දේශබන්දුට වැඩ වරදීද?
හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට නියෝග කරන ලදී.ඒ පසුගිය අරගල සමයේදී මිල්ටෙරි නන්දසේන ජනපතිවරයා ලෙස කටයුතු කරන විට ජනපති මන්දිරයේ තිබී අරගල කරුවන් විසින් සොයාගන්නා ලද මිලියන දහහතාමාරක මුදල සම්බන්ධයෙනි.
මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පොලීසියේ විශේෂ විමර්ෂන ඒකකයේ අධ්යක්ෂ වරයා වන ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වික්‍රමසිංහ අධිකරණය වෙත කියා සිටියේ ජනපති මන්දිරයේ නිදන කාමරයක තිබී අරගල කරුවන් විසින් සොයා ගෙන පොලීසියට බාර දුන් එම මුදල් තොගය අධිකරණයට ඉදිරිපත් නොකර ඇමතිවරයෙකුට බාර දෙන ලෙසට ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තමාට බලපෑම් කළ බවය
දේශබන්දුට වැඩ වරදීද?එහිදී ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන් උඹ ගැන ඉස්සරහට බලා ගන්නම් යනුවෙන් දුරකථන ඇමතුම් හරහා තමාට තර්ජනය කරමින් බියවැද්දූ බවද පැවසූ ඡ්‍යෙ.පො.අධිකාරී වික්‍රමසිංහ දේශබන්දු තෙන්නකෝන් ඉදිරියේදී තමාගෙන් හෝ පවුලේ අයගේ ජීවිත වලට යම් අනතුරක් කරනු ඇතැයි බිය වී සිටින බවද කියා සිටින ලදී.තමාට කළ දේශබන්දු තෙන්නකෝන් කළ තර්ජන ගැන සටහන් යොදා ඇති බවද ඒ සියල්ල ඉදිරි කාලයේදී මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.
මෙහිදී කොළඹ කොටුව මහේස්ත්‍රාත් වරයා ප්‍රකාශ කෙරුවේ විශේෂ විමර්ෂන ඒකකයේ අධ්යක්ෂවරයාට ඡෙනිපො දේශබන්දු තෙන්නකෝන් තර්ජනය කිරීම ගැන දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසු සලකා බලන බවය.
Comments
Post a Comment