය අවධියේ ජනමාධ්‍ය ඇමතිවරයා වූ ගයන්ත කරුණාතිලකගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකුද විය. ඡ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් බන්ධනාගාර නිළධාරීන් හා අධිකරණ නිළධාරින්ට දකුණු පලාතේ පාතාල ක්‍රියාකරිකයන්
 හඳුන්වා දී ඒ එකි නෙකා අතර සම්බන්ධතාවක් ගොඩ නැගීමටද හිරාන් කෝසල කටයුතු කෙරුවේය.  

Comments

Popular posts from this blog

සිරගෙදර බොසාලා ගැන අපේ හෙළිදරව්ව

රෙදි ඉල්ලේ සන්ධානය මරු

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා