අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි .මොහු කොස්ගොඩ සුජීවගේ හොරෙයින් ජාවාරමට සම්බන්ධයි
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය මෙරට ජාතික පාසැල් අතර විශිෂ්ඨ කීර්ති නාමයක් හිමි කරගෙන ඇති පාසැලකි.ෆීල්ඩ් මාර්ෂල් සරත් පොන්සේකා,හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය,හිටපු පොලිස්පති ඉන්ද්‍ර සිල්වා ,හිටපු නාවුක හමුදාපති පියල් සිල්වා,හිටපු ගුවන්හමුදාපති ජයලත් වීරක්කොඩි ආදී මෙරට සමාජ දේහය තුළ විවිධ අංශයන්හි මහා පෞරෂයක් අත් කරගෙන සිටින ආදිශිෂ්‍යයන් ගණනාවක් පිළිබඳව ධර්මාශෝක විද්‍යාලයෙන් වාර්තාවේ.
එහෙත් අද ධර්මාශෝක විද්‍යාලය වැටී ඇති අවාසනාවන්ත ඉරණම කෙතරම්ද යන්න අදහාගත නොහැකිය.මෙම කීර්තිමත් පාසැලට නියෝජ්‍ය විදුහල්පතිවරයකු පත් කරන ලද්දේ මෙරට හොරෙයින් ජාවාරම්කාරයකු වන කොස්ගොඩ සුජීවගේ මැදිහත් වීමෙනි.එසේ පත් කරන ලද එම නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙනින් කවුරුත් නොවේ.කොස්ගොඩ සුජීව නම් පාතාල ජාවාරම්කාරයාගේ බිරිඳ ගේ මවගේ සොහොයුරාය.
මෙම මදාවි ජාවරම්කාර නියෝජ්‍ය විදුහල්පති වරයා ධර්මශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වරයා ලෙස පත් කිරීමට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වන සිරිමාන්න සම්බන්ධ වූ බව බුද්ධි අංශ වාර්තා වල දැක්වේ.මේ සිරිමාන්න කළුතර දිස්ත්‍රික් පාර්ලිමෙින්තු මන්ත්‍රී වෙල්ගම ගේ හොර අඹුවගේ පුත්‍රයාය.කොස්ගොඩ සුජීවගේ හොර හෙරොයින් ජාවාරම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට දේශපාලන සම්බන්ධකම් ගොඩ නගා දෙන්නේ මේ සිරිමාන්නය.මොහු මේ වන විට කොස්ගොඩ සුජීව නම් ජාවාරම්කරු ජනපති රනිල් රාජපක්ෂගේ කාර්යාලයේ තනතුරු දරණ අධ්‍යක්ෂ ජනරාල්ලා සමග පවා සම්බන්ධ කර ඇතැයි වාර්තා වේ .
අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයට නියෝජ්‍ය විදුහල්පති වරයා ලෙසට කොස්ගොඩ සුජීව ගේ මාමා පත් කිරීමට කටයුතු කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ගේ මැදිහත්වීමෙනි.
ඒ සඳහා බ්‍රෝකර් වූයේ වෙල්ගමගේ අවජාතක පුත්‍රයා වූ බෙන්තොට සිරිමාන්නය.මෙම නියෝජ්‍ය විදුහල්පතිිවරයා මීට ඉහත කාලයකදී රහස් පොලීසිය මගින් අත් අඩංගුවට ගන්නා ලද්දේ මුදල් විශුද්ධි කරණ පනත යටතේය.එහිදී ජනමාධ්‍ය මෙම අත් අඩංගුවට පත් වීම වාර්තා කර තිබුණේ මොහු සන්තකයේ බැංකු ගිනුම් ගතව කෝටි 40 කට ආසන්න මුදලක් පවතින බවටය.එහෙත් කොස්ගොඩ සුජීව විසින් ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මුදල් තොගයක් පූජා කිරීමෙන් පසුව මොහු මුදා හරින ලදී
මේ වන විටත් කොස්ගොඩ සුජීවගේ හිමිකාරිත්වය යටතේ බලපිටිය මිගෙට්ටුවත්තේ කාමර අටක සංචාරක නිකේතනයක්ද අම්බලන්ගොඩ නගරයේ කෝටි විස්සක පමණ වටිනාකමැති ගොඩ නැගිලි දෙකක්ද කොස්ගොඩ විශාල අන්නාසි වතු යායයක්ද කෝටි දහයකට ආසන්න බහුදින යාත්‍රාද වේ.කොස්ගොඩ සුජීවගේ සොයුරිය බලපිටිය ප්‍රාදේශය සභාවේ මෛත්‍රිපාල සිරිසේන පාර්ශවය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරියකි.
ආතක් පාතක් නැතුව හිටි අපතයෙකු මෙපමණ ධනවතකු වූයේ කෙසේදැයි පොලීසියේ මුදල් විශුද්ධිකරණ අංශයට ඕනෑ නම් හොයාගන්නට පුළුවන.මේ වන විට දකුණු පලාතේ හෙරොයින් ජාවාරමේ පරම හිමිකාරිත්වය කොස්ගොඩ සුජීව සතුය.එම හොරොයින් ජාවාරම සඳහා අත් උදව් සපයන්නේ පොලීසියේ සහකාර පොලිස් අධිකාරී ලමාහේවාය.මෑතකදී පාකිස්ථානයට ගිය සුජීවගේ මෙරට සිටින හෙංචයියකු ආපසු මෙරටට පැමිණි විට කටුනායක සිට ඔහු අම්බලන්ගොඩ දක්වා කැඳවා ගෙන ආවේ සහකාර පොලිස් අධිකාරී ළමාහේවා ගේ රථයෙනි.
අද දින උදෑසන අපට වාර්තා වූයේ කොස්ගොඩ සුජීවගේ මාමා වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාතාල කණ්ඩායමක් වෙඩි තබා ඇති බවය.ඔහු එම වෙඩි පහරවල් කා දුව ගොස් තිබේ.
මෙම තැනැත්තා ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති පත් වීමට පෙර බුද්ධි තොරතුරු වාර්තා අධ්‍යාපන අමාත්‍යංශයට යොමු කර තිබුණද එම පසුබිම් වාර්තා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් නොතැකූ බවද වාර්තා වේ.
ඒ වෙල්ගමගේ බෙන්තොට අවජාතක පුත්‍රයාගේ ගජමිතුරු සම්බන්ධතාව නිසා බව පැහැදිලිය.
එබැවින් දැන් අපට හිතා ගන්නට වන්නේ මෙරට අධ්‍යාපනය පවා පාලනය කරන්නේ කොස්ගොඩ සුජීව වැනි හෙරොයින් ජාවාරම්කාරයන් බවය.
Comments
Post a Comment