පලාත් පාලන ඡන්දය පැවැත්වීමට බල කරමින් ජන අරගලයක් දියත් කරනවා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි
මෙරට පැවැත්වීමට නියමිතව පැවති පලාත් පාලන මැතිවරණය කල් දමා ඉදිරි ජුනි මස 3 වන දිනට මාස 3ක් අවසන් වන බවත් එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවට බල කිරීම සඳහා ජාතික ජන බලවේගය ජුනි මස 8 වන දා සිට සටන අරඹන බවත් ඉන් අනතුරුව කොළඹ වටලන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පසුගිය 27 වන දා බලපිටියේදී හෙළි කරන ලදී.
එහි පළමු පියවර ලෙස පලාත් පාලන මැතිවරණයට තරඟ වදින ජාතික ජන බලවේගයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ජුනි මස 8 වනදා මැතිවරණ කොමිෂමට යාමට සැළසුම් කර ඇතැයිදී එහිදී ඔහු පැවසුවේය.
එහිදී සභාව ඇමතූ ඔහු වැඩිදුරටත් මෙසේද කීය.
ජනවාරි 5 දා ඡන්දය ප්‍රකාශයට පත් කෙරුවා.පෙබරවාරි 21 !නාමයෝජනා බාරගෙන අවසන් කෙරුවා.මාර්තු මස 9 වන දා ඡන්දය තියන්න තිබුණා.ඒත් මේ වන කොට මාස තුනක් ගත වෙන්න ආසන්නයි.ඡන්දය තිබ්බෙ නැහැ.ඡන්දය
කියන්නෙ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්.ඒ ඡන්දය ලබා ගැනීම සඳහා අපි අපේ ක්‍රියා මාර්ග සූදානම් කරල තියෙන්නෙ.
ඉදිරියේදී හම්බන්තොට උද්ඝොෂණයක් පවත්වනවා.ඉන් පසුව අනුරාධපුරයේ ඊටත් පසුව ගම්පව උද්ඝෝෂණ පැවැත්වීමට සැළසුම් කර තියෙනවා.මේ උද්ඝෝෂණ වලට පස්සෙ කොළඹ වට කරන මහා ජන අරගලයකට අපි ලෑස්තියි.
Comments
Post a Comment