සජින් වාස් නැවතත් කරළියට

 


අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඒ අසල රැඳී සිටි මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කරන විට වාහනයේ  නැගී පිටව ගියේ තමන් පැමිණියේ පැමිණිල්ලක් කිරීමට බව පවසමිනි.එහෙත් අපට අනාවරණය වූ ආකාරයට සජින් වාස් ගුණවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ශිරන්ති රාජපක්ෂ විසින් කෝටි හතලිහකට කොළඹ ටොරිටන් පෙදෙස පිහිටි සුවිසල් නිවසක් මිලයට ගැනීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයකට අදාලවය.


මේ වන විට සජින් වාස් ගුණවර්ධන ඉතා රහසිගතව නාමල් රාජපක්ෂ ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට සම්බන්ධව සිටී.ඉදිරි කාලයේදී අම්බලන්ගොඩ  මැතිවරණ කොට්ඨාශයේ පොදු ජන පෙරමුණේ සංවිධායක ධුරය සජින් වාස් ගුණවර්ධන වෙත ලබා දීමට නාමල් රාජපක්ෂ සැළසුම් කර ගෙන සිටින බවද අප වෙත දැන ගැන්මට ලැබී තිබේ.

අම්බලන්ගොඩ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ නයිදුවාවඩු මන්ත්‍රීවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සජින් වාස් ගුනවර්ධනට එරෙහිව චෝදනාවක් පවතී.ඒ කාලයේ නයිදුවාවඩු ඝාතනය යට ගැසූ ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර  කුමාර මේ වන විට පොලිස් මූලස්ථා⁣නයේ පරිපාලන අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කරමින් සිටී.බොහෝ පොලිස් නිළධාරීන් මේ වන විටත් සිය ස්ථාන මාරුවීම් කර ගන්නේද සජින් වාස් ගුණවර්ධන ගේ මාර්ගයෙන් බව පැවසේ.තාජුඩීන් ඝාතනයට සම්බන්ධ බව පැවසෙන කැප්ටන් තිස්ස නැමැත්තාගේ ඥාති ⁣සහෝදරයකු බව පැවසෙන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ පසුගියදා මොනරාගල ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස පත් කරන්නේද මේ හිතවත් කම නිසා බව තහවුරු වී තිබේ.මේ වන විටත් සජින් වාස් ගුණවර්ධනගේ සැළසුම් මත රාජපක්ෂවරුන්ට හිතවත් පොලිස් ඡ්‍යෙෂ්ඨයන් ඒ ඒ ප්‍රදේශවල ඉතා කුමන්ත්‍රණ කාරීව ස්ථාන ගත කරමින් සිටින බවටද වැඩිදුරටත් අප වෙත තොරතුරු ලැබී ඇත.කෙසේ වෙතත් සජින් වාස් ගුණවර්ධන තිරය පිටුපස සිට නාමල් රාජපක්ෂගේ දේශපාලනයට ප්‍රබල දායකත්වයක් සපයමින් සිටින බව තතු දන්නෝ පවසති.මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සමීපයේ සිටි කාලයේදීද සජින් වාස් ගුණවර්ධන ප්‍රචලිතව සිටියේ මෙවැනි දේශපාලන ගේම් කාරයෙක් ලෙසටය.

Comments

Popular posts from this blog

අනුරගේ සැබෑ ඇත්ත හා රාජපක්ෂ වරුන්ගේ සැඟවුන ඇත්ත

රාජපක්ෂවරුන් ගොඩ දා ගැනීමට අසූචි ඇඟ පුරා හලාගත් පැන්ෂන්කාර මේජර් ජනරාල් වරයා

කල්පිටිය පොලීසියට නැවතත් ජාවාරම්කාර ඕඅයීසී පත් කරලා