ටිරාන් අලස්ට ඇති පාතාල තර්ජනය ගැන අපට හරිම දුකයි අනේ

 


මාධ්‍ය වල පලවී ඇති අලුත්ම හාස්‍යජනක වාර්තාව වන්නේ නීතිය හා සාමය අමාත්‍යවරයාට පාතාල තර්ජන ඇති බවය.මේ ප්‍රවෘත්තිය ඇස ගැසුන අපට අපගේ වකුගඩු ඇඹරෙන තරමට හිනා වෙන්නට පුළුවන් විය. පාතාලයන් සමග රහසිගතව ජාවාරම් කරන හා ගණුදෙනු කරන්නා වන ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිටින්නේ ටිරාන් අලස් ගේ ඔඩොක්කුවේය.ඇමතිගේ පුද්ගලික සහකාර ඉන්නේද මාරම බඩුවකි.ඒ සහකාර පොලිස් අධිකාරි  ගුණරත්නය.බද්දේගම පැත්තේ සේවය කරද්දී හොර හරක් පටවා මාට්ටු වුන පොරය.⁣⁣ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු ගේ සුවච කීකරු ගෝලයා වන ඒ ඇස්පී මහින්ද ඉන්නේ පෑලියගොඩ පොලිස් වසම බාරවය.ඒ කොස්ගොඩ සුජී ගේ කොන්ත්‍රාත් ඉෂ්ට සිද්ධ කර දෙන පොරය.ඒ.ඇස්.පී මහින්දට ගාල්ල කරාපිටිය පැත්තේ මාලිගාවක් ඉඳි කර දී ගෙදර ආරක්ෂාවට දඩෝරි බල්ලෙක්ද එවන ලද්දේ ඩුබායි වල ජීවත්වන කොස්ගොඩ සුජීය.

පසුගියදා ගාල්ල දිස්ත්‍රික්කයේ පාතාල මර්ධන මෙහෙයුමක් ක්‍රියාත්මක විය.අපරාදෙ කියන්න බැරිය.අම්බලන්ගොඩ අහුංගල්ල සීනිගම ආදී ප්‍රදේශවල මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පාතාල ක්‍රියාකාරිකයන් ගනනාවක්ද එහිදී අත් අඩංගුවට ගැණින.එහෙත් එම අත්අඩංගුවට ගැනීම් පිළිබඳ යටි බිම්ගත රහසක් තිබේ.එලෙස අත් අඩංගුවට ගත් සෑම අයෙකුම දැනට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාල ක්‍රියාකාරිකයකු වූ පොඩි ලැසී ගේ ගෝල බාලයන්ය.මෙම මෙහෙයුම පැවැති ප්‍රදේශවල ජීවත්වන කොස්ගොඩ සුජී ගේ ගෝල බාලයන් කිසිවෙකුත් අත් අඩංගුවට ගැනීමට එහිදී ක්‍රියා නොකරිනි.සිද්ධිය අපට පැහැදිලිය.කොස්ගොඩ සුජීව හා පොඩි ලැසී අතර දැන් ඇත්තේ නයි මුගටි වෛරයකි.⁣ මේ වන මොවුන් දෙදෙනාගේ කල්ලි අතර පවතින්නේ මරා ⁣ගෙන මැරෙන ගැටුමකි.කොස්ගොඩ සුජීවගේ පාතාල පදනම දැන් දෙදරමින් තිබේ.වැඩි බලයක් ඇත්තේ කොස්ගොඩ ලැසීටය.ඊයේ පෙරේදා දවසක දකුණු මුහුදු තීරයේදීී නාවුක හමුදාව අත් අඩංගුව⁣ට ගැනුන විශාල හෙරොයින් තොගය කොස්ගොඩ සුජීවගේය.දකුණු පලාත පුරා පොඩි ලැසී ගේ ගෝල බාලයන් අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ඇරඹුනේ කොස්ගොඩ සුජී ගේ මෙම හෙරොයින් තොගය කරදරයකින් බාධාවකින් තොරව  ලංකාව පුරා බෙදා හැරීම අරමුණු කරගනිමිනි.⁣මෙම හෙරොයින් තොගය බෙදා හැරීමේදී පළමු බාධාව ඇතිවන්නේ පොඩි ලැසී ගේ සගයන් ගෙන් බව කොස්ගොඩ සුජී දැනුවත්ය.තම හිතවත් පොලිස් කාරයන් යොදවා ගනිමින් විශේෂ ආරක්ෂක බලකායේ නිළධාරීන්ට පොඩි ලැසී ගේ සගයන් ගැන බුද්ධි තොරතුරු ලබා දෙමින් දකුණු පලාතේ අපරාධ මෙහෙයුම කොස්ගොඩ සුජී විසින් මෙහෙයවන ලද්දේ ඔහු විසින් මෙරටට එවන ලද එම හොරොයින් තොගය බාධාවකින් තොරව බෙදා හැරීමේ සැලසුම ඇතුවය.එහෙත් ඒ සැලසුම නාවුක හමුදාව නිසා කෙලවී ගියද පොඩි ලැසී ගේ ගෝල බාලයන් රැසක් අත් අඩංගුවට ගැනින.මෙලෙස පසුගියදා අත් අඩංගුවට තරුණයන්ගේ පැටිකිරිය පසු බිම් වාර්තා සොයා බැලුවේ නම් අප මේ ලියන ලියවිල්ලේ සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගතහැකිය.විශේෂ ආරක්ෂක බලකායේ අණදෙන නිළධාරි තුමාට ලැබෙන බුද්ධි තොරතුරු  හොදින් විමර්ෂනය කර රාජකාරි කරන ලෙසට අපි ඔහුගෙන් ඉල්ලමු.නැතිනම් ඔබ නොදැනම මේ ජාවාරම්කාරයන්ගේ බළල් අතක් වෙනු නිසැකය.

 ගාල්ල දිස්ත්‍රික්කයේ කොස්ගොඩ සුජී ගේ ගෝල බාල අපරාද කරුවන් ආරක්ෂා කරන්නේ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ලමාහේවා බව පොලිස් බුද්ධි අංශ වාර්තා කර තිබේ.සහකාර පොලිස් අධිකාරී ලමාහේවා අමුතුම මාදිලියේ ගේම් කාරයෙකි.ඔහුට විශේෂ ආරක්ෂාවක් සපයා ගැනීමට මත්ද්‍රව්‍ය නඩුවක සාක්ෂි කාරයකු කොස්ගොඩ සුජී ගේ ගෝලයන් ලවා ඝාතනය කරවූ  මිනීමරුවෙකි.පොලිස් මත් ද්‍රව්‍ය අංශයේ නිළධාරින් පිරිසක් හෙරොයින් ජාවාරමකට සම්බන්ධව  අත්අඩංගුවට නඩුවක ප්‍රධාන සාක්ෂිකරු වූ තරුණයෙකු අලුත්ගම කළුවමෝදරදී තැඹිලි කපන්නට ගොස් ඝාතනය විය.එම ඝාතන කොන්ත්‍රාතුව කොස්ගොඩ සුජීවගේ ගෝල බාලයන්ට දුන්නේ සහකාර පොලිස් අධිකාරී ලමාහේවාය.අදටත් මෙම ගෝල බාලයන් හෙරොයින් ජාවාරම සඳහා හදිසියකදී යොදා ගන්නේ මේ සහකාර පොලිස් අධිකාරී ළමාහේවාගේ සුපිරි නිල රථයයි.මේ හෙරොයින් ජාලයට බෙන්තොට ප්‍රාදේශීය දේශපාලඥයෙක්ද සම්බන්ධ බව කියවේ.මේ ප්‍රාදේශීය දේශපාලන බැට්ටා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රසිද්ධ කාමාතුර වයසක දේශපාලඥයකුගේ "හොර ෂොට්" එකකි.  

සහකාර පොලිස් අධිකාරිවරයාගේ නිල රථයෙන් බෙදා හැරෙන හොරොයින් අම්බලන්ගොඩ ධීවර වරාය ආශ්‍රිත බහුදින යාත්‍රා වල ධීවරයන්ට බෙදා හැරේ. පොලීසියට සැක කටයුතු බහුදින යාත්‍රාවල ධීවරයන් පරීක්ෂා කිරීමට කිසිවිටක ඉඩක් නොලැබේ.ඒ සහකාර පොලිස් අධිකාරී ලමාහේවාගේ මැදිහත් වීම නිසා බව කියවේ.බන්ධනාගාර සිරකරුවන් ඝාතනයට වැරදිකරුවී දැනට බන්ධනාගාර ගත කොට සිටින සහකාර ⁣බන්ධනාගාර කොමසාරිස් ලමාහේවා⁣ මේ සහකාර පොලිස් අධිකාරී ලමාහේවාගේ සහෝදරයාය.ඕනෑ නම් නීතිය හා සාමය ඇමතිවරයා තමන්ට  තිබෙන මේ පාතාල තර්ජන ගැන සහකාර පොලිස් අධිකාරී ලමාහේවා දැනුවත් කෙරුවේ නම් ප්‍රශ්ණය ආතල් එකේ ගොඩ දාගන්නටද පුළුවන.

තමන්ට පාතාල තර්ජන ඇතැයි නීතිය හා සාමය ඇමතිවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ ඔහු සමග පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සාකච්ඡාව මෙහෙයවූ නිවේදිකාව ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කළ විටය.මෙරට  නිවේදිකාවන් බලය ඇති දේශපාලඥයන් ඉදිරියේ හීනිය⁣ට හුරතල් වෙන්නට හරි කැමතිය.එවැනි හුරතලියක් ගැන දැනුවත් දේශපාලඥයන්ද තම සාකච්ඡාවේදී මෙන්න මේ ප්‍රශ්ණය ඔයා මගෙන් අහන්ටම ඕනෑ යැයි කියා තමන්ගේ වාසියට හයේ පහරක් දෙන්න පුළුවන් ප්‍රශ්ණයක් ගැන ඇය දැනුවත් කරයි.ටිරාන් අලස්ට  පාතාල තර්ජනයක් ති⁣බේද යන ප්‍රශ්ණය මතු වූයේ මේ විදියට බව අපට අමුතුවෙන් හිතන්නට ඔිනෑ නැත.සැබැවින්ම ටිරාන් අලස් තමන්ට පාතාල තර්ජනයක් ඇතැයි කියවෙන ජවනිකාවක් මුදා හැරියේ මක් නිසාද යන්න ගැන අපට සැක සංකා මතුවේ.ඒ ඉදිරියේදී පොලිස් ඇමතිකමට කෙල වෙන හන්දා තමන් වැඩ කාරයෙක් බව ජනපති රනිල් රාජපක්ෂට අඟවන්නට වෙන්ටත් ඇත.එහෙමත් නැති නම් තමන්ගේ ආරක්ෂක පෙල ගමන් රථ තවත් වැඩි කරගෙන සෝබනයක් දමන්නට වෙන්ටත් බැරි නැත.ඒ කොහොම වෙතත් ටිරාන් අලස් යනු අමුතුම ජාතියේ ඩීල් කාරයෙක් බව නම් කවුරු කවුරුත් දනී.    

ටිරාන් අලස් ගේ නීතිය හා සාමය ඇමතිකම ලබා දීමට සැලසුම් කර ඇති කොහෙළිය රඹුක්වැල්ල යුද සමයේදී සිය ආරක්ෂක මුරකාවල් දෙගුන කර ගැනීමට මෙවැනිම මගෝඩි සැලසුමක් දියත් කළ බව අපට මතකය.ඒ මහනුවර පොලිස් ස්ථානාධිපතිවරයා ගේ උපකාරයෙනි.හන්තාන නිවාස යෝජනා ක්‍රමය තුළ කෙහෙළිය රඹුක්වැල්ල පදිංචිව සිටි නිවසට  යන මාරගයේ ක්ලේමෝ බෝම්බයක් සඟවා  ඔහු එම නිවසට පැමිණෙන දවසකදී සිදු කළ මාර්ග පරීක්ෂාවකදී එය සොයා ගැනීමට මහනුවර පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අපූරු සැලසුමක් සකස් කෙරිණි.එම සැලසුම ඒ ආකාරයටම දියත් වූ අතර කෙහෙළිය රඹුක්වැල්ල ගේ ආරක්ෂක මුරයද දෙගුණ තෙගුණ කරන්නට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගන්නා ලදී.ටිරාන් අලස්ට දැන් මතුවී ඇති පාතාල තර්ජන ප්‍රවෘත්තියද කෙහෙළිය රඹුක්වැල්ල ගේ නාටකයේ නවතම ප්‍රදර්ශනය ලෙස ගත හැකිය. දැන් මුළු රටම හිතන්නේ ටිරාන් අලස් පාතාල තර්ජන ඇති මාරම සයිස් එකේ බඩුවක් විදියටය.ගහ දන්නා අපට කොලය ගැන අමුතුවෙන් විස්තර කතන්දර  ඕනෑ නැති බව නම් කිව යුතුමය.මේවා ගැන අපට කියන්නට ඇත්තේ ඕවා ටිරාන් අලස් ගේ සිඟිති ආතල් කියාය. 



Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

ඇත්තටම ඌ අපේ එකෙක්