සාරාට පලා යාමට උපකාර කළ බවට සිරගත කොට සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇප පිට මුදා හැරේ
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව වූ සිද්ධියේදී මෙරට මහත් ආන්දෝලනයට පත් එහි ප්‍රධාන සැකකාරිය ලෙස සැළකෙන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජැස්මින්ට රටින් පලා යාමට අනුබල දෙන ලදැයි යන චෝදනාව යටතේ අත් අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක නගූර් තම්බි අබුබකර් මඩකලපුව මහාධිකරණ විනිසුරු විසින් අද දින ඇප මත මුදාහැරීමට නියෝග කරන ලදී.
මෙම පොලිස් පරීක්ෂකවරයා මාස 9 ක කාලයක් පොලීසියේ රැඳවුම් බාරයේ පසුවූ අතර අනතුරුව බන්ධනාගාර ගත කෙරිණි.ඔහු අත් අඩංගුවට ගන්නා ලද්දේ ත්‍රස්තවාදය පනත යටතේ පුලස්තනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් පිළිබඳ තොරතුරු වසන් කොට ඇයට ඉන්දියාවට පලා යාමට උපකාර කරන ලදැයි චෝදනාව යටතේය.හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නාගූර් තම්බි අබුබකර් විසින් තමන් අත්තනෝමතික ලෙස අත් අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව සඳහන් කරමින් නීතිඥයකු මගින් මඩකළපුව මහාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සළකා බැලීමෙන් අනතුරුව මෙසේ ඇප මත මුදා හැරිණි.පුලස්තිනි මහේනද්‍රන් නොහොත් සාරා ජෙස්මින් මේ වන විටත් ඉන්දියාවේ ජීවත්වන බව වාර්තා වේ.මැය ලංකාවට පැමිණීමට පෙර තමිල්නාඩුවේ දේශපාලන නායකයකුවන ඥානසේකරන් ගේ දේශපාලන සාහියිකාවක ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු විසින් රෝ ඔත්තු සේවයට සම්බන්ධ කළ බව පැවැසේ.පාස්කු බෝම්බ ප්‍රහාරයට ඇය සම්බන්ධ වන්නේ රෝ ඔත්තු සේවාවේ මැදිහත් වීමෙනි.ඥානසේකරන් අසූව දශකයේ මැද භාගයේදී මඩකලපුව බන්ධනාගාරයෙන් පැන ගිය ත්‍රස්තවාදී සැකකරුවෙකි.පාස්කු බෝම්බ ප්‍රහාරයේ අඩිතාලම රෝ ඔත්තු සේවාව මගින් ඇරඹුවද පසුකාලීනව ඒ මෙහෙයුම මෙරට නන්නාඳුන මිල්ටෙරි කණ්ඩායමක් අතට පත්වූ බවද ඉන් පසු එම මෙහෙයුම රෝ සංවිධානයේ ග්‍රහණයෙන් මිදුන බවද අපට තොරතුරු ලැබී තිබේ.එහෙත් සිය ග්‍රහණයෙන් මිදුණ මෙම මෙහෙයුම පිළිබඳව රෝ ඔත්තු සේවාව නිරන්තරයෙන් අධ්‍යයනයක නිරත වූ අතර පාස්කු දින මෙම ප්‍රහාරය සිඳු වන බවට කලින්ම මෙරට රජය වෙත අනතුරු ඇඟවීම සිද්ධ කරන ලද්දේ ඒ පිළිබඳව පැවැති දැනුවත් බව නිසා බව තහවුරු වී තිබේ.මෙම ප්‍රහාරය සිද්ධ වීම පිළිබඳව රෝ ඔත්තු සේවාව සියළු තොරතුරු සපයා ගත්තේ පුලස්තිනී මගිනි.කාතන්කුඩියේදී සිදුවුන පිපිරීම බාහිර මිල්ටෙරි පාර්ශවයකින් සිදු කරන අවස්ථාවේ පුලස්තිනීට ආරක්ෂිතව සැගවී සිටීමට රෝ ඔත්තුසේවාව මගින් උපදෙස් ලබා දී තිබූ අතර පසුව ක්ෂණිකව ඇය ඉන්දියාවට රැගෙන ගිය සැළසුම ක්‍රියා කළ බවත් කියවේ.
Comments
Post a Comment