සමරිසි ලව් එක මහජන මුදලින් රටට පෙන්නීම
වැලන්ටයින් දිනයේ ජනපතිවරයාගේ නිල වෙබ් අඩවියේ පල වූ මේ ඡායාරූපය සුන්දරය.ලස්සනය.අපූරුය.පෙම්වතුන් දෙදෙනෙකු ගේ චමත්කාරය ඉන් දර්ශනය වේ.
මේ දෙදෙනා සමරිසි යුවලක් බව රටම දනී.ඒ බව තහවුරු කරන්නට මේ ඡායාරූපය වැලැන්ටයින් දිනයේ ජනපති නිල වෙබ් අඩවියේ දැම්මා වෙන්නට පුළුවන.තමන් සමරිසි අයෙකු බව ප්‍රසිද්ධියේ පිළිගත්තේ හිටපු අමාත්‍ය මංඟල සමරවීරය.ඔහු එය ප්‍රකාශ කෙරුවේ පාර්ලිමේන්තුවේදීය.මංඟල කළ ඒ ප්‍රකාශයත් සමගම ඔහුට එරෙහිව බොහෝ ගල් විසි විය.
ඒ ඊනියා සිංහල බෞද්ධයන් ගේ සංස්කෘතියට සමරිසි කම නින්දාවක් බව කියමිනි.දැන් ජනපතිවරයා හා සාගල රත්නායක විසින් තමන් දෙදෙනා අතර පවතින ආදරණීය සමරිසි සම්බන්ධය අනියමින් ප්‍රකාශයට පත් කර ඇති බව අපේ අවබෝධයයි.
එහෙත් එක් ප්‍රසිද්ධ සංඝ නායකයකු කුඩා සාමනේර වහන්සේ කෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පොලීසියේ අත් අඩංගුවට ගත් විට පවසා ඇත්තේ මෙරට බෞද්ධ ශාසනය ශක්තිමත්ව රඳා පවතින්නේ මේ සෙල්ලම නිසා බවය.පොලීසිය ඒ ප්‍රකාශයත් සමගම එම සංඝ නායකයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීම අත් හැර තිබුණි.
සිංහල බෞද්ධ සංස්කෘතියට අනුව සමරිසි රුචිකත්වය අපුලය.නින්දා සහගතය.එහෙත් මේ වන විට ජාත්‍යන්තරයේ බොහෝ රටවල් සමරිසි විවාහ සඳහා නෛතික ආවරණය ලබා දී තිබේ.ලංකාවේ විදේශ ඇමති අලි සබ්රි මේ පිළිබඳව උනන්දුවෙන් හා අවධානයෙන් කටයුතු කරන බව පෙනී යයි.ඔහු මේ වන විටත් සමරිසි අයිතිවාසිකම් වෙනුවෙන් පනතක් කෙටුම්පත් කරමින් සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙරට ජන සමාජයේ ජනපතිවරයා හා සාගල රත්නායක අතර පවතින සමරිසි සම්බන්ධය ගැන බොහෝ අපුල විවේචන එල්ල වෙමින් පවතී.අපට ඒ ගැන කිසිදු විවේචනයක් නැත.ජනතාව සිතන විදියට සිතන්නට අපට ඕනෑ කමක්ද නැත.එසේ නම් ඒ ගැන සිතිය යුත්තේ අප නොවේ.රනිල් හාමු ගේ නෝනාය.සාගල රත්නායක ගේ නෝනාය.එහෙමත් නැතිනම් මේ අයවළුන්ගේ දරු පවුල්වලටය.සිංහල බෞද්ධයන් තුළ පැවතෙන ලැජ්ජාව ඒ උන්දැලාට නැති නම් ඒ ගැන කවුරුත් කණගාටු විය යුතුද නැත. ඒ නෝනලාට නැති අපුලක් අප්‍රසාදයක් රටේ එවුන්ට තිබුණාට වැඩක්ද නැත.
එහෙත් වැලැන්ටයින් දිනයේ මේ ඡයාරූපය දැමූ ජනපති නිල වෙබ් අඩවිය පවත්වා ගෙන යන්නේ මහජනයාගේ බදු මුදලින් බව අප සිහිපත් කළ යුතුය.සමරිසි ලව් එකේ අසිරිය මහජන මුදලින් ප්‍රදර්ශනය කිරීම නම් අපට බරපතල ප්‍රශ්ණයකි.
අපට ඇත්තේ ඒ ප්‍රශ්ණය විතරය.
එතකොට අඛිල විරාජ් කාරිය වසම් පව් අනේ.ඌ අහිංසකයා.ඒ උනාට අඛිල ඕක ලේසියෙන් අතාරින්නෑ මොකද රනිල්ගෙ ඉඩම අකිලගෙ වැට ට මායිම්.
ReplyDelete