Posts

කරාපිටිය රෝහලේදී මාධ්‍යවේදිනියකට පොලීසිය චණ්ඩි පාට් දාලා

Image
  ගාල්ල කරාපිටිය රෝහලේ ⁣මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින ඉරාන ජාතික නැවියන් ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටියදී පොලීසියේ යැයි පැවසූ කණ්ඩායමක් තම රාජකාරියට බාධා කරමින් තමාගේ සටහන් පොත් උදුරාගත්තේ යැයි සඳහන් කරමින් සිලෝන් ටුඩේ පුවත්⁣පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා ගාල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තා වේ. මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා ඉරාන තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තිකාවකගේ සහායෙන් රෝහලෙහි නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි අදාල නැවියන් ගෙන් තොරතුරු ලබා ගනිමින් සිටියදී මේ පොලිස් නිළධාරීන් පිරිස ඇයට බාධා කර ඇති බවද දැන ගැන්මට තිබේ.එහිදී තමාට පොලිස් නිළධාරියකු හා රෝහලෙහි ආරක්ෂක නිළධාරියෙකු අසභ්‍ය වචනයෙන් බැණ වැදුන බවද ඇය කියා සිටී. තමා මුහුණ පෑ මේ සිද්ධිය පිළිබඳව පොලිස්පතිවරයාට දුරකථනයෙන් පැමිණිලි කළ බවද අනතුරුව තමන් ගාල්ල පොලීසියේ පැමිණිල්ලක් කළ බවත් මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය⁣ට පවසා ඇති අතර මේ සිඳුවීම නිදහසේ සිය වෘත්තීය  කටයුතු වලට නිරත වීමට මාධ්‍යයට ඇති අයිතියට බාධා කරමින් සිඳු කළ අනීතික පොලිස් මැදිහත්වීමක් බවට සඳහන් කරමින් එම ව්‍යාපාරයේ ලේකම් දි...

නිදන් හෑරූ හිටපු ඩීඅයිජී බිරිඳ ඇතුළු 7 කට දඩ

Image
  අනුරාධපුර ශ්‍රාවස්තිපුර තිඹිරිකඩවල ප්‍රදේශයේ ගල් තලාවක් සහිත ඉඩමක් මත පිහිටි දේවාලයක් ඇතුළත කැණීම් කර නිදන් වස්තු ලබා ගැනීමට තැත් කිරීම හා කුමන්ත්‍රණය කිරීම චෝදනා යටතේ බන්ධනාගාර ගත කර සිටි කොළඹ දිසාව බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ ගේ බිරිය වන ඩී.ඒ.ඉන්ද්‍රාණි කුමාරි දිසානායක ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් එම නඩුව ගත් අවස්ථාවේදී අධිකරණයේදී වරද පිළිගනු ලැබූහ. ඒ අනුව වරද පිළිගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් හත් දෙනාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී මුදලින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කෙරුවේය. මෙම සිද්ධියට අදාලව දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය උදිත ලියනගේ සහ එම නඩුවේ තවත් සැකකරුවෙකු වූ එම්.පද්මසිරි දිසානායක නම් හිටපු යුද හමුදා නිළධාරියෙකු තමන්ට එරෙහිව අධිකරණය හමුවේ පවතින චෝදනාවන්ට වරද නොපිළිගත් අතර මේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් බන්ධනාගාර ගත කෙරිණි. ඒ අනුව වරද පිළිගත් හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් හත් දෙනාට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එහිදී මුදලින් රුපියල් ලක්ෂය බැගින් දඩ නියම කෙරුවේය. මෙම ස...

දෙමටගොඩ රුවන්ට ඇප ගැනීමට ලක්ෂ 150 ක් ගැනීමේ නඩුවක විත්තිකරුවකු ලෙස දුමින්ද සිල්වා නම් කරයි

Image
  මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට දෙම⁣ටගොඩ රුවන් නැමති සැකකරු බන්ධනාගාරගතව සිටියදී ඔහුට ඇප ලබා දීම සඳහා රුපියල් ලක්ෂ එකසිය පනහක මුදලක් ඉල්ලා ගන්නා ලදැයි කියන විමර්ශනයකට අදාලව  සැකකරුවකු ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිආර්.දුමින්ද සිල්වා නම් කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම හමුවේ කරුණු දැක්වූ අල්ලස් හෝ දූෂණ කොමිෂම පසුගියදා (03) පැවසීය. අයථා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අත් අඩංගුවට පත්ව සිටි දෙමටගොඩ රුවන් නැමති සැකකරුට ඇප ලබා ගැනීමට උදව් කිරීම සඳහා මෙලෙස මුදල් ලබා ගත් කියන විමර්ශනයකට අනුව මෙලෙස ඔහු සැකකරුවෙක් ලෙස නම් කෙරිණි.මේ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස්⁣ කොමිෂම මගින් අත් අඩංගුවට ගත් මොහොමඩ් මොහොදීන් සෆ්රාස් නවාස් නැමති සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ කොමිෂම වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් දුමින්ද සිල්වා යන අයද මේ නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන බව අධිකරණයට දැනුම් දෙන ලදී. නීති විරෝධී වත්කම් විමර්ශන  කොට්ඨාශය මගින් සිඳු කරන ලද පැමිණිල්ලකට අනුව දෙමටගොඩ රුවන් යන විත්තිකරු රහස් පොලීසිය මගින් අත් අඩංගුව...

පොලීසියේ දූෂිතයන් ගේ යුනිෆෝම් ගැලවේ

Image
 ගෙවී ගිය 2024 සිට 2025 කාලය තුළ විවිධ විෂමාචරයන් හා විනය විරෝධීව කටයුතු කරන ලද පොලිස් නිළධාරීන් 604 දෙනෙකුගේ වැඩ  තහනම් කර 79 දෙනෙකුගේ සේවයෙන් පහ කිරීමට  කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කෙරුවේය.  පොළිස් නිළධාරීන්ගේ විනය පවත්වාගෙන යාම සඳහා රජය මගින් ක්‍රියා මාර්ග රැසක් ගෙන ඇති අතර පොලිස් නිළධාරීන් සිඳු කරන දූෂණ හා අක්‍රමිකතාවන් පිළිිබඳව පොලිස්පතිවරයාට හා මහජන ආරක්ෂක අමාත්‍යංශය වෙත සෘජුව පැමිණිලි කිරීමට මහජනතාවට දැනුම් දීමට හැකියාව පවතින බවද  අමාත්‍යවරයා පැවසීය. මේ වන විට දිවයින පුරා පොලිස් ස්ථාන 608 ක් ඇති බවද,පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන පොලිස් නිළධාරීන් සංඛ්‍යාව 79782 ක් බවද මෙහිදී අමාත්‍යවරයා හෙළි කෙරුවේය. පසුගිය කාලයේ අපරාධ මර්දන මෙහෙයුම් මගින් පොලීසිය මගින් මේ වන විට වෙඩික්කරුවන් 22 ක් ,පැදිකරුවන් 14 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 57 ක් ඇතුළු සැකකරුවන් 315 දෙනෙකු 2024  අත් අඩංගුවට ගෙන ඇති බවද 2025 වසරේදී අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 408 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇමතිවරයා අනාවරණය කෙරුවේය....

කොස්ගොඩ සුජී ගේ ගෝලයන් රොත්තක් සාජා පොලීසිය අැරස්ට් කරයි

Image
  එක්සත් එමීර් රාජ්‍යයේ සාජා පොලීසිය මගින් ශ්‍රී ලංකාවේ පාතාල සාමාජිකයන් හතරදෙනෙකු අත් අඩංගුවට ගත් බව වාර්තා විය.එම පාතාල සාමාජියන් හතර දෙනා ලංකාවේ සිඳු වූ සාහසික මිනිස් ඝාතන වලට සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ වූවන් වේ.මේ වන විටත් මෙරට සිඳු කරන හොරොයින් ජාවාරම  එක්සත් එමීර් රාජ්‍යයේ සිට මෙහෙයවනේද මෙම පාතාල සාමාජිකයන් බව අනාවරණය වී තිබෙි. එලෙස අත් අඩංගුවට ගත් අයවළුන් මෙසේය. 1.එම්.ඩී .හර්ෂ ගුණතිලක  මොහුට එරෙහිව හෙරොයින් ළඟ තබා ගැනීම ගැන ගාල්ල මහාධිකරණයේ නඩුවක් විභාග වන අතර බෙලි අත්ත අධිවේගී මාර්ග පිවිසුම අසලදෟ රෝයල් බීච් සමන් ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධයට හවුල් වූ අයෙකි. 2.දසුන් මානවඩු මොහු අම්බලන්ගොඩ යසරත්න නම් මිනිස් ඝාතකයාගේ ගෝලයෙකි.යසරත්න අම්බලන්⁣ගොඩ ප්‍රදේශයේ මිනිස් ඝාතන නවයකට ආසන්න සංඛ්‍යාවක් සිදු කෙරුවද ඒ කිසිවකුට පොලීසියේ අත් අඩංගුවට පත් නොවු අයෙකි.එහෙත් අම්බලන්ගොඩ නගරයේදී ඔහු ඝාතනය කෙරිණි.තම කණ්ඩායම් නායක යසරත්න මරා දමන ලද්දේ  අම්බලන්ගොඩ ප්‍රසිද්ධ ව්‍යපාරික සහ ගාල්ල ක්‍රිකට් සංඟමයේ   සභාපති ප්‍රේමසිරි හැළඹගේ ගේ කොන්ත්‍රාතුවකට බවට සැක කර දසු...

රනිල් ගේ බ්‍රිතාන්‍යය සංචාරය පෞද්ගලික ගමනක් බව විශ්වවිද්‍යාලය කියයි

Image
  හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය දරණ කාලයේ සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවය සඳහා බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයට ගිය සංචාරය පිළිබඳව පසුගිය දිනවල මෙරට සමාජය තුළ කතාබහක් නිර්මාණය වූයේ මහජන මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග වලට එළඹීමෙන් පසුවය. එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නීතිඥයන් අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කරන ලද්දේ ඔහු ගේ එම සංචාරය නිල සංචාරයක් බවටය.රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි බොහෝ අයවළුන්ද එම සංචාරය නිල සංචාරයක් බවට අදහස් ප්‍රකාශ කළ අතරම ඔහුට එරෙහිව අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම ජාජබ ආණ්ඩුව කළ දේශපාලන පළි ගැනීමක් බවටද අවධාරණය කෙරිණි. එහෙත් ඒ සියල්ලන් ⁣ගෙන ආ තර්ක කුඩු පට්ට්ම් කර දැමීමට සිවිල් සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් සමත්වී  තිබේ. ඒ ඔහු බ්‍ර්තාන්‍ය තොරතුරු පනත උපයෝගි කර ගනිමින් වොල්වර්හැම්ප්ටන් විශ්ව විද්‍යාලය වෙතින් ලබා ගෙන ⁣ඇති තොරතුරු නිසාය ඕෂල හේරත් බ්‍රිතාන්‍යයේ 2000 අංක දරන තොරතුරු දැනගැනීමේ නිදහස පිළිබඳ පනත (FOIA)යටතේ ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රයට එම විශ්ව විද්‍යාලයේ තොරතුරු නිළධාරිණී සෝපි එසන් (sophi...

අනේ පව් චූටි ගෑනු ළමයා දෙයියනේ

Image
  ඇමරිකාව හා ඉරාණය අතර යුද්දය ඇරඹීමත් සමගම  රට ඉන්ධන හිඟයක් ඇති වෙනු ඇතැයි මහජනයා ඉන්ධන පිරවුම් අසල පෝලිම් ගැසෙන්නට විය. හොරණ ඉන්ධන පිරහුම් හලක් සමීපයේ ඉන්ධන ලබා ගැනීමට පෝලිමක සි⁣ටි ගැහැණු දැරියක හිරු හා හොරණ Goosip නම් මාධ්‍ය ආයතන වලට ලබා දෙන ලද "වොයිස් කටයක්" සමාජ මාධ්‍ය තුළ  පියාඹන්නට ගත්තේ ආණ්ඩුවට  එරෙහිවූවන්ට අපූරු උත්තේජනයක් ලබා දෙමිනි. ඇය එහිදී මෙසේ පැවසුවාය.දිනය  2026.04.01 දාය. "...අපි හිතුවෙ නෑ අනුර මේම රවට්ටයි කියලා.දැන් තෙල් ගහන්න යද්දි 95 විතරයි තියෙන්නෙ.ගොඩාක් වෙලා ඉඳන් මේම ඉන්නවා.මං කවදාවත් හිතවෙ නෑ මගේ පළවෙනි ඡන්දෙ දුන්න අනුර අපට මේම කරයි කියලා.ගොඩාක් වෙනසක් බලාපොරොත්තු වුනා කිව්ව කතා වල හැටියට.ඇත්තටම මේ විදියට වෙයි කියලා හිතුවෙම නෑ.යුරෝපයෙ ෆීලින් එකක් දෙන තරමට තමයි අනුර කතා කෙරුවෙ.ඒත් දැන් අන්ත තත්වයට පත් වෙලා. එහෙත් ආණ්ඩුවට එරෙහි වූවන් ඒ දැරියගේ දැරියගේ වොයිස් කටයෙන් ගත් වින්දනය ක්ෂණයෙන් සුනු විසුණු වී ගියේය. ඒ එම දැරියම හොරණ GOOSIP නම් මාධ්‍ය ආයතනයට 2025 අප්‍රේල් මාසයේ 01 වෙනිදා දුන් වොයිස් කටයක් නිසාය. ඇය එහි මෙසේ පවසන්නීය. "...යුද්දයක් නිම ක...