පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා ගේ හෙලි කිරීම ගැන යලි කතාබහක් ඇවිස්සේ

 


හිටපු නීතිපති දප්පුලද ලිවේරා ගේ කොළඹ 7 ලොන්ඩන් පෙදෙස පිහිටි  කාර්යාලයට 2022 නොවැම්බර් මාසයේ 11 වන දින රාත්‍රීයේ  සුදු වෑන් රථයකින් 2022  කාර්යාලයේ ලිපි ගොනු ඇවිස්සූ නන්නාදුන පුද්ගලයෙකු එහි තිබූ එක ලිපි ගොනුවක් රැගෙන පලා ගිය බවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී.එන්.එල්.ඉලංඟසිංහට පසුගියදා (10) කරුණු වාර්තා කරන ලදී.

 
මෙම සිද්ධියට අදාලව පොලීසිය වෙත කළ පැමිණිල්ල  නාරාහේන්පිට පොලීසිය මගින් විමර්ශනය කරන ලද අතර පසුව පොලිස්පතිිවරයාගේ නියමයෙන් එම විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබුණි.
 
අධිකරණයට කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් අනාවරණය කරන ලද්දේ සීසීටීවී දර්ශන වලට අනුව යම් කිසි පුද්ගලයකු එම කාර්යාලයට පැමිණ ලිපි ගොණු අවුස්සමින් විනාඩි දහයක පමණ කාලයක් සිට ඇති අතර අනතුරුව සුදු වෑන් රථයකින් තිඹිරිගස්යාය ප්‍රදේශයට යන ආකාරය නිරීීීීක්ෂණය වන බවය.මෙම සිද්ධිය නිසා තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇතැයි හිටපු නීතිපතිවරයා පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ෂෂන ආරම්භ කරන ලද බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් ⁣දී තිබේ.
 
ඒ අතර පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි හිටපු නීතිපති දප්පුල ද ලිවේරා කර තිබූ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහුට හෙට (19)දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
 
හිටපු නීතිපති වරයා පාස්කු බෝම්බ ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ප්‍රකාශ කරන ලද්දේ මීට අවුරුදු 4 කට පෙරය.අවුරුදු 4 ක් ගෙවී යන තුරු එම ප්‍රකාශය පිළිබඳව නිහඬව සිටි පොලීසිය හදිසියේම අවදි වී ඇත්තේ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඒ පිළිබඳව සිදු කළ විමසීමක් නිසාය.අපට මෙහිදී ප්‍රශ්ණයක් මතු වන්නේ අධිකරණ අමාත්‍යවරයාට මේ ගැන අමුතු කැසිල්ලක් ඇති වීම ගැනය.
 
ඔහුට එම කැසිල්ල මතු වී ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයට වසර 4 ක් සපුරන ලබන 21 දා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් කොළඹ කොච්චිකඩේ පල්ලියේ සිට කටුවාපිටිය පල්ලිය දක්වා  පා ගමනක් සංවිධානය කර තිබියදීය.
 
පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව නැවත මතුවෙමින් පවතින සමාජ කතිකාවත නිහඬ කරවීම සඳහා ආණ්ඩුව විවිධ උපාය උපක්‍රම මුදාහැර කුමන්ත්‍රණකාරීව ජනතාව නොමග යැවීමට පියවර ගනිමින් පවතින බව අපගේ අදහසයි.
 
 
 

 

Comments

Post a Comment

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්