ප්‍රවේශම් වන්න ආණ්ඩුව බිල්ලක් ගැනීමට සූදානම් (ආරක්ෂක හමුදාවේ ඡ්‍යෙෂ්ඨයකු කියයි)

 



බටලන්දේ වදකයා පලාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා විවිධ ආකාරයේ උපාය උපක්‍රම භාවිතා කරමින් සිටී.ඒ සඳහා රාජපක්ෂ පොහොට්ටුවට සම්බන්ධ නීතිඥයන් දේශපාලඥයන් හා විවිධ පිසාචයන් අත්වැල් ගායනයෙන් සම්බන්ධව සිටින බව දේශපාලන දැනුමක් අවබෝධයක් තිබෙන ඇත්තන්ට හොඳින් තේරුම් ගන්නට හැකිය.

විශාල අනතුරක්.......
මේ වන විට රට තුළ ප්‍රජාතන්ත්‍ර වාදය ඇත්තේ බරපතල අවදානමකය.මේ භයානක අවදානම රට ගිණි අවුළවන විශාල අනතුරක් බවට පත්වීමට ඇති ඉඩ කඩ බොහෝය.බටලන්දේ වදකයා මේ අත්හදා බලමින් සිටින්නේ තමන්ගේ මාමා වූ ජේ ආර් උන්දෑ මෙරට තරුණයන් හැට දාහකගේ ජීවිත  විනාශ කළ සාහසික දේශපාලනයේ බලකාමී ආදර්ශයයි.ජේආර් උන්දෑ මෙරට  ප්‍රජාතන්ත්‍රවාදය කණපිට හැරවූයේ පාර්ලිමේන්තු දේශපාලන බලයෙන් සන්නද්ධවය.එහෙත් බටලන්දේ වදකයාට එසේ වූ ජන වරමක් නැත.
එබැවින් බටලන්දේ වදකයා මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සමාජය කඩා බිඳ දැමීම සඳහා මෙි වන විට භාවිතා කරමින් සිටින උපාය උපක්‍රම තුළ ඇත්තේ තක්කඩි ස්වරූපයකි.එම උපාය උපක්‍රම භාවිතය කාඩ් සෙල්ලම් කරද්දී භාවිතා කරන තුරුම්බු විසි කරනවා වාගේය.එක තුරුම්බුවක් බාල්දු වන විට තව තුරුම්බුවක් පිටියට විසි කරන බටලන්දේ වදකයා දේශපාලන සූදු ක්‍රීඩාවෙන් අපේක්ෂා කරන්නේ සිය පැවැත්ම ආරක්ෂා කර ගැනීමත් රාජපක්ෂ තක්කඩියන්ට රැකවරණය ලබා දීමත් බව අමුතුවෙන් සඳහන් කළ යුතු කාරණයක් නොවේ.
සැකයක්.........
මේ වන විට බටලන්දේ වදකයා පලාත් පාලන මැතිවරණය නොපවත්වා සිටීම සඳහා විසි එක් වතාවක් බාධා පමුනවා ඇති බව වාර්තා වේ.මෙරට වර්තමාන දේශපාලනයේ මහජන ආකර්ශනය වඩාත් ප්‍රබල ආකාරයෙන්  හිමිව ඇත්තේ මාලිමාවටය.එය මහ පොළොවේ අසන්නට දකින්නට ඇති සත්‍යයයි.මේ වටපිටාව අසූව දශකය තුළ මෙරට පැවැති දේශපාලනය නැවත පුනුරුච්චාරනය වීමකට සමාන වන බවක් අපට හැඟේ.එදා සිදුවූ අශීලාචාර දේශපාලන භාවිතය නැවතත් මෙරට ක්‍රියාත්මක වේද යන්න ගැන අපට සැකයක් මතු වී තිබේ.
ජේආර් උන්දෑ⁣ට එරෙහිව එදා සමාජය තුළ සංවිධානාත්මක දේශපාලනික බලපෑමක් ගොඩනැගුවේ ජනතා විමුක්ති පෙරමුණයි.⁣ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය මෙරට ජනතාව තුළ මුල් බැස ගනිමින් තිබෙන බව ජේආර් උන්දෑගේ කපටි ඥානයට වැටහීමක් තිබුණි.එහි අවසාන ප්‍රතිඵළය වූයේ ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීමයි.මේ තහනම සඳහා ජේආර් උන්දෑ යොදා ගත්තේ 1983 කළු ජූලියේ ඇවිළුන ජාතිවාදයයි.එම ජාතිවාදී ගින්න ඇවිළුවේද ජේආර් උන්දෑය.එහෙත් සියළු දේශපාලන තුරුම්බු තිබුණේ ජේආර් උන්දෑ ප්‍රමුඛ එක්සත් ජාතක පක්ෂයේ මැරයන් සතුවය.ජනතා විමුක්ති පෙරමුණ යටිබිම් ගත වීමත් සමගම මෙරට මහ පොළොව ⁣රුධිරයෙන් නෑවී ගියේය.බොහෝ ප්‍රසිද්ධ දේශපාලන චරිත මරු තුරුළට යැවිනි.
අදටත් ඒ ඝාතන වල සැඟවී තිබෙන  රහස් අනාවරණය වී නැත.විශේෂයෙන් විජය කුමාරණතුංග ඝාතනය පිළිබඳව වර්තමානයේ චෝදනා නැගෙන්නේ ජනතා විමුක්ති පෙරමුනටය.එහෙත් විජය කුමාරණතුංග ඝාතනය ගැන සිදු කළ රහස් පොලිස් පරීක්ෂණ වලදී ඔහු⁣ට වෙඩි තැබූ ටී පනස් හය අවිය සොයා ගන්නා ලද්දේ එක්සත් ජාතික පක්ෂ රජයේ ප්‍රබලයකු වූ පිලියන්දල ගාමිණි ලොකුගේ සන්තකයේ තිබියදීය.
ජාතික ජන බලවේගය.........
මීට පෙර අවස්ථාවකදීද විජය කුමාරණතුංග ඝාතනය කිරීමට එජාප මැරයන් කටයුතු කර තිබුණි.ඒ මහර අතුරු මැතිවරණයේදීය.එහිදී අපේක්ෂකයකු ලෙස තරඟ කළ විජය කුමාරණතුංග වෙඩි තැබුවේ බටලන්දේ වදකයාගේ ආරක්ෂාව යටතේ ක්‍රියාත්මක වූ ගෝනවල සුනිල් නම් මැරයාය.ගෝනවල සුනිල් විසින්  වෙඩි පහර වැදුනේ  විජය කුමාරණතුංග සමීපයේ සිටි ඔහුගේ සමීපමතයෙකුටය.එම වෙඩි පහරින් ඔහු මිය ගියේය.කෙසේ වෙතත් විජය කුමාරණතුංග ගේ බිරින්දෑ මෙරට ජනපති පදවියට පත් වූවද සිය ස්වාමියා මරා දමන ලද සාහසික කුමන්ත්‍රණය ගැන සෙවීමට උනන්දුවක් නොදැක්වූවාය.ඒ සිය ස්වාමියා මරා දැමුවේ කවුරුන්ද යන්න ගැන ඇය නිශ්චිතවම දැන සිටි හෙයිනි.ඒ ඝාතනයේ  කෙළවර සිටින්නේ තම පන්ති සගයා වන බටලන්දේ වදකයා බව ඇයට රහසක් නොවූ බැවිනි.
වසන්ත මුදලිගේ ගේ හඹා යාමට හමුදා ඝාතන කල්ලිය.........
වර්තමානයේ බටලන්දේ වදකයා  සමාජය තුළ නිර්මාණය කරන්නට අර අඳින්නේ සිය මාමා මුදා හැරි එම සාහසික  සන්නද්ධ දේශපාලනයේ අළුත් පරිච්ඡේදය බව අපට දැන් පැහැදිලිය. එහිදී අපට ආරක්ෂක හමුදාවේ ඡ්‍යෙෂ්ඨයකු වෙතින් ලැබුණ තොරතුරු අනුව බටලන්දේ වදකයා ජාතික ජන බලවේගය දේශපාලනිකව තහනම් කිරීම සඳහා ඉතා තිරශ්චීන සැළසුමක් සකස් කරමින් සිටී.එහි ප්‍රධාන ඉලක්කය වී ඇත්තේ  වසන්ත මුදලිගේය.මේ වන විටත් වසන්ත මුදලිගේ ගේ තොරතුරු හඹා යාමට හමුදා ඝාතන කල්ලියට අයත් කිහිප දෙනෙකු යොදවා ඇත.ඉදිරියේදී ඉතා කුමන්ත්‍රණකාරීව වසන්ත ඝාතනය කොට පෙරටුගාමීන් හා ජනතා විමුක්ති ⁣පෙරමුණ අතර ආරවුලක් ඇති කිරීමත් ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණ ⁣තහනම් කිරීමත් බටලන්දේ වදකයා ඇතුළු කණ්ඩායමේ රහස් සැළසුම වී තිබේ.
මේ තුළ ඉතා පහසුවෙන් ප්‍රධාන විපක්ෂය කඩා බිඳ විසුරවා දමන්නට පුළුවන.

ප්‍රවේශම් වන්න ....අප විපක්ෂයේ සියළු දේශපාලන ක්‍රියාකාරිකයන් ගෙන් ඉල්ලමු....සියල්ලන්ම මේ සත්‍යය තේරුමි ගත යුතුය.සිද්ධ විය හැකි දේ මනාව වටහා ගෙන සිටින්න යැයි අපි විපක්ෂයේ දේශපාලන ⁣නායකයන් ගෙන් ඉතා බැගෑපත්ව හා ආයාචනාත්මකව ඉල්ලමු.  

මේ හෝරාවේ බටලන්ද මෙලේච්ඡ වදකයාගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සාහසික මාර්ග වලට  එරෙහිව මෙරට විපක්ෂයට අයත් සියළු දේශපාලන එකම වේදිකාවකට ගොඩ විය යුතු බව අපේ යෝජනාවයි.

එය සිඳු විය යුතු වන්නේ රතු කොල නිල් දේශපාලන කෑලි  වශයෙන් නම් නොවේ.ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නිදහස් ස්වෛරී ස්වාධීන වූ ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කර ගැනීමට පෙල ගැසෙන පුරවැසියන් ලෙසය.
 
 
 

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්