අක්කා මහාධිකරණ විනිසුරු මල්ලී ජේ.පො.අ. ප්‍රසන්න අල්විස් මහේස්ත්‍රාත්ට කෙලින්න ගේම් ගහන දේශපාලන පාදඩයෙක්


 

මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ දන්නා හඳුනන මහේස්ත්‍රාත්  තරංගා මහවත්ත...........
කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  තරංගා මහවත්ත විසින් බන්ධනාගාර ගත කොට සිටින සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ සෞඛ්‍ය තත්වය දුර්වල වීම හේතු⁣ කරගෙන වෛද්‍ය නිර්දේශ මත උන්වහන්සේට සස්ටජන් සහ පස් පංගුව සඳහා රුපියල් දහදාහක මුදලක් ලබාදුන්නේ යැයි ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිළධාරීන් වෙත ප්‍රකාශ කොට ති⁣බෙි.
බලයට කෑදර මේ තුන් බෑයන්.......
සිරිධම්ම ස්වාමින්වහන්සේ ඩෙංගු වැළඳීමෙන් පසුව දැඩි අයහපත් සෞඛ්‍ය පසුවූ බව වාර්තා වූ අතර  මහේස්ත්‍රාත්වරිය විසින්  ශක්තිජනක පාන සහ පස් පංගුව උන්වහන්සේට  ලබාදී ඇත්තේ මානුෂික හේතූන් නිසා බව පැහැදිලිය. ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් හා දිලීප පීරිස් නම් වූ කළු කෝට් කාරයාට නැතහොත් ත්‍රස්තවාදීන්ට මුදල් දුන් ටිරන් අලස්ට මනුෂ්‍යත්වය පිළිබඳව තඹ දොයිතුවක හැඟීමක්  නොමැති බව සමස්ත ශ්‍රී  ලංකාවාසීන්ම දන්නා කරුණකි. බලයට කෑදර මේ තුන් බෑයන්ට  මනුෂ්‍යත්වය අදාල වන්නේද නැත.එසේ හෙයින් මනුෂ්‍යත්වයේ ගුණ සුවඳ දන්නා හඳුනන මේ මහේස්ත්‍රාත්වරියගේ  එම මැදිහත් වීම සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම අගය කළ යුතුය.
 
ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ  අන්තර් විශ්වවිද්‍යාල  ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අධිකරණයට කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ දිලිප පීරිස් පවසා ඇත්තේ මහේස්ත්‍රත්වරිය සැකකාර සිරි ධම්ම ස්වාමීන් වහන්සේ අසනීප වූ අවස්ථාවේදී රුපියල් දහදාහක සස්ටජන් ලබාදී ඇති බැවින් මෙම   නඩු කටයුත්ත වෙනත් විනිසුරුවරයෙකු ඉදිරිපිට මාරු කරන ලෙසටය.දිලීප පීරිස් මෙසේ ඉල්ලීමක්  කිරීමට පාදක වූ වී ඇත්තේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් සහකාර අධිකාරිවරයෙක් සහ  ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් විසින් ලබා දුන් දිවුරුම් පෙත්සම්ය.මෙම දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ අභ්‍යන්තර  කතන්දරය විමසා බැලූ විට සත්‍යය අනාවරණය කර ගත හැකිය.
මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සමඟ මාරාන්තික වෛරයකින් පසුවන්නෙකි එයට හේතුව නැවතත් නැවතත් අරගලයක් මතු වුවහොත් එම අරගලයේ  ක්‍රියාකාරී වන්නේ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලය බැවින් ය.මේ හේතු කර ගෙන ටිරාන් අලස් හට තවදුරටත් වසන්ත මුදලිගේ රිමාන්ඩ් බාරයේ තබා ගැනීමට අවශ්‍යව ඇත.
ගිලින්නට ගිජු කම් දක්වන ප්‍රසන්න අල්විස්........
ටිරාන් අලස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ⁣ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් ඔහුගේ අමාත්‍යවරයා  හමුවී ඇත්තේ කුප්‍රකට අවජාතක පොලිස්කාරයා වූ දේශබන්දු තෙන්නකෝන් සමගින් ය.එහිදී ටිරාන් අලස් ප්‍රසන්න අල්විස්ට උපදෙස් දී ඇත්තේ සහකාර පොලිස් අධිකාරීවරයෙකුට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයෙකු ගේ  දිවුරුම් පෙත්සම් සකස්කොට නීතිපති දෙපාර්තමේන්තුවට යවන ලෙසය.තරංගා මහේස්ත්‍රාත්වරිය මෙම නඩු කටයුත්තෙන් ඉවත් කිරීම අනිවාර්ය කාර්යයක් බවද ටිරාන් අලස් එහිදී පවසා තිබේ.
 
ඇමැති ටිරාන් අලස් තවදුරටත් එහිදී පවසා ඇත්තේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස්  නියෝජ්‍ය පොලිස්පති ධූරයට උසස් කිරීම සඳහා ඇමැතිවරයා  වශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදරිපත් කරන බවය.ඕනෑම පජාත වැඩක් කිරීම සඳහා සැදී පැහැදී සිටින බලයේ සිටින ඕනෑම කාලකන්නි  දේශපාලනඥයන්ගෙ අසූචි  ගිලින්නට ගිජු කම් දක්වන ප්‍රසන්න අල්විස් දිවුරුම් පෙත්සම් සැලසුමට එකඟ වන්නේ මේ සාකච්ඡාවට පසුවය. ඒ  අනුව මෙම දිවුරුම් පෙත්සම් මහේස්ත්‍රාත්වරියට එරෙහිව සූදානම් කෙරිණි .මෙහි පවතින විශේෂය නම්  නම් ප්‍රසන්න අල්විස් ගේ සොයුරිය කෑගල්ල මහාධිකරණ විනිසුරු ජයකි අල්විස්  නම් තැනැත්තිය වීමයි.ඇය මේ කාලකන්නි සැළසුම පිළිබඳ දැනුවත් දැයි අපි නොදනිමු.
හිටපු  නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ට............
ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න අල්විස් මිල්ටෙරි නන්දසේන ගේ සුවච කීකරු ගෝලයෙකු වන හිටපු  නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා වාකිස්ට ගේ වන්දිභට්ටයෙකි. මිල්ටෙරි නන්දසේන ජනාධිපති වීමෙන් පසුව වාකිස්ට ජනපතිවරයාගේ බෞද්ධ කටයුතු භාර සම්බන්ධීකරණ ලේකම් වරයකු ලෙස  පත් කොට ඇති අතර පසුව අල්ලස් කොමිසමේ කොමසාරිස්වරයෙකු වශයෙන් ද පත් කරන ලදී.චන්ද්‍රා වාකිස්ට ගේ පැටිකිරිය බොහෝ සෙයින් දිග ඇති බැවින් ඒ තොරතුරු වෙනත් දවසක පාඨක ඔබට  ඉදිරිපත් කරමු.
ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන උධෘත...........
මිල්ටෙරි නන්දසේන ජනපති වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂව සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහායකයා ලෙස පත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිලකරත්න පත්කෙරිණි.ජනපති මිල්ටෙරි නන්දසේන තිලකරත්නට පවසා ඇත්තේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන උධෘත  අදාළ සියළුම විමර්ශන ගෝඨාභය වෙත ලබාදෙන ලෙසය.
පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඡ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළට..........
මෙය කවදා හෝ දවසක තමන්ට බූමරංගයක් වන බව දැනගත් තිලකරත්න අපරාධ  පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් තමා ඉවත් කොට ප්‍රභූ ආරක්ෂක අංශය වෙත නැවත අනුයුක්ත කරන  පොලිස්පතිවරයා ගෙන් ඉල්ලා තිබුණි. මෙහිදී වාකිෂ්ඨ විසින් මිල්ටෙරි නන්දසේන ගෙන් ඉල්ලා ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලෙස තම හිතවත් ගෝලයා වන ප්‍රසන්න අල්විස් පත්  කරන ලෙසය.ප්‍රසන්න අල්විස් විසින් අවශ්‍ය කරන සියළු දේ ඉටු කරන බවද තහවුරු කර ඇත.මේ අනුව ජනපති මිල්ටෙරි නන්දසේන  විසින් ඡ්‍යෙෂ්ඨත්වයෙන්  පහළ සිටි  පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් ඡ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළට ඔසවා තබන ලදී.එම මැදිහත් වීමට එරෙහිව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිප දෙනෙක්  විසින් ප්‍රසන්න අල්විස්ගේ ඡ්‍යෙෂ්ඨත්වය සම්බන්ධයන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරන ලද අතර මේ වන විටත් එම පෙත්සම විභාග කරමින් පවතී.
නියෝජ්‍ය අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අම්පාවිල...........
ප්‍රසන්න අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වීමෙන්  පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අම්පාවිල පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කරන ලෙසයි.මේ අනුව ප්‍රසන්න අල්විස්ගේ අනීතික නියෝගවලට අනුගත නොවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  පළපුරුදු දක්ෂ පොලිස් නිලධාරීන්  නිලධාරීන් අසූ දෙනෙකු පමණ මිල්ටෙරිි නන්දසේන විසින් ස්ථාන මාරු කර යවා තිබේ. 
ජගත් අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට..........
ඉන් පසුව මිල්ටෙරි නන්දසේනගේ තවත් සුවච කීකරු  ගෝලයකු වන අමාත්‍යංශ ලේකම් ජගත් අල්විස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රසන්න අල්විස් වෙතින් ලසන්ත වික්රමතුංග ඝාතනයේ විමර්ශන උධෘත   තම භාරයට ගන්නා ලදී.මෙම සාහසික ක්‍රියාදාමයේ ප්‍රධාන පුරුක ප්‍රසන්න  අල්විස් බව මුළු පොලිසියම හොඳාකාරවම දනී.පොලීසියේ ඇතමකු සිතා සිටින්නේ එස  විමර්ශනයේ තොරතුරු අතුරුදහන් වී ඇති බවයි.
යුක්ති ගරුක රජයක් බිහි වූ විට.............
එහෙත් රටට  ජාතියට හිතැති නීතියට, යුක්තියට ගරු කරන පොලිස් නිලධාරීන් බොහෝ දෙනෙකු  එම සියලුම විමර්ශනවලට අදාල උද්ධෘත  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටමං කොට ඇති අතර යුක්ති ගරුක රජයක් බිහි වූ විට දැනට සඟවා යටපත් කර  තිබෙන සියළු  අපරාධවල විමර්ශන ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරගෙන සිටී.
 
 
 

 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්