තුන්මුල්ලේ විමලේට එරෙහිව වරෙන්තු නිකුත් කෙරේ


 

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (19)දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කරන ලදී.


2016 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු මෙරට සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුන්මුල්ල පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමෙන් මහජන පීඩාවක් සිඳු කරන ලද බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අධිකරණය ඉදිරියේ පවරා ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහු ⁣අධිකරණයේ පෙනී නොසිටීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කරන ලදී

මෙම නඩුව නැවත සැප්තැම්බර් මස 11 වන දින  නැවත කැඳවීමට නියමිතය.

Comments

Popular posts from this blog

සජිත් ප්‍රේමදාස හතර අතේ ණය වෙලා

වැඩෙි අන්තිම කැතයි ලැජ්ජයි නින්දිතයි ජනාධිපතිතුමා

කැපී පෙනෙන්න සුලෝහිත සංග්‍රාමයට ගිය සාගල කිච වී ආපහු ගිහින්