පලාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවට ඉඟියක් - ඒත් සැකයි
ඉදිරි පලාත් පාලන මැතිවරනය කල් දමා ගැනීමට හෝ නොපැවැත්වීමට විවිධ ආකාරයේ දහම් ගැට ගැසූ පින් ජනපති රනිල් රාජපක්ෂ ඇතුළු ඔඩොක්කු කුක්කන් රැළ ඒ අදහස ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව පරාජයට පත් වී ඇති බවට තහවුරු වෙන පුවතක් අප හට දැනගැන්මට ලැබී තිබේ.
පින් ජනපති රනිල් රාජපක්ෂ අද (24)දින හදිසියේම එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ මණ්ඩලයට දැනුම් දී තිබේ.ඔහු එම උපදෙස් දී ඇත්තේ ජනපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහ ලේකම් රංඟෙ බංන්ඩාර, සභාපති වජිර අබේවර්ධන ඇතුළු පක්ෂයේ කළමනාකරණ මණ්ඩලය මෙම රැස්වීමට සහභාගි වී තිබේ.
පසුගිය දිනවල ආණ්ඩුව පලාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පෙනී සිටියේ බල්ලෙකු නාවන්නට ගෙන යන ආකාරයේ මැදිහත් වීමකිනි.එහි ප්‍රථම කඩාකප්පල් කිරීම ලෙස දැක්විය හැක්කේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් හපුවින්න මගින් තේරීම් බාර නිළධාරීන්ට ඇප මුදල් බාර නොගන්නා ලෙසට දන්වා යවන ලද නියෝගය ඇතුළත් ලිපියයි.
එහෙත් මැතිවරණ කොමිෂමේ නියෝගය හා විවිධ පාර්ශවයන් වෙතින් මතුවූ විරෝධය නිසා එම ලිපිය ආපසු කැඳවීමක් කෙරිණි.අනතුරුව මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන ලද්දේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට තරමේ මුදල් හිඟ කමක් මහා භාණ්ඩාගාරයේ පවතින බවය. පලාත් පාලන ඡන්ද අපේක්ෂකයන්ගේ වියදම් නියාමනය කිරීම සඳහා ආණ්ඩුව හදිසි පනතක් පවා පාර්ලිමේන්තුවට ඉදිරි පත් කරන ලදී.
මේ සෑම ක්‍රියාවක තුළම සැඟවී තිබුණේ පලාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩා කප්පල් කිරීමේ සැලසුම් බව විරුද්ධ පක්ෂවල හා සිවිල් සංවිධාන වල අදහස වී තිබුණි.
Comments
Post a Comment