Posts

ජනපති අනුරට වතු කරයෙන් ඉහළ පිළිගැනීමක්

Image
  අද (11)දින උදෑසන ජනපති අනුර කුමාර දිසානායක නානුඔය රැදැල්ල ප්‍රදේශයේ පිහිටි වතුවල සේවය කරන වතු කමිකරු ජනතාව හමුවී ඔවුන් සමග සාකච්ඡාවක නිරත විය. එම වතු කම්කරුවන් ජනපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබීය.සිය වැටුප වැඩි කිරීමට මැදිහත්වීම ගැන ඔවුන් ජනපතිවරයා වෙත ස්තූතිය පුද කරනු ලැබීය. මෙතෙක් කාලයක් මධ්‍යම කඳුකරයේ දේශපාලනය තුළ සිංහල දේශපාලඥයකු හට ජනපතිවරයාට තරමේ ඉහළ  පිළිගැනීමක් හිමි වී නැත.එය මෙරට දේශපාලනය තුළ බෙදුම් රේඛාවක් ලෙස පවතින ජාතිකත්වය ඉක්මවා යාමකි. එහිදී ජනපති අනුර කුමාර දිසානායක වෙත වතු කම්කරුවන් ගේ හිමි වී ඇති ප්‍රසාදය මෙරට සම්ප්‍රදායික දේශපාලනය උඩු යටි කුරු කරන්නක් වී ඇති බවද පැහැදිලිය. එම වතු කම්කරුවන් ජනපති අනුර කුමාර දිසානායක ඉතා උණුසුම් ආකාරයෙන් පිළිගනු ලැබීය.සිය වැටුප වැඩි කිරීමට මැදිහත්වීම ගැන ඔවුන් ජනපතිවරයා වෙත ස්තූතිය පුද කරනු ලැබීය. මෙතෙක් කාලයක් මධ්‍යම කඳුකරයේ දේශපාලනය තුළ සිංහල දේශපාලඥයකු හට ජනපතිවරයාට තරමේ ඉහළ  පිළිගැනීමක් හිමි වී නැත.එය මෙරට දේශපාලනය තුළ බෙදුම් රේඛාවක් ලෙස පවතින ජාතිකත්වය ඉක්මවා යාමකි. එහිදී ජනපති අනුර කුමාර දි...

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා

Image
  ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව නගුට පස්ස පත්තේ ගසා ගෙන සැඟවුන දේශපාලන තක්කඩියන් යලි දහ අට සන්නිය නැටීමට පටන් ගෙන තිබේ.⁣ ආණ්ඩුවට එරෙහිව විවිධ ආකාරයේ  අසත්‍ය චෝදනා කරමින් ඉතා සැළසුම් සහගතව හා කුමන්ත්‍රණකාරීව සමාජය තුළ කැළඹීම් ඇති කිරීම එම පාර්ශවයන් ගේ අපේක්ෂාව වී ඇති බව පැහැදිලිය. එහිදී ජාජබ ආණ්ඩුවේ ⁣ප්‍රබලයන් ලෙස  සැළකිය හැකි මැති ඇමතිවරුන්ගේ පෞරෂය හා කීර්ති නාමය බිඳ දැමීමද ආණ්ඩුව පොදු මහජනතාවගේ ශුභ සිද්ධිය සඳහා ගන්නා ව්‍යාපෘති පිළිබඳව බිල්ලන් මැවීමද එහි එක් අදියරකි.ඒ අතරේම ජාජබ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු යටපත්ව තිබූ ආගම් හා ජාතිවාදය  ඉතා සියුම් ආකාරයෙන් අවුස්සා සමාජය බිය වැද්දීමටද ප්‍රයත්නය දරමින් සිටින බව පෙනී යයි.මේ සියල්ල සිද්ධ වන්නේ අහඹු ලෙස බව හැඟවුනද  එය එසේ නොවේ.මෙතෙක් ඒ සියළු සිදුවීම් නිර්මාණය කළ කර්තෘවරුන් කුල්ල කුජීතව සිටින පට්ට දූෂිත දේශපාලඥයන් බව මේ වන විට ඇස් පනා පිට තහවුරු වී ඇත.සැබැවින්ම මේ දූෂිතයන් දැන් සිටින්නේ තැති ගැන්මෙනි. බියට පත්වය.තව දුරටත් ජාජබ ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට පැවතුනහොත්  ⁣තමන්ට අනිවාර්යයෙන්ම වැලිකඩ ජම්පරය අඳින්නට සිඳුවන...

ලංකා දවසේ උපන්දිනය අදයි

Image
  ලංකා දවසේ නවවන උපන්දිනය අදය. බොහෝ දුෂ්කරතා මැද අප පසු කළ ගමන් මග ගැන අපට ඇත්තේ ආඩම්බරයකි.  අප නිරන්තරයෙන් පෙනී සිටියේ යුක්තිය හා සාධාරණය වෙනුවෙනි.පුරවැසියන්ගේ  මානව හිමිකම් ආරක්ෂාව සඳහාය.  රජුන් ඇමතියන් කියන කියන දේ දෙකට නැමී ලියා තුනට නැමී ඔප්පු කොට වරදක් තිබුණහොත් හතරට නැමී යාප්පු  වන ලියන අප්පුලා ලංකා දවසේ හතර මායිමේවත් නැත.සැබවින්ම ලංකා දවස නිරන්තරයෙන් පෙනී සිටියේ ලේඛන කලාව "ලෙව කන කලාවක්" ලෙසනොව ආඩම්බරකාර හා නම්බුකාර වෘත්තියක් ලෙසට සමාජගත කිරීම සඳහාය.   එහිදී මෑත භාගයේදී මෙරට සිදු වූ දේශපාලන පරිවර්තනයේදී ලංකා දවස කොන්දේසි විරහිතව පෙනී සිටියේ ප්‍රතිමත්තිමය ආණ්ඩුවක් ⁣බලයට පත් කරවීම සඳහාය.එවකට බලයේ සිටි තක්කඩි දේශපාලඥයන් ගැන අප තොරතුරු  අනාවරණය කරමින් සිටින විට විදුලි සංදේශ නියාමන කොමිසම ලවා අප⁣ගේ ශ්‍රී ලාංකික මාධ්‍ය සහභාගිත්වය සිර කර දමන්නට ඒ දූෂිත දේශපාලඥයන් මැදිහත් විය.එදා ඒ දූෂිතයන් අපට දැමූ විලංගුව තවමත් එසේමය.ජාජබ ආණ්ඩුවේ කෙරුම්කරයන් ගණනාවකට අප සිර කර ඇති ඒ අනීතික විලංගුව ගලවා දමන ලෙසට අභියාචනා ඉදිරිපත් කෙරුවෙමු.එහෙත් ඒ කිසිවෙකුත් ඒ ගැන ...

සජින් වාස් නැවතත් කරළියට

Image
  අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඒ අසල රැඳී සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරන විට වාහනයේ  නැගී පිටව ගියේ තමන් පැමිණියේ පැමිණිල්ලක් කිරීමට බව පවසමිනි.එහෙත් අපට අනාවරණය වූ ආකාරයට සජින් වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ශිරන්ති රාජපක්ෂ විසින් කෝටි හතලිහකට කොළඹ ටොරිටන් පෙදෙස පිහිටි සුවිසල් නිවසක් මිලයට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාලවය. මේ වන විට සජින් වාස් ගුණවර්ධන ඉතා රහසිගතව නාමල් රාජපක්ෂ ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටී.ඉදිරි කාලයේදී අම්බලන්ගොඩ  මැතිවරණ කොට්ඨාශයේ පොදු ජන පෙරමුණේ සංවිධායක ධුරය සජින් වාස් ගුණවර්ධන වෙත ලබා දීමට නාමල් රාජපක්ෂ සැළසුම් කර ගෙන සිටින බවද අප වෙත දැන ගැන්මට ලැබී තිබේ. අම්බලන්ගොඩ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ නයිදුවාවඩු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සජින් වාස් ගුනවර්ධනට එරෙහිව චෝදනාවක් පවතී.ඒ කාලයේ නයිදුවාවඩු ඝාතනය යට ගැසූ ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර  කුමාර මේ වන විට පොලිස් මූලස්ථා⁣නයේ පරිපාලන අධ්‍යක්...

පොලිස්පති නියෝග ගණන් නොගන්නා මීටියාගොඩ පොලීසිය

Image
  බළපිටිය මූලික රෝහළෙහි හෙද කාර්ය මණ්ඩලයේ හෙදියන් හා හෙද නිළධාරීන් කිහිප දෙනෙකුට විමර්ශනයක් සඳහා කට උත්තර ලබා ගැනීම⁣ට මීටියාගොඩ පොලීසියට පැමි⁣ණෙන ලෙසට පොලිස් පණිවුඩ එවා ඇතැයි වාර්තා වේ.මේ පොලිස් පණිවුඩ වල සඳහන්ව ඇත්තේ විමර්ශනයක් සඳහා කට උත්තර ලබා ගැනීමට පොලීසියට පැමිණෙන ලෙසටය.එම පොලිස් පණිවුඩය නිසා හෙද හෙදියන්ගේ නිවැසියන් තුළ බරපතල ප්‍රශ්ණකාරී තත්වයක් මතු වී ඇත්තේ තමන් පොලීසියට  කැඳවා ඇත්තේ කවර කාරණයක් නිසා දැයි එහි සඳහන් නොවීම නිසාය. සැබැවින්ම ඒ පිළිබඳව පසුව සොයා බැලීමේදී එම හෙද හෙදියන්ට දැන ගැන්මට ලැබී ඇත්තේ තමන් සේවය කරන වාට්ටුවට ඇතුළත් කරන ලද වෙඩි වැදී ගෙන ආ සැකකරුවකු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෙම හෙද හෙදියන් කැඳවා ඇති බවය. කෙසේ වෙතත් කිසියම් විමර්ශනයක් සඳහා පුරවැසියකු පොලීසියට කැඳවීමේදී ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෑතකදී නිකුත් කරන ලද චක්‍රලේඛය මීටියාගොඩ පොලීසියේ අපරාධ  අංශයේ ස්ථානාධිපතිවරයා තඹ දොයිතුවකට ගණන් නොගැනීම කණගාටුවට කාරණයකි.පොලිස්පති ප්‍රියන්ත  වීරසූරිය මේ චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පරිදිය.මූලික...

එක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවකු බ්‍රිගේඩියර් ධුරයට උසස් කිරීම ගැන ඇත්ත කථාව

Image
  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට චෝදනා ලද යුද හමුදාවේ බුද්ධි බළකායේ නිළධාරීන්ට එරෙහිව මෙි  වන විට ත්‍රිපුද්ගල මහාධිකරණ⁣ය ඉදිරිපිට නඩුවක් විභාග වෙමින් පවතී.එහි ප්‍රධාන විත්තිකරුවකු වූ විශ්‍රාමික බ්‍රිගේඩියර් ෂම්මි කුමාරරත්න විසින් සාක්ෂිකරුවන්ට තර්ජනය කරන ලදැයි චෝදනාවකට පසුගියදා ඔහු බන්ධනාගාර ගත කෙරිණි. මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලනිකව දිගින් දිගටම චෝදනා කෙරුණේ රාජපක්ෂවරුන්ට එරෙහිවය.ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය තුළද ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එරෙහිව බොහෝ ප්‍රශ්ණ කිරීම් හා චෝදනා කිරීම් සිඳු කෙරුණ අතරම එහිදී සිය පක්ෂය බලයට පත් වූ පසුව ප්‍රගීත්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වූ අවස්ථා නැත්තේද නොවේ.ඒ නිසාම මෙරට වර්තමානයේ පාලන බලය හිමි කර ගෙන සිටින ජාතික ජන බලවේගයට ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය මග හැර සිටිය නොහැකිය. වර්තමානයේදී ත්‍රිපුද්ගල මහාධිකරණය මගින් ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සම්බන්දයෙන් වූ නඩුව විභාග වන ආකාරය ගැන ප්‍රගීත් ගේ බිරිඳ වන සන...

එක්නැලිගොඩ නඩුවේ විත්තිකාරයෙක් බ්‍රිගේඩියර් තනතුරට උසස් කරලා

Image
  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ චුදිතයකු වන කර්නල් තෙල්ගේ එරන්ත රදීෂ් ප්‍රදීප් නම් හමුදා නිළධාරියා තාවකාලික බ්‍රිගේඩියර් තනතුරට පත් කිරීම සඳහා වූ ලේඛනයකට ජනපතිවරයා විසින් අත්සන් තබා ඇතැයි මාධ්‍ය ගණනාවක් වාර්තා කර තිබේ.2010 වර්ෂයේ ජනවාරි මාසයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා ලබා සිටින කර්නල් ෂම්මි කුමාර රත්න ඒ වන විට ගිරිතලේ හමුදා බුද්ධි බලකා කඳවුරේ අණදෙන නිළධාරියා ලෙස කටයුතු කර ඇති  අතර එවකට මේජර් වරයකු වූ එරන්ත ප්‍රදීප් එම කඳවුරේ සේවය කර තිබේ.මේජර් එරන්ත ප්‍රදීප් 2008 වර්ෂයේ සිට 2012 දක්වා එම කඳවුරේ සේවය කර ඇති අතර ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සම්බන්ධයෙන් ඔහු සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගන්නේ දුරකථන ඇමතුම් වාර්තා විශ්ලේෂනයෙනි.ඔහු ගේ හිමිකාරත්වය යටතේ පැවති  0773451352  ඩයලොග් දුරකථන අංකය ඔහු විසින් ලබා ගෙන තිබුණේ අංක 87 බෞද්ධාලෝක මාවත කොළඹ යනුවෙන් සඳහන් ව්‍යාජ ලිපිනයකටය. කෙසේ වෙතත් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාව යටතේ පවර...