ඇමති කාංචන වීදුරු ගෙදර සිට අනුන්ට ගල් ගසා ඉල්ලං කන්න හදයි
අපේ රටේ සංස්කෘතිය තුළ ඇත්තේ විවාහ මගුලකදී දෑවැද්ද දෙන්නේ මනමාළයාටය.ඒ මනමාලියගේ පාර්ශවයෙනි.ඒත් දැන් මේ රටෙි වැඩ සිද්ධවෙන්නේ එහෙම නොවේය.මුදලාලි
මාමණ්ඩියට දෑවැද්ද දී දූ සරණ පවා ගන්නට ප්ලෑන් කරන ඇමති බෑනලා ගැන අපට ආරංචි වන්නේ ඒ නිසාය.
ඇමති බෑණා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකරය.මුදලාලි මාමණ්ඩිය මැකරලන්ස් ව්‍යාපාරය අධිපති රොහාන් ද සිල්වාය.මේ මාමණ්ඩියගේ බිස්නස් එක මෙරට වෙළඳ පොළෙහි සිල්ලර හා තොග බිස්නස් එකක් නොවේ.රොහාන් සිල්වා යනු ජාත්‍යන්තර නාවුක ව්‍යාපාරය ඇතුලේ බිස්නස් කරන නැව් ගණනාවක අයිතිකරුවෙකි.මීට අවුරුදු ගනනාවකට පෙර ඒ නැව් කන්ටේනර් හා ඉන්ධන ප්‍රවාහන කටයුතු වල යොදවා තිබුණ අතර මේ වන විට එම නැව් වෙළඳ භාණ්ඩ කන්ටේනර් ප්‍රවාහනය අත හැර ඉන්ධන ප්‍රවාහනයට පමනක් යොදවා තිබේ.
රොහාන් සිල්වා රාජපක්ෂ පවුලේ සමීපතමයෙකි.ජනපති මහින්ද රාජපක්ෂගේ උපදේශකයෙක් ලෙසද මොහු කටයුතු කළ බව පැවැසේ.කොළඹ වරාය ආර්ථික කොමිෂමේ නියෝජිතයකු ලෙස රොහාන් සිල්වා පත් කරන ලද්දේ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේනය.වරාය ඇමතිවරයා ලෙස රත්තරං රෝහිත කටයුතු කරන කාලයේදී රොහාන් සිල්වා ඔහු ගේ උපදේශකයකුද විය.
රොහාන් සිල්වා ගේ දියණිය මැකරලන්ස් සමාගමේ අධ්‍යක්ෂ වරියක වේ.ඇය දියණියන් දෙදෙනෙකු ගේ මවකි.
එහෙත් මේ වන විට ඇයගේ සැමියා වන දිනේෂ් ජයවර්ධන ඇය අත් හැර ගොසිනි.දැන් ඇයට ඇහැ ගහ ගෙන සිටින්නේ කාංචනය.අපරාදේ කියන්න බැරිය.කාංචන විජේසේකර ඇමතිවරයා දරු දෙනෙක් සමග මනාළියක ගන්න එකම කොච්චර මනුස්සකමක්ද යන්න කවුරු කවුරුත් වටහා ගත යුතුය.
චීන සිනොපෙක් සමාගම ඉන්ධන පිරවුම් හල් ලබා දීමත් එම සමාගමේ දේශීය නියෝජිතයා මැකරලන්ස් සමාගම බවත් පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී විජේසිරි නොකියා කියූ විට කාංචන විජේසේකර බූමිතෙල් වැදුන ගැරඬියෙක් විදියට නලියන්නට ගත්තේය.මේ ප්‍රකාශය නිසා තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවට මර ලතෝනි දෙන්නට විය.එතැනින් නොනැවතී වරප්‍රසාද කඩ වූ බවට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට පැමිණිලි කළ බවට ඇමති කාංචන ටුවිටරයක්ද නිකුත් කෙරුවේය.ඇමති කාංචන බොග දාන්න ටොයිලට් එකට ගිය විට හයියෙන් පඩයක් ගියත් ටුවිටර මැසේජ් එකක් දාන පොරකි.
ඉන් එහාට ඒ පුවත ප්‍රචාරය කළ දෙරණ අරුණ හා යු ටියුබ ක්‍රියාකාරිකයන් දෙතුන් දෙනෙකුට එරෙහිවද චෝදනා කරමින් මේ සියලු දෙනාටම වැඩේ දෙන බව කීවේය. දැන් කාංචන ට්‍රයි කරන්නේ තමන්ගේ හෙළුව ගැන හෙළිදරව් කළ වුන් හිටුවා පස් ගහන්ටය.අපිත් ඉතින් ඒ කයිවාරුව ඉවර වෙන්නේ කොතැනින්ද යන්න බලා ගෙන සිටිමු.හැබැයි අපට ඇමති කාංචනට කියන්නට ඇත්තේ හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට බලන්නට පුළුවන් බවය.
ඒ අතරේ චීන සයිනොපැක් සමාගමද නිල නිවේදනයක් නිකුත් කරමින් මැකරලන්ස් සමාගම හා තමන්ට කිසිදු ව්‍යාපාරික සම්බන්ධතාවක් නැති බව අවධාරණය කරන ලදී.
සයිනොපැක් චීන සමාගම කියන දේ ඇත්ත වෙන්න පුළුවන.ඒත් මේ කතාවල සැඟවුන කතාව අපට දැන් දැන ගැන්මට ලැබී තිබේ. ඒ සයිනොපැක් චීන සමාගමට මේ රටේ ඉන්ධන පිරවුම් හල් දුන්නේ ඒවාට ඉන්ධන ගෙන එන විට මැකරලන්ස් සමාගමේ ඉන්ධන ප්‍රවාහන නැව් පමණක් යොදා ගන්නා බවට ඇති කර ගත් පොරොන්දුව මතය.
කාංචන විජේසේකර හිතා ගෙන ඉන්නේ මේ රටේ ඉන්නේ අමු ගොන් වස්සන් කියාය.මේකාගේ අප්පා කළ හොරොයින් ජාවාරම ගැන කවුරුත් නොදැන හිටියාට අපි දනිමු. ඒ ජඩ හොරොයින් ජාවාරමාගේ පුත්‍රයාගේ තක්කඩි ජාවාරම් අප්පා ගේ කෙරුවාවට එහාය.
ඒ නිසා මාමණ්ඩියගේ නැව් වලට තෙල් ප්‍රවාහනය බාරදී දරු දෙන්නෙක් සමග දුව කරකාර බැඳ ගන්නට හීන
දකින කාංචන ඇමතිවරයාට වීදුරු ගෙවල් වල සිට අනුන්ට ගල් ගහන්න එපා කියා කියන්නට කැමතිය.
Comments
Post a Comment