තෙල්වත්තේ පොලිස් ඝාතනය හා මීඩියා පැටිකිරිය
පසුගියදා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත් අඩංගුවට ගත් වෘත්තීය පුහුණු අධිකාරියේ කළමණාකාර සහකාරවරයකු ලෙස සේවය කළ තෙල්වත්තේ සමන්ත ප්‍රීති කුමාර අත් අඩංගුවට ගෙන තිබියදී සැක සහිත ලෙස මිය ගිය අතර මේ මරණය සම්බන්ධයෙන් පොලීසියේ මාධ්‍ය ප්‍රකාශක පවසන ලද්දේ සැකකරු විසින් පොලීසියට වීදුරු බෝතලයක් කඩා පහර දීමට යාමේදී පොලිස් නිළධාරීන් ආත්මාරක්ෂාව සඳහා ඔහුට පහර දුන් විට ඔහු බිමට වැටී සිහිසුන් වීම නිසා රෝහල් ගත කිරීමෙන් පසුව මිය ගිය බවය.මෙම සැකකරු අත් අඩංගුවට ගනිද්දී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 15 ක් හා රුපියල් පන්දාහේ නෝට්ටු 21 ක් තිබුණ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් අනාවරණය කෙරිණි.
පොලීසියේ අත් අඩංගුවට ගත් සැක කරුවකු මිය යාම ඉතා බරපතල කාරණයකි.එහෙත් අප මේ හෙළිදරව් කරන්නේ එම මිය යාම පිළිබඳව නොවේ.මෙරට මාධ්‍යයේ විල ලැජ්ජා නැති ප්රවෘත්ති ආවරණය ගැන හා පොලීසිය සමග පාතාලය එක්ව සිදු කරන මජර කොන්ත්‍රාත් පිළිබඳවය.පොදු ජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර........මත්ද්‍රව්‍ය නාශක අංශයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව මිය ගිය තෙල්වත්තේ සමන්ත ප්‍රීති කුමාර ගේ පැටිකිරිය අම්බලන්ගොඩ හිරු ස්වර්ණවාහිනී දෙරණ සිරස හා ලංකාදීප ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් ඕනෑ කමින්ම වසන් කර තිබුණි.මියගිය සමන්ත ප්‍රීති කුමාර රත්ගම ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාරගේ සහෝදරයාය.මේ පොහොට්ටු මන්ත්‍රී රුවන් ප්‍රීති කුමාර යහපාලන රජයට එරෙහිව නිතර නිතර විරෝධතා සිදු කළ තැනැත්තෙකි.මෙහිදී එම විරෝධතාවන් ආවරණය කළ හිරු ස්වර්ණවාහිනී දෙරණ අයිටීඑන් හා රූපවාහිනී යන නාලිකා ආවරණය කරන්නේ එකම පුද්ගලයෙකි.මේ තක්කඩි ප්‍රාදේශීය වාර්තාකාර සමාගමට සම්බන්ධ අනෙක් දෙදෙනා වන්නේ ලංකාදීප වාර්තා කරුවෙකු හා සිරස වාර්තා කරු වේ.මේ තිදෙනාට මුදල් ගෙවමින් හා කෑමට බීමට මුදල් වියදම් කරම්න් රුවන් ප්‍රීති කුමාර තමන් විසින් සිදු කරන විරෝධතා නිතර ප්රවෘත්ති විකාශයන් තුලින් ප්‍රචාරය කර ගැනීමට කටයුතු කරන ලදී.තක්කඩි ප්‍රාදේශීය වාර්තාකරුවන්........ජාතික රහස් ඔත්තු සේවාවේ තොරතුරු අනුව මෙම මාධ්‍යවේදීන් තිදෙනා හා ප්‍රීති රුවන් කුමාර මන්ත්‍රීවරයා ඉතා සැලසුම් සහගතව එක්ව එම විරෝධතා පැවැත්වීමත් ඒවා ප්රවෘත්ති ලෙස සමාජගත කිරීමත් දිගින් දිගටම කර ගෙන ගොස් ඇති වංචනික ක්‍රියා දාමයක් බව තහවුරු කර ගෙන තිබේ.එහෙත් මෙම තක්කඩි ප්‍රාදේශීය වාර්තාකරුවන් තිදෙනා මත යැපෙන ජනමාධ්‍ය ආයතන එම ප්රවෘත්ති අතේ ගෙතූ පුවත් ලෙස නොසලකා කටයුතු කර ඇති බවද ජාතික රහස් ඔත්තු සේවය වාර්තා කර ඇත.හෙරොයින් ජාවාරම..........ප්‍රීති රුවන් කුමාර මන්ත්‍රීවරයා මෙම විරෝධතා පවත්වන අතරේ හෙරොයින් ජාවාරමක්ද කර ගෙන ගිය අයෙකි.ඒ දැනට බන්ධනාගාර ගතව සිටින පාතාල ක්‍රියාකාරිකයකු වූ පොඩි ලැසී නැමැත්තාගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වෙමිනි.ඒ සදහා වඩාත් සම්බන්ධ වී සිටියේ පසුගියදා මියගිය සමන්ත ප්‍රීති කුමාර නැමැත්තාය.ඔහුට අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා ධාවනය කෙරෙන අධිවේගී බස් රථයක් තිබේ.කොළඹ සිට තෙල්වත්තට හෙරොයින් ගෙන විත් ඇත්තේ මේ බස් රථයෙනි.තෙල්වත්තේ සිට අම්බලන්ගොඩ ධීවරයන්ට හෙරොයින් බෙදා හරින්නේ රුවන් ප්‍රීති කුමාර මන්ත්‍රීවරයාය.ඔහු ඒ සඳහා උපයෝගී කරගන්නා ලද්දේ තමන් විසින් ධාවනය කරන පාසැල් ළමුන් ප්‍රවානයට යොදා ගත් පාසැල් බස් රථයයි.සහකාර පොලිස් අධිකාරී මහින්ද .........ප්‍රීති රුවන් කුමාර මන්ත්‍රීවරයා හා ඔහුගේ සහෝදරයා ලැසී ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධව කටයුතු කිරීම ඩුබායි රාජ්‍යයේ සිට මෙරට හෙරොයින් ජාවාරමේ නිරත කොස්ගොඩ සුජීවගේ අමනාපයට හේතු වී තිබුණි.කොස්ගොඩ සුජීව මෙරටපොලීසියේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් කිහිප දෙනෙකු සමගම සම්බන්ධතා පවත්වන පාතාලයෙකි.පෑලියගොඩ සහකාර පොලිස් අධිකාරී මහින්ද හා සහකාර පොලිස් අධිකාරී එමිල් රංජන් ලමාහේවා ඒ අතර වේ.සහකාර පොලිස් අධිකාරී මහින්ද විසින් මීට පෙර පාතාල ක්‍රියාකාරිකයකු වූ තාරක විජේසේකර මරා දැමෙන්නේ කොස්ගොඩ සුජීව දුන් කොන්ත්‍රාතුවකටය.කොස්ගොඩ සුජීව හා සහකාර පොලිස් අධිකාරී එමිල් රංජන් ලමාහේවා.........ඒ හා සමානව පසුගියදා සමන්ත ප්‍රීති කුමාර අත් අඩංගුවට ගැනීම සඳහා මැදිහත් වූයේ සහකාර පොලිස් අධිකාරී එමිල් රංජන් ලමාහේවාය.මොහු කොස්ගොඩ සුජීව හා සම්බන්ධකම් පවත්වන අම්බලන්ගොඩ ජීවත්වන හෙරොයින් ජාවාරම් කරුවන් සමග සෘජුව සම්බන්ධකම් පවත්වන බව ජාතික රහස් ඔත්තු සේවය මගින් හෙළි කර ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී රංජන් ලමාහේවා සමග සම්බන්ධකම් පවත්වන කොස්ගොඩ සුජීවගේ ගෝලයකු මෑතකදී පකිස්ථානයට පවා ගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ කටයුත්තකටය.මෑතකදී මෙරිල් රංජන් ලමාහේවා තමන්ට විශේෂ ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලීසියෙන් ඉල්ලා තිබේ.ඒ ලැසී ගේ පාර්ශවයට සම්බන්ධ අයවළුන් ඝාතනය කිරීමේ සැලසුමක් දියත් කිරීම සඳහාය.එම සැලසුමේ ප්‍රථම බිල්ල වූයේ සමන්ත රුවන් කුමාරය.පොලීසිය හා ප්‍රාදේශීය වාර්තාකරුවන් හෙරොයින් ජාවාරම් කරුවන්ගෙන් හම්බ කරගෙන කන්නේ ඔන්න ඔහොමය.අප ඉහතින් සඳහන් කළ ප්‍රාදේශීය වාර්තා කරුවන් තිදෙනා කොළඹ මාධ්‍ය ආයතන වල ප්රවෘත්ති අංශවල සිටින ප්රධානීන්ටද මෙම හෙරොයින් ජාවාරම්කරුවන්ගේ සංතෝෂම් දොළ පිදේනි දෙමින් සිටින බවද ජාතික රහස් ඔත්තු සේවය වාර්තා කර තිබේ.පොලීසියේ ලොක්කන් ගේ හා වාර්තාකාරයන් ගේ පාදඩ කෙරුවාව ඔන්න ඔහොමය.
Comments
Post a Comment