ක්‍රීඩාවක් පාලනය කළ යුත්තේ එක්කෝ ක්‍රීඩාව කළ උන්‍ ය. නැතහොත් ක්‍රීඩාව ගැන යමක් දන්නා උන් ය, එත් උපදේශක ගල් කොල්ලෙක්

 


මේ වන විට ලංකාවේ ක්‍රීඩාව භාර ඇමතිවරයා වන්නේ රොෂාන් රණසිංහය.

ඔහුගේ ජ්‍යේෂ්ඨ උපදේශක වරයා සුදත් චන්ද්‍රසේකරය.

අප දන්නා තරමින් මේ දෙන්නා වැස්සකට හෝ දුවා නොමැති ඇට බෝලවත් ගසා නොමැති දෙන්නෙකි.

ඇමතිට උපදෙස් දෙන්න ඉන්න ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ලෝක කුසලාන ගෙනා නායකයා වන අර්ජුන රණතුංගය. 

මීට අමතරව ඇමතිවරයාට නීති උපදෙස් දෙන්නේ ඔහුගේ බිරිඳය. 

මේ සියලු දෙනා එක්ව ලංකාවේ ක්‍රීඩාවත් පරිපාලනයත් බින්දුවට බස්සවා ඇත. 

පාපන්දුවට ඇමතිගේ හිතවතකු වන සිරස මගින් බිහිකළ දේශපාලන අණ්ඩපාලයකු වන ශ්‍රී රංගා පත් කරවීමට සහාය දුන්නද එමගින් දැන් පාපන්දුව ෆීෆා මගින් තහනම් කොට අවසන් ය. රංගාත් පෙර වැරැද්දකට හිරේය. පාපන්දු ක්‍රීඩකයෝ නන්නත්තාරය.

රග්බි ක්‍රීඩාවත් මව් සංගමය මගින් තහනම් කොට තිබේ.ආසියානු මට්ටමේ පස් වැනි තැනට තිබූ රග්බි පාපන්දුවත් ක්‍රීඩකයනුත් දැන් නන්නත්තාරය.

ක්‍රිකට් බේරුණේ එහි නිලධාරීන් කලින්ම නඩු ගිය නිසාය. 

ජිම්නාස්ටික් වලට දැන් ඇමතිගේ හිතවතකු වන දොලවත්ත රිංගවීමට පොරයකි.

බැඩ්මින්ටන් වලටත් හිටපු සභාපති වරයාටම නැවත එන්නට ක්‍රීඩා පනත රිවස් කරන්නට ඇමතිවරයා කටයුතු කරන්නේ ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවත් බිංදුවටම බස්සවා තිබියදීය.

වාර්තා වන විදියට දැන් ඇමතිවරයාත් පාලනය කරන්නේ ඇට බෝලවත් ගසා නොමැති උපදේශක සුදත් චන්ද්‍රසේකරය.

මේ ගණන් සුදත් පෙන්නන්නේ ජනාධිපති රනිල්ගේ නම විකුණමින් ය.

රාළාමි කෙනෙකු ලෙස පොලිසියට බැඳී පසු කලෙක පොලිස් පරීක්ෂකයකු ලෙස රනිල්ගේ සිකුරිටියේ සිටි සුදත් පොලිසියෙන් ඉවත් වූ පසු සිරිකොතේ සිටියේය. 

එතැනත් හැමෝගෙම අකැමැත්ත හේතුවෙන් සුදත් එතැනින් ඉවත් කර සිරිකොත බේරා ගැනීමට කටයුතු කළ රනිල් මොහු යළි සිරිකොත පැත්තේ ඒම වැලැක්වීමට රොෂාන් ළඟට තල්ලු කළේය. 

තම සුපුරුදු ජරා ගති අත් හැරීමට නොහැකි සුදත් රොෂාන් ළඟ ඉඳිමින් ඔහුටම අරින බව ඇමතිවරයා නොදන්නේය. 

ක්‍රිකට් විධායක සභාවේ ඇමති නියෝජිතයා ලෙස යන සුදත් ෂම්මිගෙන් ජරාව කා ඇමතිවරයාවම පාවා දෙන අතර ඒ වෙනුවෙන් ඩොලර් 14,000 ක දීමනාවක් සහිතව පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බලන්නට වීසා හදා ගත් නමුත් අවසන් මොහොතේ එහි ගොස් නැතැයි පැවසේ.

දැන් ආයෙත් අලුත් ක්‍රිකට් විධායක සභාවේ ඇමති නියෝජනය කරන්නේත් සුදත් වීම විශේෂත්වයකි.

මීට අමතරව ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ පුටුවක සිටින විජේරත්න නම් නිලධාරියා පසුගිය සාෆ් තරගාවලියේ සිදු කළ වංචා වලට සිටිය යුත්තේ හිරේ වුවත් අදටත් රොෂාන් ඇමතිවරයාගේ සෙවණේ ආරක්ෂාව ලබමින් රැකියාවේ නිරත වෙයි.

තවමත් ඉන්නේ වැඩ බලන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කෙනෙකි. 

පසුගිය සමයේ ඇමති පත්කළ විවිධ කමිටු වලට නම් කරන ලද නම් වල අවුල් රැසකි.

ක්‍රිකට් තාක්ෂණ කමිටුවට නම් කළ ෆර්වීස් මහරූෆ් එවැනි එක් උදාහරණයකි.

ක්‍රීඩා ඇමතිට උපදෙස් දෙන්නට ඉන්නේ මෙවැනි පිංගුත්තරයන් නම් ලංකාවේ සියලු ක්‍රීඩා වලට අබ සරණය. 

හෙට අනිද්දා කොරියාව බලා යන යොවුන් නෙට්බෝල් පිල එහි යන්නේ ක්‍රීඩිකාවන් විසින්ම මිළදී ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර වලින්‍ ය. අමාත්‍යාංශයේ මුදල් නැත.

ඇමතිවරයා යටතේ පවතින තරුණ සේවා සභාවේත් තත්වයත් මෙසේමය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්