උපයෝගිතා කොමිෂමෙි සභාපතිට එරෙහි විවාදයේදී මැයි 24 දින පාර්ලිමේන්තුවේ සිටීම අනිවාර්ය කොට ආන්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඉරි තුනේ නියෝගය යවලා

 


මෙරට ගම්වල ජීවත්වූ ගැමියන් සිය නිවසේ ඇති දැඩි කරන හරකුන් ගේ හංවඩු තැබුවේ තමන්ගේ අයිතිය කියා පෑමටය.හරකාගේ හංවඩුවේ වූයේ අයිතිකරුගේ නමේ අක්ෂරයක් හා ඉරි කෑලි තුතනකි.මේ ඉරි කෑලි තුන කුමක් සඳහා තබන්නක්ද යන්න මේ වන තුරු දැන සිටි කෙනෙක් නම් නැති බව ස්ථිරය.

⁣මැයි 24 දින පාර්ලිමේන්තුව රැස්වේ.එහි න්‍යාය පත්‍රයට ඇතුළත්ව ඇති විශේෂිත විෂය කාරණය වන්නේ මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායකට එරෙහිව විදුලිබල ඇමති කාංචන විජේසේකර ගෙන ඇති යෝජනාවයි.විදුලිබල ඇමතිවරයා විසින් මහජන උපයෝගිතා කොමිෂමේ සභාපතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති චෝදනා අතර ප්‍රධාන චෝදනාව වී ඇත්තේ පසුගිය උසස් පෙළ සමයේ අඛන්ඩව විදුලිය සපයන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලයට විරුද්ධව ඔහු අධිකරණය හමුවට යාමය.විදුලි බල ඇමතිවරයා විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ඔහු විසින් ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමද එම⁣ චෝදනා අතර වේ.

මහජන උපයෝගිතා කොමිෂමේ සභාපති ජනක රත්නායක පොදු ජන පෙරමුණේ ආරම්භයේදී විශාල මුල්‍ය දායකත්වයක් දැරූ මෙරට දැවැන්ත ව්‍යාපාරිකයෙකි.පොදු ජන පෙරමුන නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආ කාංචන විජේසේකර මේ වනවිට ජනපති රනිල් වික්‍රමසිංහ ගේ හෙංචයියෙක් බවට පත්ව සිටී.එබැවින් පොදු ජන පෙරමුණේ ඇතැම් ඡ්‍යෙෂ්ඨයන් ඔහු පිළිබඳව සිටින්නේ කළකිරීමකිනි.මෙම වටපිටාව තුළ පසුගියදා මහින්ද රාජපක්ෂ හමුවූ පොදු ජන පෙරමුණේ ඡ්‍යෙෂ්ඨයන් කණ්ඩායමක් කාංචන විජේසේකර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ගෙන ආ මෙම යෝජනාවට විරුද්ධව කළකිරීමෙන් කරුණු දක්වා ඇති බව වාර්තා විය.

පොදු ජන පෙරමුණ තුළ පවතින මෙම බෙදීම උණුසුම් දේශපාලන වටපිටාවක් නිර්මාණය වෙමින් පවතින බවට ඇතමුන් පවසයි.එහෙත් ආණ්ඩුව වැඩේ ගොඩ දාගන්නා බවට අපට සැකයක් නැත.විදේශගතව සිටි බැසිල් රාජපක්ෂ හදිසියේම ආපසු ලංකාවට පැමිණියේද  පවතින අර්බුදය නිරාකරණය කිරීමට බව පැහැදිලිය.

මේ වන විට පාර්ලිමේන්තුවේ සභා නායක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට "ඉරි  තුනේ නියෝගය " යවා ඇති බවද වාර්තා වේ.ඒ මෙම යෝජනාව විවාදයට ගන්නා විට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ රැඳී සිටිය යුතු බව දැක්වෙන නියෝගයයි.

අප මෙම පුවත ආරම්භයේ ලියු හරක් හංවඩුවේ ඉරි තුන හා සම්බන්ධ ලියවිල්ල  ගැන වටහාගන්නට හැකි දැන්ය.ඒ හරකුන් ගේ හංවඩුවේ ඉරි තුනක් ඇත්තේ "තොපි කොහෙ උලා කෑවත් හැන්දෑවට ගෙදර සිටිය යුතු බව" වෙන්ට ඕනෑය.



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්