ඇමති චාමර සම්පත් ගොන් වස්සාට එරෙහිව තිලකා ජයසුන්දර ලේකම් තුමිය නැගී සිටියි
ජාතික ස්වරණාභරණ අධිකාරියේ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් කිසිදු මැදිහත්වීමක් නොකරන ලෙසට තමන්ට එහි අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දැනුම් දී ඇතැයි කර්මාන්ත අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර විසින් ජනපති ලේකම් සමන් ඒකනායකට පැමිණිලි කර ඇතැයි අනාවරණය වෙි.
මෙම ජාතික ස්වර්ණාභරණ අධිකාරියේ විෂය පථය පවතින්නේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ යටතේ වන අතර එහි ගණන් දීමේ බලතල ඇත්තේ අමාත්‍යංශ ලේකම්වරියට වේ.
අමාත්‍යංශ ලේකම් වරිය වන තිලකා ජයසුන්දර රාජ්‍ය ඇමතිවරයාගෙන් තමාට එල්ල වූ එම බලපෑම පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටද පැමිණිලි කර තිබේ.එහිදී කවර බලපෑමක් ඇති කෙරුවද තමන් සිය රාජකාරිමය වගකීම අත් නොහරින බවද ලේකම් වරිය මෙහිදී පවසා ඇත.
රාජ්‍ය ඇමතිවරයා සිඳු කර ඇත්තේ බරපතල වරදක් බව මෙහිදී පොදු ව්‍යාපාර කාරක සභාව නියෝජනය කළ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පවසා තිබේ.
චාමර සම්පත් දසනායක මොලෝ හසරක අධ්‍යාපනයක් නැති වාචාල ගොන් වස්සෙකි.මොහු දේශපාලනයට පැමිණීමට පෙර උඩරට මැණිකේ රාත්‍රී දුම්රියේ වඩේ විකිණූ වෙළෙන්දෙක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරන ලදී.
මෙවැනි ගොන් වස්සන් මෙරට ඇමතිවරුන් ලෙස පත් කර රට ගොඩදාන්නට හිතා ගෙන ඉන්නා රනිල් රාජපක්ෂ ගැන නම් අපට කියන්නට හෝ ලියන්නට වෙන වචන නැත.
නුමුත් වල්ගය අධෝමාර්ගයේ ගසා ගෙන තුට්ටු දෙකේ කෂඩ ඇමතිවරුන්ට පස්ස උස්සා දෙන ඡ්‍යෙෂ්ඨ අමාත්‍යංශ ලේකම් වරු ගැන නිතර අසන්නට ලැබෙන අපට කොඳු නාරටිය පණ ඇති මේ ලේකම්වරිය ගැන නම් ඇති වන්නේ මාරම මාර ආස්වාදයකි.
කමෝන් තිලකා ජයසුන්දර ලේකම් තුමියනි.කමෝන්.කමෝන්.
Comments
Post a Comment