මිල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහජන මුදල් ගිලිමින් ජනපති කාර්යාලයේ ආතල් ගනියි.
මෙරට විධායක ජනපති ධුරයෙන් නෙරපා හැරුණ මිල්ටෙරි නන්දසේන ගේ කාර්ය මණ්ඩලයට සම්බන්ධව සිටි බොහෝ දෙනෙකු මේ වන විට ජනපති රනිල් රාජපක්ෂගේ කාර්යාලයට අනුයුක්ත කර එහි විශේෂ ව්‍යාපෘති අංශයක සේවය කරන බව අනාවරණය වේ.මෙම විශේෂ ව්‍යාපෘති අංශයේ ප්‍රධානියා ලෙස මිල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර කටයුතු කරන බව දැන ගැන්මට තිබේ.
ජනපති කාර්යාලයේ පවත්වනු ලබන විවිධ උත්සව හා රැස්වීම් සඳහා මිල්ටෙරි නන්දසේන ඇතුළු මෙම කණ්ඩායම සහභාගි වන බවද ජනපති කාර්යාලීය තොරතුරු වාර්තා වලින් පැවැසේ.මේ වන විට මිල්ටෙරි නන්දසේන මලලසේකර මාවතේ නිල නිවසේ පදිංචිව නොසිටින බවත් මිරිහාන පදිංචි නිවසේ ජීවත්වන බවත් වාර්තා වේ.ඔහු මලලසේකර මාවතේ පදිංචි නැත්තේ ඒ වටපිටාවේ පවතින ජනාකීර්ණ නිසා බව පැවැසේ.එහෙත් මෙම නිල නිවාස දෙක සඳහා හමුදා ආරක්ෂාව යොදා ඇති අතර ඒවායේ සියළු නඩත්තු කටයුතු මහජන මුදල් වැය කෙරේ.
පසුගිය මැයි 1 වනදා මිල්ටෙරි නන්දසේනගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහනුවර දේශපාලනික රැස්වීමක් පැවැත්වූ බව ජනමාධ්‍ය වාර්තා කර තිබූ අතර අප විසින් ඒ ගැන සිදු කළ විමසීමකදී අපට දැන ගැන්මට ලැබුණේ එම රැස්වීමට වැය කර ඇත්තේ හිටපු ජනපති මිල්ටෙරි නන්දසේන ගේ වැය ශීර්ෂයෙනි.ඉන් තහවුරු වන්නේ බලයෙන් නෙරපා හරින ලද මිල්ටෙරි නන්දසේන තවමත් මහජන මුදල් කාබාසිනියා කරමින් ජොලියේ ජීවත්වන බවය.
එහිදී ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර හා හෙංචයියන්ද ජනපති රනිල් රාජපක්ෂගේ කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති ඒකකයක් අටවා ගෙන මහජන මුදලින් ආතල් ගනිමින් සිටින බව තහවුරු වේ.
Comments
Post a Comment