රටේ ජනතාවට හිසරදයට දෙන පැනඩෝල් පෙත්ත රජයේ රෝහල් වල හිඟ වෙද්දී මන්ත්‍රීවරුන් වෛද්‍ය රක්ෂණ ආවරණය මිලියනයක් ඉහලට දා ගනී
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මෙතෙක් වසරකට ලබා දුන් රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ප්‍රතිලාභය රුපියල් මිලියනයක් දක්වා වැඩි කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වී ඇති බව වාර්තා වේ.ඒ අනුව මෙම වසරේ අගෝස්තු මාසයේ සිට මෙම ප්‍රතිලාභය මන්ත්‍රීවරුන්ට හිමි වෙනු ඇත.
පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් දැනට වසරකට රුපියල් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් හිමි වූවද
වර්තමානයේ වෛද්‍ය පහසුකම් සඳහා අය කෙරෙන ගාස්තු සහ ඖෂධ වල මිල ගණන් ඉතා
ඉහළ බැවින් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බැවින් මන්ත්‍රී රක්ෂණ ආවරණය
මිලියනය දක්වා වැඩි කළ යුතු බවට අග්‍රාමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ
සඳහන් කර තිබේ.
ඉකුත්
වසරේ (2022)අගෝස්තු මස සිට මේ වසරේ අප්‍රේල් මාසය දක්වා කාලසීමාව තුළ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ලබා ගන්නා ලද වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැය
කරන ලද මුදල් ප්‍රතිපූරණය කර ගැනීමට ඉදිරිපත් කර ඇති රක්ෂණ බිල්පත්
සංඛ්‍යාව 57 ක් වන අතර ඒ සඳහා ගෙවීමට ඇති මුදල රුපියල් 9,775,461.64 කි.
මෙහිදී
ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට හිමි මේ රක්ෂණ ආවරණය ප්‍රමාණවත් නොවන බව
ප්‍රකාශ කරමින් ජනපති අරමුදලින්ද වෛද්‍ය සහනාධාර ලබා ගෙන ඇති බවද වාර්තා
වේ.
පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් මහජන මුදලින් මේ ආකාරයෙන් වරප්‍රසාද භුක්ති විඳිමින්
සිටිද්දී අපට තංගල්ල හා තිස්සමහාරාමය මූලික රෝහල් වලින් අද වාර්තා වූයේ මේ
සති අන්තතයේ එම රෝහල් වල ශල්‍ය වෛද්‍ය ඒකක වල ප්‍රතිකාර නවතා දමා ඇති
බවය.එම රෝහල් දෙකෙහිම සේවයේ නිරත වන්නේ එක ශල්‍ය වෛද්‍යවරයෙක් පමණක් බවත්
දින පහ පුරාම රාජකාරියට වාර්තා කර සති අන්තයේ රාජකාරි කිරීම ඉතා වෙහෙසකර බව
ඔහු විසින් දකුණු පලාත් සෞඛ්‍ය ප්‍රධානීන් වෙත ලිඛිතව දන්වා ඇති බ වාර්තා
වේ.
මේ
වන විට මෙරට බොහෝ රෝහල් වල සායන පවත්වා ගෙන යාමට නොහැකි ආකාරයේ ඖෂධ හිඟයක්
පවතී.එහිදී දියවැඩියාව ,වකුගඩු ,හා හෘදයාබාධ සඳහා මාසිකව රෝගීන් වෙත
නිකුත් කරන ඖෂධ කාණ්ඩ වල බරපතල හිඟයක් ඇති බව දැන ගැන්මට තිබේ.
රනිල් රාජපක්ෂ ආණ්ඩුවට හා පොදුජන පෙරමුනේ පාර්ලිමේන්තු නියෝජනයන්ට මෙරට සෞඛ්‍ය සේවාව බිඳ වැටීම ගැන වගේ වගක් නැත.
මිනිසුන්
බල්ලන් බළළුන් ගානට මිය ගියද මුන්ට ගානක් නැත.මේ තිරිසනුන්ට සෞඛ්‍ය
සේවාවේ බිඳ වැටීම නතර කර ගැනීමට සැළසුමක් හෝ අදහසක් පවා නැති බවද අපි
දනිමු.එහෙත් රනිල් රාජපක්ෂ උන්දෑ වාහීනී වල ගොන් ආතල් කතා කියමින් හුරතල්
වෙන හැටි බලා හීන දකින ජනතාව ගැන අපට ඇත්තේ කණගාටුවකි.
මේ
වහන්තරාව අවුරුදු හතලිහක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ තක්කඩියෙකි.
රට ලෙල්ලට වැටී හොම්බ බිම ඇනී තියෙද්දී එහෙම නපුංසක වහන්තරාවක් මේ රට ගොඩ
දානවායැයි හිතන වුන්ට ඇත්තේ මොළය අමාරුවකි.එහෙම කරන්න පුළුවන් වුනා නම්
මේ නපුසංකයාගේ මාමණ්ඩිය මේ රටේ ජනපති පදවියේ සිටිද්දී එහෙම කරන්න තිබුණා
නේද යැයි අපට නම් මතක් වේ.ජීවිතයේ අවසාන භාගයේ සිටින මේ වයසක මහල්ලා නිදි
ඇඳේ දකින හීන රටේ සංවර්ධනයැයි සිතන මිනිස් භාග වලට අප කියන්නේ ඉවසුවා ඇති
කියාය.
Comments
Post a Comment